එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.
අද (18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව විජයදාස මහතා සඳහන් කළේය.
ඉකුත් ඔක්තෝබර් 26 වැනි දින මෛත්‍රි-මහින්ද සුසංයෝගයෙන් නිර්මාණය කළ නීති විරෝධී දින 52 ආණ්ඩුවට සහාය ලබ දීම සදහාද විජයදාස රාජපක්ෂ මහතා එක්ව තිබිණ.










