• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීපු 9%ක මිල වැඩිවීම මදි! බෙහෙත් ගෙන්වන්නන් 21%ක් ඉල්ලයි!

August 23, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාලවල බෙහෙත් වර්ග 40ක් නෑ!
Share on WhatsAppShare on Facebook

ඖෂධ මිල 9%කින් නොව 21%කින් ඉහළ දැමිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඖෂධ වර්ග 60ක, අක්ෂි කාච වර්ග 38ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල 9%කින් වැඩි කරමින් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ 2020 මාර්තු 8 වැනි දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල කමිටුව අනුමත කළ 9% මිල වැඩිවීම මෙලෙස ලබාදුන් බවයි. ඒ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 198ක් වූ අතර මේ වන විට ඩොලරය රුපියල් 215ක් දක්වා වැඩි වී ඇති බව සංගමයේ සභාපති සංජීව විජේසේකර කියා සිටියේය. මේ නිසා 9%ක මිල වැඩිවීම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ අදහසයි.

කෙසේ වෙතත් ඖෂධ සැපයීම, නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ ඖෂධ හිඟයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස මිල වැඩිකළ බවයි.

වේදනා නාශක, දියවැඩියා, හෘද රෝග, හතිය, සෙම් රෝග වැනි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග 60ක මිල මෙලෙස වැඩිකර ඇත. ඖෂධීය නාමයෙන් ඖෂධ වර්ග 60ක් වුවද විවිධ සන්නාම යටතේ අලෙවි කරන ඖෂධ වර්ග 450ක පමණ මිල මෙලෙස වැඩි වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දෙයි. හිටපු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න 2019 මැයි 15 වැනි දින මෙම ඖෂධ, අක්ෂි කාච හා ස්ටෙන්ට්වල මිල අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනය පළමුව නිකුත් කරන ලදී.

නව ගැසට් නිවේදනයට අනුව පැරසිටමෝල් පෙත්තක නව මිල රුපියල් 1.71කි. මීට පෙර මිල රුපියල් 1.50කි. දියවැඩියා රෝගීන් භාවිත කරන ඉන්සියුලින් රුපියල් 748 සිට 1496 දක්වා පරාසය යටතේ මිල වැඩි වී තිබේ.

රුපියල් 3000 සිට රුපියල් 15000 දක්වා මිල පරාසය යටතේ මෙතෙක් අලෙවි කළ අක්ෂි කාච වර්ග 38ක් නව ගැසට් නිවේදනයට අනුව රුපියල් 3815 සිට රුපියල් 21,200 දක්වා වූ මිල පරාසයකට යටත් වන පරිදි වැඩිකර තිබේ. රුධිර ග්ලුකෝස් මාපකයක් මෙතෙක් කල් අලෙවි වූයේ රුපියල් 3150 කටය. නව ගැසට් නිවේදනයට අනුව එහි නව මිල රුපියල් 3433කි. රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු කට්ටලද රුපියල් පනහකින් මිල වැඩි වී ඇත. හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ලෝහමය ස්ටෙන්ට් ඒකක මිල රුපියල් 29920 දක්වාද, ඖෂධ මුදාහරින ස්ටෙන්ට් ඒකක මිල රුපියල් එක්ලක්ෂ තිස්දහස් අටසියයක් (130,800) දක්වාද වැඩිකර තිබේ. -අරුණ

SendShareShare
Previous Post

ජනපති නුවර ගිහින් රන්දෝලි පෙරහර බලයි! දළදා සමිඳුගේ ආශිර්වාදයත් ලබා ගනී!

Next Post

පාස්කු ප්‍රහාරය ගැන කතා කරපු මාලකට CIDයෙන් කැඳවීමක්! යවපු ලියුම මෙන්න!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.