මේ වනවිට කොරෝනා රෝගයෙන් මිය ගොස් සිටින සියලු ආගම්වලට අයත් ජනතාව සහ ආසාදිතව සිටින පිරිස් සිහිකර විශේෂ ප්‍රාර්ථනා පූජාවක් පැවැත්වීමට සමගි ජන බලවේගය සැලසුම් කොට ඇත.
ඒ අනුව ලබන සිකුරාදා (03) දින සවස 6.06ට සෑම නිවෙසකම පහනක් දල්වා විශේෂ ප්‍රාර්ථනාවක් සිදු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද මාධ්‍ය හමුවක් පවත්වා ඉල්ලා සිටියේය.
මෙහිදී විශේ්ෂ ගීතයක් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා කීය.










