• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර සල්ලි ලැබෙද්දීත් ඇමැතිවරු පඩිය දෙන්න බෑ කියන්නේ ඇයි?

September 1, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
මෙච්චර සල්ලි ලැබෙද්දීත් ඇමැතිවරු පඩිය දෙන්න බෑ කියන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

කන්න බොන්න විදියක් තියෙනවද?
ගෙවල් කුලිය කීයද?
ටෙලිෆෝන් බිල් කොච්චරද?
150,000ක් තෙල් බිල…

රටේ ඉන්න මැති ඇමතිවරු තමන්ගේ පඩිය පරිත්‍යාග කළා කියලා අපිට ගොඩක් තැන්වල අහන්න දකින්න හම්බවෙනවා. මේ කොවිඩ් වෙලාවේ එහෙම පරිත්‍යාග කරපු හුඟදෙනෙක්ගේ පඩියෙන් සියයට සියයක්ම ඒගොල්ලෝ ආපහු දීලා. සමහරු සියයට හැත්තෑවක්, සියයට අසූවක්, සියයට හැට හැත්තෑවම දීපු අය තමයි ගොඩක් ඉන්නේ. ඊට අමතරව එකම එක ඇමැති කෙනෙක් විතරක් ලෝන් එකකට කැපෙනවා කියලා කියනවා. එහෙම සම්පූර්ණ පඩියම ලෝන් එකකට කැපෙන විදියට සම්පූර්ණ වැටුපට ගැළපෙන ලෝන් දෙන බැංකුව මොකක්ද කියලා අපි එතුමගෙන් අහගන්න බලාපොරොත්තු වෙනවා පස්සේ. ඒකට හේතුව ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව නම් වැටුපෙන් එක්තරා කොටසක් පමණක් කැපීයන විදිහට විතරයි ණය ගෙවන්නේ.

ඒ කියන්නේ මුළු වැටුපම සියයට සීයක් ණයකට කැපෙන විදියට, ණයකට හිලව් වෙන විදියට බැංකුවක් අපි දන්නා තරමින් ගෙවන්නේ නෑ. ඒ නිසා ඒ ණය ගෙවිල්ල ගැන අපි පස්සේ කතාකරමු. ඒ ණය ගෙවිල්ල ගැන කතාකරන්න කලින් අපට කතාකරන්න තියෙනවා මේ රටේ ඉන්න උතුම්, ගුණගරුක, යහපත්, සත්ගුණවත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරු තමන්ට හම්බවෙන සොච්චම් මුදල අතේ පිච්චියක් ඉතුරු කරගන්නේ නැතුව අපේ රට වෙනුවෙන් පරිත්‍යාග කරපු බෝසත් ගුණාංගය ගැන. ඇත්තටම මෙහෙම රටක ඉපදෙන්න ලැබීම කොච්චර වාසනාවක්ද කියලා මේ මොහොතේ අපිට හිතෙනවා. ඒ වගේම ඒ ඇමැතිවරුන්ගේ රත්තරන් මූණු ටික මතක් වෙද්දි මයිල් කෙළින් වෙනවා.

ඒ තරම් ආදරයක් ගෞරවයක් ඇතිවෙන්නේ. ඇයි දෙයියනේ මේ වගේ මහා විපත්තිකර වෙලාවක කන්න බොන්න දෙයක් ගෙවල්වල නැති වෙලාවක, ගෙවල්වලට කොටුවෙලා ඉන්න වෙලාවක තමන්ගෙ සන්තකයේ තිබිච්ච සියලු දේපල, ධන ධාන්‍ය මහජනතාව වෙනුවෙන් කැපකරපු ඒ උතුම් මැති ඇමතිවරු තමන්ට හම්බවෙන වැටුප 100%ක්ම මේ රටට පරිත්‍යාග කරනවා නම් අපිට මොනවා දෙන්න බැරිද කියලා අපිට හිතෙනවා. උතුම් ගුණගරුක මහත්වරුන්ගේ මඟ යමින් තමන්ගේ ශරීර අවයව පවා ඒ මැති ඇමතිවරුන්ට දන්දෙන සමහර අය මේ රටේ ඉන්න බව දන්න නිසාත් ඔබටත් මටත් පුළුවන් ඒගොල්ලන්ගේ ගුණයහපත්කම සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න. ඔබතුමන්ලා ඉපදෙන ආත්මයක මේ රටේ නෙවෙයි දිව්‍ය ලෝකයකම ඉපදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ තරම් ඔය පුණ්‍ය මහිමය වැදගත් නිසා. හැබැයි පොඩි ප්‍රශ්නයක් අපිට ඉතුරු වුණා.

දැන් මේක මේ අපි නොදන්නකමට කියන දෙයක්. නැත්නම් මේ රටේ ඉන්න හුදීජනයා නොදන්නාකමට කියන දෙයක් කියලා ඔය මැති ඇමැති මහත්වරු අපිට සමාව දෙන්න ඕනේ. මේවා මේ සමාජ ජාලවල, අනං මනං තැන් තැන්වල ප්‍රචාරය වන දේවල්. ඇත්තටම මේ මැති ඇමතිවරුන්ට තියෙන්නෙ පඩිය විතරක්ය කියලා ඒගොල්ලො කිව්වට මේ එක එක නැහැදිච්ච එවුන් මෙන්න මේ විදිහේ පෝස්ට් හදලා තියෙනවා සමාජ ජාලවල.

“ඔය ලොකු මහත්වරුන්ට මාසික කුලිය විදියට, ඒ කියන්නේ මේ නිවෙසේ කුලිය විදියට තමන්ට ලක්ෂ දහයකට අධික මුදලක් මාසෙකට ගෙවන්න වටිනා ප්‍රමාණයේ නිල නිවසක් හම්බවෙලා තියෙනවා.

ඒ නිල නිවෙසට විදුල බිලක්, ඒ වගේම ජල බිලක් කිසිම ගෙවීමක් ඔය මහත්වරුන්ට කරන්න වෙන්නේ නෑ” කියලයි නැහැදිච්ච එවුන් කියන්නේ.

තමන්ට හම්බවෙන ඒ සියල්ලම ආණ්ඩුවෙන් ගෙවනවලු” කියලා කියනවා. අපි දන්නේ නෑ. සමහර විට මේවා කඩප්පුලිකමට හදපු කතන්දර වෙන්න පුළුවන්. ඒ වගේම “ලක්ෂ දහයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් මේ අයට තියෙනවා”ය කියලා කියනවා. දැන් ඔය ලක්ෂ දහයක් වටිනා වෛද්‍ය රක්ෂණයක් තියෙනවා කියලා කියන්නේ එහෙම කෙනකුට නම් ඉතිං බෙහෙතකට හේතකට මිලක් මුදලක් වැයවෙන්නෙත් නෑ. ලෙඩක් දුකක් හැදුනොත් ඉස්පිරිතාලෙකට ගිහිල්ලා නතර වුණා කියලා බිල් ගෙවන්න වෙන්නෙත් නැහැ. අපිට වගේ ඇඳන් යටයි, පුටු යටයි, ගස් යටයි බෙහෙත් ඩිංගක් හම්බවෙනකන් ජීවිතය යදිමින් බලාඉන්න වෙන්නෙත් නැහැ.

“වාහන දෙකක් හම්බ වෙනවලු”, “රියැදුරු දෙන්නෙකුත් හම්බ වෙනවලු”. රුපියල් එක්ලක්ෂ පනස්දාහක විතර ඉන්ධන දීමනාවක් හම්බ වෙනවා කියලත් සමහරු නම් කියල තියෙනවා. රුපියල් එක්ලක්ෂ පනස්දාහක ඉන්ධන දීමනාවක් කියලා කියන්නේ නම් ටිකක් ලොකු ගානක්. ඇත්තටම කියනවා නම් තෙල් ගහලා වාහනවල ගිහිල්ලා නෙමෙයි. තෙල් බිව්වත් එක්ලක්ෂ පනස්දාහක තෙල් ඉවර කරන්න අපිට බෑ කියලයි අපිට හිතෙන්නේ. හැබැයි ඉතින් ඔය අපිට හිතෙන හැටි. රට වෙනුවෙන් වැඩකරන මහත්වරුන්ට එක්ලක්ෂ පනස්දාහ සමහර විට මදිත් ඇති. කාට සංග්‍රහ කළත් සංග්‍රහ දීමනාවක් මේගොල්ලන්ට රටෙන් හම්බවෙනවා. ipad එකකුත් හම්බ වෙනවා. ඉල්ලන ඕනම වර්ගයක ජංගම දුරකතනයකුත් ගන්න පුළුවන්.

ඒ කියන්නේ හදිස්සියේ මොබයිල් ෆෝන් එක ප්‍රශ්නයක් වුණා කියලා ප්‍රශ්නෙකුත් නෑ. ඒ වගේම ඉතින් කුඩේකුත් ගන්න පුළුවන්නේ. ආ… කුඩයක් ගන්න ඕනේ කියන එක නම් මහ ලොකු දෙයක් නෙවෙයි. මට මේ හදිසියේ මතක් වෙච්ච හින්දා කිව්වේ. කුඩයකුයි, ටෝච් එකකුයි එක ඇමැතිතුමියක් ඉල්ලලා තිබුණේ. ඒ කියන්නේ කුඩය, ටෝච් එක පවා රජයෙන් තමයි මේ මහත්වරුන්ට හම්බවෙන්නේ.

ඔය රජයේ මැති ඇමතිවරුන්ට කාර්යමණ්ඩලයක් ඉන්නවනේ. ඒකට පහළොස් දෙනෙක් විතර නම් කරන්න පුළුවන්. ඉතින් ඔය පහළොස්දෙනා විදියට ගෙදර ඉන්න සියලුම පවුලේ උදවිය නම්කරන එක අපේ රටේ මැති ඇමතිවරුන්ගේ සිරිතක් කියලා ඔය වගේ දේවල්වලට කඩප්පුලි කතා කියන එවුන් කියනවා. මේ අපි කියනවා නෙමෙයි. එහෙම නම් කරන්නේ නැහැ කියලා අපි හිතන්නේ. එහෙම නම්කළා නම්, ඔය පහළොවක් විතර නම්කළාට පස්සෙ ගෙදර ඉන්න ඔක්කෝටමත් වෙන වෙනම පඩියක් හම්බවෙනවා. ඒගොල්ලන්ටත් පස්දෙනකුට කාර්යමණ්ඩලය විදියට වාහන ලැබෙනවා රජයෙන්. ඒ වගේම රුපියල් තිස්දහසක විතර වාහනවලට තෙල් දීමනාවක් ඒ ගොල්ලන්ටත් හම්බවෙනවා. ඒ කියන්නේ අර කාර්යමණ්ඩලයේ අයට. ඇමතිවරයෙක්ගේ මෙම දුරකතන බිල රුපියල් හත්දහස් පන්සියයක් විතර රජයෙන් ගෙවලා දානවා. රුපියල් හත්දහස් පන්සියයක් කියන්නේ මොන සොච්චමක්ද, රටේ මැති ඇමතිවරුන් මේ රට වෙනුවෙන් කරන සේවයට. කොච්චර දුරකතන ඇමතුම් ගන්නවා ඇත්ද? සාමාන්‍යයෙන් රුපියල් හත්දහස් පන්සියයක විතර දුරකතන බිලක් ගෙව්වට ලංකාවේ දුරකතන ජාල තියෙනවා සියලු දුරකතන ඇමතුම් නොමිලේ ලැබෙන විදිහට රුපියල් තුන්දාහක, තුන්දහස් පන්සියයක විතර මිලකට දුරකතන පවත්වාගෙන යන්න පුළුවන්. අන්තර්ජාල පහසුකමනුත් අන්ලිමිටඩ් විදියට අරගන්න පුළුවන් ඉතින්.
එහෙම තියනකොට රුපියල් හත්දහස් පන්සියයක් ගෙවන්නේ ඇයි කියලා තේරෙන්නේ නැහැ. ඇමැති ආරක්ෂකයෝ අටදෙනකුට, ඒ වගේම ඔවුන්ට ගමන් කරන්න වාහනයක්, ඔවුන්ට මිල මුදල් සියල්ල හම්බ වෙනවා. ආරක්ෂාව සඳහා ගිනි අවියකුත් හම්බ වෙනවා. ඒ නිසා මේ කතා ඇත්ත නම් මේ ඇමැතිවරු තමන්ට හම්බවෙන රුපියල් පනස්දාහ, හැටදාහ වගේ සොච්චම් මුදල රජයට පරිත්‍යාග කරනවා කියන්නේ විහිළුවක්.

හැබැයි ඉතින් අපි ඕවා විශ්වාස කරන්නේ නෑ. අපි හිතන්නේ මේ රටේ මැති ඇමැතිවරු රට වෙනුවෙන් පුදුම ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක්, ප්‍රේමයක් තියෙන අය කියලා. එහෙම ආදරයක්, ප්‍රේමයක්, සෙනෙහසක් තියෙන කට්ටිය තමන්ගේ පඩියෙන් 70%ක් රජයට පරිත්‍යාග කරලා ඒකෙන් ලියුමක් ගහනවා මේ රටේ ඉන්න කම්කරුවාගෙන් පවා සල්ලි කපාගන්න කියලා. ඕං ඔය කාරණාවට නම් අපේ හිත රිදුණා. මොකද අපි හොයාගන්න හරි සොච්චමක්. රුපියල් තිස් හතළිස් දාහක් හොයාගෙන මේ දවස්වල කොස්, පොළොස්, අඹ ගෙඩියක්වත් ගහක නැති කාලෙක ජීවිතේ අන්තිම අමාරුවෙන් ගැටගහගන්න මිනිස්සුන්ගෙන් ඒ සල්ලි ටිකත් අරගෙන රටේ රාජ්‍ය කරන උදවිය මේ රට සුඛිත මුදිත කරලා සුරංගනා ලෝකයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙන එක ගැන අපිට කනගාටුයි. හැබැයි ඉතින් මේ කොවිඩ් සමයේ කාටත් අමාරුකම්, අපහසුතා තියෙනවා. ඒක රජයේ බලධාරීන්ට කියලා විතරක් වෙනසක් නෑ. අපේ පුංචි මිනිහට වගේම මහා රාජ්‍යයටත් මේක බලපානවා. එහෙම වුණත් කොහොම වෙතත් අපේ රටේ මැති ඇමතිවරු තමන්ගෙ පඩියෙන් විශාල මුදලක් මේ රටට පරිත්‍යාග කරනවා කියන එක නම් ප්‍රීති ප්‍රමෝදයට පත්කරපු දෙයක්. විපක්ෂය මේ වෙලාවේ කියනවා ඒගොල්ලන්ගෙ පඩියත් දෙනවා. හැබැයි ඒක වෙන ක්‍රමයකට කියලා. ආණ්ඩු පක්ෂයත් ඒගොල්ලන්ගෙ පඩිය දෙනවා.

ඉතින් කොහොම නමුත් ආදරණීය මහජනතාවෙනි, ඔබේ ගෙවල් ළඟ ඉන්නවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක් ටිකක් ඔහුගේ දුක සැප හොයලා බලන්න. ඔවුන්ගේ ගෙදර කන්නේ බොන්නේ කොහොමද කියලා හොයලා බලන්න. පුළුවන් නම් අල, බතල, මඤ්ඤොක්කා ටිකක් ගිහිල්ලා දෙන්න. මොකද මේ වෙලාවේ ඒ මිනිස්සු තමන්ගෙ මුළු පඩියම රට වෙනුවෙන් පරිත්‍යාග කරලා ඉන්න වීරවරු. සමහර වෙලාවට ඒගොල්ලන්ට කන්න බොන්න විදියක් නැතුව ඇති. සමහර වෙලාවට ඒගොල්ලන්ට බෙහෙතක් හේතක් ගන්න විදියක් නැතුව ඇති. දරුවෙක්ගේ මල්ලෙක්ගේ අවශ්‍යතාවක් ඉෂ්ඨ කරගන්න බැරුව ඇති. එහෙම වෙලාවකට ගමේ සාමාන්‍ය ජනතාව විදියට අපි මේ රටේ ඉන්න මැති ඇමතිවරුන්ට උදව් කරමු. ඒගොල්ලො ඒගොල්ලන්ගෙ මුළු පඩියම අපි වෙනුවෙන් පූජා කරපු උතුම් සත්ගුණවත් අය නිසා. ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ශාන්තිය උදාකර ගන්නට මේ පුණ්‍යකර්මය හේතු වාසනා වේවායි කියලා අපි මේ කොවිඩ් සමයේ රට වැසියෝ විදියට ප්‍රාර්ථනා කරනවා සියලු මැති ඇමති මහත්වරුන්ට.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පළමු වරට ප්‍රයිම් සමූහය ඇදහිය නොහැකි දේපළ ආයෝජන සැලැස්මක් හඳුන්වා දෙයි

Next Post

මන්ත්‍රීවරු 225න් 27ක් දැනට ‘පොසිටිව්’

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.