ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අද (30) රැස්වන කැබිනට් මණ්ඩලයේදි තීරණයක් ගැනිමට නියමිතව තිබේ .
අමාත්‍ය අනුකමිටුවේ සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ සුබවාදී තීරණයක් අද දිනයේ ලබාදෙනු ඇති බවය.
මේ අතර, ලංකා ගුරුසංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේ, සුබෝධනී කමිටුවේ නිර්දේශ පදනම් කරගත් යෝජනාවක් තම වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබාදිය යුතු බවය.
එසේ නොවන්නේ නම්, සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය.
අද දිනට ගුරු විදුහල්පති වැඩවර්ජනයට දින 50ක් සපිරේ.










