ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ලබා දෙන ”ටොසිලිසුමාබ්” නැමති එන්නත අද දිනයේ ලංකාවට ගෙන්වන බව ප්‍රකාශ කළද එය ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඒ, එම එන්නත් ලබාදීම සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුකොට ගෙනය.
තම රටට ද හදිසි භාවිතය සදහා එම එන්නත් අවශ්‍ය විය හැකි බැවින් කිසිඳු එන්නතක් රටින් බැහැර කිරීම වැලැක්වීමට සිංගප්පූරු රජය තීරණය කර තිබීම ඊට හේතුව බව පැවසේ.
ඊයේ දිනයේදී එන්නත් 100ක්, ලබන අගහරුවාදා තවත් එන්නත් 100ක් හා සැප්තැම්බර් මුල් සතියේදී තවත් එන්නත් 600 ක් මෙරටට රැගෙන ඒමට කලින් සැලසුම් කර තිබිණ.










