• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අත ළඟ එන්නේ පොලු පහක යුගයක්! චම්පික කරන අනතුරු ඇඟවීම මෙන්න! (VIDEO)

August 31, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
අත ළඟ එන්නේ පොලු පහක යුගයක්! චම්පික කරන අනතුරු ඇඟවීම මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුවට මොළයක් මෙන්ම හදවතක් ද නැති බව දැන් සනාථ වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එළඹෙමින් තිබෙන්නේ හාල් පොල්ල , බේත් පොල්ල , පරිප්පු පොල්ල , සීනි පොල්ල සහ පොලිස් පොල්ල රජකරන පොලු පහක යුගයක් බව ද හෙතෙම අවධාරණය කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී 2019 ඔක්තෝබර් මාසයේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විස්සක මිල සහ මේ වසරේ අගෝස්තු මාසය වන විට එම ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වල වැඩිවීම ගෙන හැර දක්වමින් අදහස් දැක්වූ රණවක මහතා මෙසේ කීය.

“උදාහරණයක් හැටියට සම්බා සහල් කිලෝවක් 2019 ඔක්තෝම්බර් මාසේ රු. 88යි තිබුණේ. දැන් රු.150යි. ඒ වගේම නාඩු කිලෝවක් රු.94 යි තිබුණේ දැන් 110 යි ,120 යි. ඒ වගේම සුදු කැකුළු තිබුණේ රු.88යි. 2019 ඔක්තෝම්බර් මාසේ දැන් 105යි. රතු කැකුළු රුපියල් 85යි. දැන් රුපියල් 100යි. ඒ තමයි අපේ අත්‍යාවශ්‍යම මූලිකම ආහාරයේ වෙනස්වීම. ඊළඟට සීනි. සීනි තමයි ලොකුම මංකොල්ලය. 2019 ඔක්තෝම්බර් මාසේ රුපියල් 100ට තිබිච්ච සීනි කිලෝවක් අද 2021 අගෝස්තු මාසේ රුපියල් 2010ට, 220ට ගිහින් තියෙනවා.

”පොල්, පරිප්පු, අර්තාපල් මෙන්ම මේ වසර දෙකක කාල සීමාව තුළ මාළු සහ එළවළු ආදී සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පැසක මිල සීයට සීයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ජීවන බර තවදුරටත් දරාගන්න බැරි තත්ත්වයට ජනතාව පත්ව ඇති බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජීවන බර දරාගත නොහැකි ලෙස මෙලෙස ඉහළ යාමට හේතු 05 ක් ඇති බව පෙන්වා දෙන රණවක මහතා ඉවක් බවක් නැතිව මුදල් මුද්‍රණය කිරීම පළමුවැන්න ලෙස ප්‍රකාශ කළේය.

“මේ රට මේ කෙටි කාලය ඇතුළත රුපියල් බිලියන එක්දාස් දෙසිය පහලවක සල්ලි අච්චු ගහපු බවට සාක්කි සාධක දැනට මහ බැංකුව සතුව තියෙන භාණ්ඩාගාර බිල්පත්වල තියෙනවා.”“සල්ලි අච්චු ගගහා අච්චු ගගහා ආණ්ඩුව පාරවල් වල ගල් අල්ලනවා, කාපට් කරනවා. වැව් තාවුලු වල ජොගිං පාත් හදනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද මුළු රටේම වන්දි ගෙවන්න වෙලා තියෙනවා බඩුමිල ඉහළ යෑම තුළ.”

දෙවැනි කාරණය ලෙස රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් ඇතිව තිබෙන ඩොලර් හිඟයයි.

“අද ඉතුරු වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩු කාලේ 2019 අපේ එවකට හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා බුද්ධිමත්ව කල්පනා කරලා ඉතුරු කරපු ඩොලර් බිලියන 7.2 විතරයි”සම්පූර්ණයෙන්ම විදේශ රටවලින් කෙරෙන ආහාර ආනයනය අද නතර වී ඇති බවත් ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අපහසු වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පොහොර සහ රසායන ද්‍රව්‍ය ආනයනය නොකිරීම නිසා ඇතිවී තිබෙන අර්බුදය ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් පවතින තෙවැනි හේතුව ලෙස පෙන්වා දෙන රණවක මන්ත්‍රීවරයා:

“මැයි මාසේ හය වෙනිදා ඉඳන් පොහොර ගෙන්වීම තහනම් කළා. ඇයි? මේකත් මේ රටේ ජනතාව දැනගන්ඩ ඕනේ. මේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉතාම වංචනික විදිහට ගනුදෙනුවක් කළා. ඒ ගනුදෙනුවට අවශ්‍ය කරන අරමුදල් පිරිපහදු කිරීම සඳහා රටේ තිබිච්ච ඉතාම සීමාසහිත ඩොලර් ප්‍රමාණයෙන් ඩොලර් මිලියන පන්සීයක් ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබා දුන්නා. තමන්ම දෙදාස් දහතුනේ, දොළහේ කරපු මහා වංචාවට අවශ්‍ය කරන ඒ පියවර ගැනීම සඳහා ඒ වංචාව සාධාරණීකරණය කර ගැනීම සඳහා. ඒ නිසා පොහොර ගෙන්න සල්ලි නැති වුණා.

”ජීවන වියදම ඉහළ යාම සම්බන්ධ සිව්වැනි හේතුව ලෙස වැරදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පෙන්වා දිය හැකි බව චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පවසයි.2020 වසරේ දී ධනපතියන් වෙනුවෙන් දැවැන්ත බදු සහන ලබා දීමෙන් බිලියන 523 ක ආදායමක් අහිමි කරගත් ආණ්ඩුව මුදල් මුද්‍රණය කිරීම යන “නව ආකාරයේ බද්දක්” ක්‍රියාත්මක කර තිබේ. රටේ වැදගත් ව්‍යාපෘති අහෝසි කොට ආණ්ඩුව විසින් ජාවාරම්කාර ව්‍යාපෘති ආරම්භ කර තිබේ.උදාහරණයක් වශයෙන් කඩුවෙල සිට කොළඹ දක්වා සැහැල්ලු දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක වූවා නම් මේ වසරේ ඩොලර් මිලියන 600 ක් රටට පැමිණීමට නියමිතව තිබුණු බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා; එම ණය මුදල ආපසු ගෙවීම සිදුවන්නේ වසර පහළවකින් 0.1% ක පොළියක් යටතේ බව ද අනාවරණය කළේය. “ඒ වෙනුවට 23% පොලියට දීලා තියෙනවා හතර ගුණයක් වැඩියෙන් වැය කරලා පාරක් හදන්න කියලා ඒ පාරේ වැඩ නම් තාම පටන් අරන් නෑ.

ජීවන බර ඉහළ යාමට හේතු වූ පස්වෙනි කරුණ හැටියට පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ මහ ජනතාවගේ ආදායම් අහිමි කිරීම ය.යහපාලන රජය මගින් රජයේ සේවකයා වෙත ලබාදුන් වැටුප් වර්ධකය 2020 ජනවාරි මාසයේ සිට නතර කළ වත්මන ආණ්ඩුව ගුරු විදුහල්පති ඇතුළු පරිපාලන සේවාවන් හි වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා 2020 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ රනුක්ගේ කොමිසමේ වාර්තා ඉවත් කරගෙන තිබේ.

“ඒ වගේම ලක්ෂ 40කට අධික පිරිසක් සේවාවලින්, රැකියාවලින්, ස්වයං රැකියාවලින් ඉවතට ඇදලා දැමුනා මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා. ජනතාවගේ ආදායම් අහිමි වුණා. මේ වෙනකොට සෑම කෙනෙක්ගෙම ආදායමෙන් 50% ක් පමණ එහි තියෙන වටිනාකම, එයට තියෙන මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා මේ කාලේ. මේක අපි කියනවා ලබන දෙසැම්බරය වෙනකොට මීටත් වඩා දරුණු අර්බුදයක් බවට පරිවර්තනය වෙන්න නියමිතයි.”

ඉහත කී කරුණු පහ හේතුවෙන් අද රටේ ජනතාව බඩගින්නේ සිටින, දරුවන්ට කිරිපිටි, වැඩිහිටියන්ට ආහාර සහ ඖෂධ ලබා ගත නොහැකි ඖෂධ හා ආහාර හිඟයක්, පෝලිම් යුගයක් සමග සෞභාග්‍යයේ මග නමින් රට ඇද දමා තිබෙන බව ද රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.“මේකට විසඳුම තමයි, අර වසංගතය කළමනාකරණය කරන්න, විද්‍යාඥයන්ට ඉඩ දෙනවා වගේ, විධිමත් ආර්ථික කළමනාකරණයක් කරලා පළපුරුද්ද තියෙන, ඒ වගේම ඒ පිළිබඳ විද්‍යාත්මකව කල්පනා කරන්න, දූෂිත නොවී මේ රටට ආදරය කරන පිරිසකට මේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම භාර දීම කියන එකත් මේ අවස්ථාවේදී අපි අවධාරණය කරනවා.”

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාව තුළින් ඔසප් දරිද්‍රතාව තුරන් කිරීම උදෙසා Fems වෙතින් තවත් පියවරක්

Next Post

රට වැහුවත් කුඩු නම් එනවා! අදත් කෝටි 232ක කුඩු අල්ලයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.