මේ වන විට කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී සිටින ඇමති බන්දුල ගුණවර්ධන මහතා, ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කාර්ය සාධක බළකා හමුවට සහභාගී වී තිබීම හේතුවෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ස්වයං නිරෝධායනයට යොමුව ඇති බව ඩේලිමිරර් පුවත්පත අනාවරණය කරයි.
මෙම හමුව සදහා, ජනාධිපතිවරයාට අමතරව, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යුදහමුදාපතිවරයා ඇතුළු තවත් මැති ඇමතිවරු රැසක් සහභාගී වී තිබේ.
කාර්ය සාධක බලකාය රැස්වීමට පෙර, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, ඩලස් අලහප්පෙරුම සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන අය සමග තේ පානය කර ඇති බව පැවසේ.
එම අවස්ථාවේදී ඇමති ඩලස් අලහප්පෙරුම සහ ලලිත් වීරතුංග, තේ කෝප්පයක් පානය කිරීම සදහා ඔවුන්ගේ මුව ආවරණ ගලවා ඇති අතර, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය පමණක් මුව ආවරණය පැළද සිට ඇති බව පැවසේ.
එමෙන්ම කොරෝනා මර්දන කාර්ය සාධක බලකා හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන අසුන්ගෙන සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු සමග බවද වාර්තා වේ.










