කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබු හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
තමන් කොරෝනා වෛරසය ආසාධිත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාටම ස්තූතිවන්ත වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.
තවත් සති දෙකක පමණ කාලයක් නිවසට වී විවේක ගැනීමෙන් අනතුරුව තම රාජකාරී කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද අජිත් රෝහණ වැඩිදුරටත් සදහන් කර ඇත.










