පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවි කිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර හෙට සිට ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
රටේ සීනි මිල ඉහළයාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පත්ව ඇති අසීරුතාවෙන් මුදවාගැනීමට මෙම පියවර ගත් බව දුරකතනය ඔස්සේ අදහස් දක්වමින් වක්කුඹුර මහතා පැවසුවේය.
සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි, ලංකා සීනි සමාගම විසින් බෙදා හරිනු ලබයි.
රටපුරා ඇති සියලුම සමූපකාර වෙළඳසැල් සහ සතොස අලෙවිසල්වලින් රුපියල් 130ට සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වනවිට සීනි වෙළෙපොළේ විකිණෙනු ලබන්නේ රුපියල් 220ක් වැනි ඉහළ මිලකටය.










