• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිර්භීත විප්ලවකාරයෙක්! මංගල ගැන විපක්ෂනායක සජිත්‌ගේ මතකය!

August 24, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
නිර්භීත විප්ලවකාරයෙක්! මංගල ගැන විපක්ෂනායක සජිත්‌ගේ මතකය!
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කොට තිබේ.

එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ බිහිවූ විප්ලවීය දේශපාලන චරිතයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි හිටපු අමාත්‍ය, අප හිතාදර මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව වූ පුවත අපගේ දැඩි කම්පනයටත්, බලවත් ශෝකයටත් හේතුවිය.

දශක තුනකට වැඩි ස්වකීය දේශපාලන ගමන් මඟ තුළ තමන් විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් කුමන බාධක මැද වුවද උඩුගම් බලා පිහිනූ දුර්ලභ දේශපාලන චරිතයක් ලෙස මංගල සමරවීර චරිතය අප හදවත් තුළ නොමැකී සටහන්ව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස, අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම හිතෛෂිවන්ත මිතුරකු ලෙස ද එතුමා පිළිබඳව අප තුළ ඇත්තේ කිසිදාක අමතක කළ නොහැකි මතක රැසකි.

සෑම විටකම වර්ගවාදයට එරෙහි ප්‍රතිපත්තියක කටයුතු කළ එතුමා, ජාතික සංහිදියාව පිළිබඳව නිරන්තරයෙන් පෙනී සිටි අයෙකි.

ඉකුත් ආණ්ඩු සමය තුළ එතුමා සහ අප අතර වූ මිත්‍රත්වය වඩා වර්ධනය වූ අතර එතුමා, මුදල් අමාත්‍යවරයාව කටයුතු කරන සමයේදී  අපගේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක නිවාස සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අප්‍රමාණ සහයෝගයක් අප වෙත ලබා දුන්නේය. අපගේ අමාත්‍යාංශය හරහා සිදු කරන ව්‍යාපෘති සම්බන්ධව ගැඹුරු අවබෝධයක් සහ විශාල දැක්මක් එතුමාට තිබුණි.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂයේ අපේක්ෂකයා ලෙස අප ඉදිරිපත් කිරීම උදෙසා අරගල කළ නියමුවන් අතර මංගල සමරවීර මැතිතුමා ද ප්‍රමුඛ පෙළේ චරිතයක් විය. ඒ වෙනුවෙන් එතුමා කළ කැපවීම සහ අරගලය ජීවිතේ කිසිදාක අපට අමතක නොවේ. ඔහුට තිබුණේ පුද්ගලබද්ධ දේශපාලනයකට වඩා ප්‍රතිපත්තිමය දේශපාලනයකි. ඒ වෙනුවෙන් ඔහු අරගල කළේය. ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටියේය.

සාමය සහ සංහිදියාව යන කුලුණු දෙක මත පිහිටා ආර්ථිකය ගොඩනැංවිය යුතුය යන දෘඪතර අධිෂ්ඨානයෙන් එතුමා කටයුතු කළ අතර, මුදල් අමාත්‍යවරයාව කටයුතු කරන වකවානුවේදී ඒ පිළිබඳව මනාව දැකගත හැකි විය. ජාත්‍යන්තර වශයෙන් එතුමාට තිබූ විශාල සබඳතාවයන් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේදී එතුමා මැනවින් පාවිච්චි කළේය.

සම්ප්‍රදායික දේශපාලනඥයෙකු නොවූ එතුමා ස්වකීය දේශපාලන කටයුතුවලදී පවා නවීනත්වය මෙන්ම අලුත් සම්ප්‍රදායන් ඊට එක්කර ගත්තේය. පොදු පෙරමුණු රජය යටතේ ටෙලිකොම් ආයතන ප්‍රතිව්‍යුහගත කර ඊට නවීනත්වය එක් කළ එතුමා එකල, නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් නිර්භීත තීන්දු රැසක් ගත්තේය.

තමන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන සෑම අවස්ථාවකදීම සෑම අමාත්‍යාංශයකම සුවිශේෂී සලකුණු තැබීමට එතුමාට හැකි විය. තමන් විශ්වාස කරන දර්ශනය මත පිහිටා නිරන්තරයෙන්, නිර්භීතව මෙන්ම විප්ලවකාරී තීන්දු තීරණ ගත් මංගල සමරවීර මැතිතුමා ඒ සෑම තීන්දු තීරණයක් තුළින්ම උත්සාහ කළේ සංහිඳියාවෙන් යුක්ත රටක් බිහිකිරීම වෙනුවෙන් තම වගකීම සහ වගවීම ඉටුකිරීමටය.

දශක තුනක ලාංකීය දේශපාලනයේ මංගල භූමිකාව සාකච්ඡාවට ලක්විය යුත්තේ ඔහුගේ ප්‍රගතිශීලී සහ විප්ලවීය ගති ලක්ෂණ ද සැලකිල්ලට ගෙනය. ජාත්‍යන්තර තලයෙහි සැලකිය හැකි සුවිශේෂී නායකයින් මේ රටට අවැසිම මොහොතක මංගල සමරවීරයන් ස්වකීය දිවිසැරිය නිම කොට තිබේ. එතුමාගේ අභාවයෙන් කම්පිතව සිටින මංගල සමරවීරයන්ගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් වෙත මාගේ බලවත් ශෝකය සහ සංවේගය පිරිනමමි.

වඩාත් සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නිරන්තරයෙන් අරගල කළ විප්ලවකාරී හිතමිතුරාණෙනි ඔබට උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරමි.

SendShareShare
Previous Post

මංගල ගැන සටන් සගයා මහින්ද තියපු සටහන!

Next Post

ජාතිවාදය-ආගම්වාදය නැති නිදහස් මතධාරියෙක්! ජවිපෙ දුටු මංගල!

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.