• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොවි රැල්ල-ගුරු රැල්ල-කඩ රැල්ලෙන් පසු ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන ඊළග රැල්ල!

August 23, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ගුරුවරු කොළඹ වටලති! (VIDEO)
Share on WhatsAppShare on Facebook

“ජනතාවට කඩවල් වහන්න ඉස්සල්ලා කල්පනා කරන්න තිබුණේ උද්ඝෝෂණ කරනකොට ඒවාට සහයෝගය නොදී ඒවා නතර කරන්න. එතකොට ඒ අවස්ථාවේදී ජනතාව කළේ මේක ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් කියලා, ඒකට බොහොම සහයෝගයෙන් වැඩකටයුතු කෙරුවා.”

“ඔය කඩවලට තිබුණේ එදා කඩ වහන්න. කඩ වහලා කියන්න තිබුණේ මේ වගේ උද්ඝෝෂණ කරන්න එපා කියලා. ඔවුන්ට තිබුණා ඒ වගේ දෙයක් කරලා මේ උද්ඝෝෂකයන්ට සහයෝගය නොදී ඉන්න. ඔවුන් ඒ දෙය එදා කෙරුවෙ නැහැ. මේ හැම දේකම යට තියෙන්නේ දේශපාලනය. මේ හදන්නේ වෙන මතයක් ගොඩනගන්න. මේ රට අක්‍රීය කරන්න. ඒක තමයි ඇත්ත තත්ත්වය. සෞඛ්‍ය උපදෙස්වලට කටයුතු කරපු නැති කට්ටියක් තමයි මේ දෙය කරන්නේ…”

රටේ වගකිව යුතු ඇමැතිවරයෙක් වූ ජොන්සටන් ප්‍රනාන්දු මේ කතාව කියලා තිබ්බෙ.

මේක කියලා තියෙන පාර්ලිමේන්තුවෙ ඉන්න මහාචාර්ය දොස්තර මහත්තයා .

“එක මතයක් තමයි සම්පූර්ණයෙන්ම වහන්න කියන එක, සති දෙකක්. එතකොට අපි මාස ගානක් වහලා තියලා ඇරියේ. එතකොට මොකද්ද වෙන්නේ. ලෝකයෙත් එහෙමයි. එංගලන්තයේ පාසල් වහලා තියලා ඇරියා. ඇරලා සුමාන දෙකක් යද්දි ආයෙ වැහුවා. එතකොට රජයේ සේවකයන් ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයගේ වේතනය ලැබෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. නමුත් මේකේ ඉන්නවා ස්වයං රැකියා කරන අය, ජීවිතේ ගැ‌ටගහගන්න අය. මේ අය ගැන කවුරුත් වචනයක්වත් කතා කරන්නේ නෑ. අපි මේ දෙක අතරේ යම් පරිපාලනයක් ගේන්න අවශ්‍යයි. අපේ විශ්වාසයක් තියෙනවා. සංචරණ සීමා දැඩි කරලා තියෙනවා මේ වෙනකොට. මං හිතන්නේ ඒක සාධාරණයි. ඔබතුමන්ලා දකින්න ඇති අද කොළඹ නිවාඩු දවසක් වගේ. ජනතාවත් තමන්ගේ විනයගරුකභාවය ඇඟට අරගෙන තියෙනවා. එකක් තමයි පොඩි බයක් දැනිලා තියෙනවා, මේ විදියට යන්න දෙන්න බෑ අපිත් මේකෙන් පරිස්සම් වෙන්න ඔනේ කියලා. මේ කරුණු දෙක තුනම එකට යන්න ඔනේ….”

මේ කොවිඩ් වසංගත සමයේ ජනතාව කිසිම නීතිමය සීමාවක් නැතිව තමන්ම හිතලා නගර වහන්න පටන් ගැනීම අපට සමරන්න වෙලා තියෙනවා. ඒ ආණ්ඩුවට හෝ කිසිම කෙනෙක්ට එරෙහිව නෙවෙයි. මේ කඩවල් වහන්නෙ හර්තාල් එකක් සඳහා නෙවෙයි. මේ සීයට සීයක්ම ජනතාව විසින් ජනතාව උදෙසා ගත්ත තීරණයක්. සරලවම කිව්වොත් මේ තීන්දුවට මිනිස්සු එන්නෙ පණ බේරගන්න.

කඩවල් වහපු නගරයක වෙළෙඳ සංගමයක ප්‍රධානියෙක් මේ ගැන කියලා තිබ්බෙ මෙහෙම.

“අපි සම්පූර්ණයෙන්ම වැටිලා. ඒත් මෙහෙම කඩ ඇරගෙන හිටියා කියලා කිසිම ප්‍රයෝජනයකුත් නෑ. මිනිස්සු කඩයකට බඩුවක් ගන්න එන්නෙ නෑ. රෙදි කඩයකට ඇවිත් ඇඳුමක් තෝරගන්න, සුපර් මාරකට් එක්ක ඇතුළට ඇවිත් බඩුවක් ගන්න බයයි. හැම තැනම මරණ වාර්තා වෙමින් තියෙනවා. රෝහල් ධාරිතාව ඉක්මවා ගිහින්. මරණ සංඛ්‍යාව වැඩි වෙලා. මේ තත්ත්වය සෞඛ්‍ය අංශවලට යම් තරමින් හෝ වළක්වා ගන්න පුළුවන් නම් අපිට සතියක් දෙකක් වැහුවා කියන ප්‍රශ්නයට වඩා දීර්ඝකාලීනව හොඳ උත්තරයක් ලැබෙයි. ඒ නිසා අවබෝධයකින් යුතුවයි මේ තීරණය ගත්තෙ.”

මරඳගහමුල සහල් ව්‍යාපාරිකයො මේ රට වැහිල්ලෙ මුල්තැන ගත්ත අය. සහල් ව්‍යාපාරිකයොම නෙවෙයි, ඇත්තටම මරඳගහමුල ව්‍යාපාරික සංගමය විසින් කඩ සාප්පු වසාදැමීමට මුලින්ම මරඳගහමුල සහ වේයන්ගොඩ නගරවල ව්‍යාපාරික සංගම් ක්‍රියා කළ බව බොහෝ මාධ්‍ය වාර්තා කළා. මේ නගර දෙකම විශාල වශයෙන් පිටස්තර පුද්ගලයො එන යන නගර නිසයි මේ තීරණය අරගෙන තිබුණේ. අපි මේ ගැන මරඳගහමුල ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති රන්ජිත් කරුණාතිලක මහත්තයා එක්ක කතා කළාම ඔහු කිව්වෙ ඒ විදියට. මේ නගර වහන බවට ඔවුන් තීරණය කරන්නෙ 15 වැනිදා විතර වෙන කොට.

මේත් එක්කම වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු නගරය ස්වයං ලොක්ඩවුන් වීමේ තීරණයට ආවා. ඒ කැකිරාව වෙළෙඳ සමිතියෙ තීරණයක් අනුව.
ඊට පසුදා වන විට කැකිරාව නගරයද සම්පූර්ණයෙන් වසාදැමීම වෙලා තිබුණා. ගම්පහ නගරයත් වසාදැමීමේ තීන්දුව අරගන්නෙ ඔය අතරෙ. අම්බලන්තොට, අම්බලන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පළාපත්වල, බලංගොඩ, වලපනේ, ඇඹිලිපිටිය, මාතලේ ඇතුළු නගර 18ක් මේ පහුගිය සතියෙ මැද වෙනකොට වහලා දැම්මා. ඒ කිසිම නීතියක මැදිහත්වීමක් නැතිව.

මිනුවන්ගොඩ, රත්නපුර, තංගල්ල වගේ නගරවල මේ වෙන විට නගර ස්වයං ලොක්ඩවුන් වීම ගැන සාකච්ඡා ආරම්භ වෙමින් තිබ්බෙ. ඔය අස්සෙ කෑගල්ල නගරයේ ව්‍යාපාරිකයො කඩ සාප්පු වහන්න පටන් අරගෙන තිබුණත් ඒ ගැන දන්න කෙනෙක් කිව්වෙ උදේ වහලා ආයෙත් හවස ඇරියාය කියලා. කෑගල්ලෙ ව්‍යාපාරිකයො යම් කිසි ගැටලුවක් එක්ක වැඩ කරමින් හිටියත් මිනුවන්ගොඩ, රත්නපුර වගේම තංගල්ල වසාදැමීමේ ක්‍රියාන්විතයට එකතු වුණා.

මේ අතර කොළඹ නගරාධිපතිතුමිය ජනතාවට දැනුම් දුන්නා කොළඹට හැකි පමණ නෑවිදින් ඉන්න කියලා. රෝසිගෙන් පස්සෙ මීගමුව මහ නගර සභාවත් මේ තීරණයටම ආවා. මීගමුව මහනගර සභාවේ සභාපති වෙලා ඉන්නේ ලන්සා පවුලේ නිමල් ලන්සා මහත්මයාගේ මල්ලි. ඒත් ලන්සා පවුල එකතුවෙලා මේ වෙනකොට මීගමුව නගරය වසා දැමීමේ තීරණයට ව්‍යාපාරිකයන් කැමැති කරගත්තා කියලයි මීගමුවෙන් ලැබෙන ආරංචිවල සඳහන් වෙන්නේ. මේ විදියට මීගමුව වහලා දැමීමත් එක්කම දූනගහ ඒ වගේම අනුරාධපුරය ඇතුළු නගර වසා දැමීමේ තීරණයට ආවා. අනුරාධපුරය වෙළෙඳ සංගමෙන් නාච්චදූව ඇතුළු නගර කීපයක්ම වසාදමන බවට ලියමනක් මගින්ම දැනුම්දීලා තිබුණා. ඒ විදියට බ්‍රහස්පතින්දා රාත්‍රිය වෙනකොට ලංකාවේ ප්‍රධාන නගර හැත්තෑ එකක් වහලා දාන්න තීරණය කරලා තිබුණා. සිකුරාදා දවස වෙනකොට තවත් නගර කීපයක් මේකට එකතු වෙන්න නියමිත බවයි දැනගන්න තියෙන්නේ. ඒ අතරට එකතු වුණා කුරුණෑගල, වැල්ලව, හදිරවලාන වගේ ප්‍රධාන සහ උප නගරත් මේ වසා දැමීමේ තීරණයට එකතු වෙලා. ඒ විදියට බලනකොට මේ සතිය නිමාවෙන්නේ ලංකාවෙන් භාගයක්ම නගර, කුඩා නගර, උප නගර තමන්ම තීරණය කරලා ස්වයං ලොක්ඩවුන් එකකට යාමෙන් පස්සේ. ඒ විදියට ගත්තාම රටෙන් නගර වැඩි ප්‍රමාණයක් ලොක්ඩවුන් තත්ත්වයක් මේ සිකුරාදා නිමාවෙද්දී උදාවෙනවා. ලබන සඳුදා වෙනකොට මේ සියල්ල විවෘත වීමට නියමිත නිසා තවත් ප්‍රශ්නයක් රටේ ඉතුරු වෙන්න නියමිතයි කියලයි අපිට පෙනෙන්නේ. කොහොම නමුත් පහුගිය දවස්වල පටන්ගත්තු ගුරු අරගල රැල්ල, ශිෂ්‍ය අරගල, ඒ වගේම කොවිඩ් ඇතුළු විවිධ ප්‍රශ්න අතරට ආණ්ඩුවට මේ රැල්ලත් විශාල බලපෑමක් බවට පත්වෙලා තියෙන බවයි බැලූ බැල්මට පේන්නේ. හැබැයි මේක ලෝකෙ කොහේවත් නැති විදියට රටක මිනිසුන් විසින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්ත පියවරක් කියලා අපි මේ වෙලාවේ සටහන් තබනවා.
මේ ලියන මොහොත වෙනකොට තවත් නගර කීපයක්ම වැසීයමින් තියෙනවා. අවසන් වෙනකොට තේරෙන කාරණාව වෙන්නෙ, වහපු නගර ප්‍රමාණය ගැන ලියනවට වඩා ඇරලා තියෙන්නෙ කීයද කියලා ලියන්න ලේසි වෙයි කියලා. මොකද මහනුවර නගරය ඇතුළුව ප්‍රධාන නගරවලින් කීපයක් විතරයි මේ ලියන මොහොත වෙනකොට විවෘතව තියෙන්නෙ. ඒත් ඔබ කියවන මොහොත වෙනකොට රටට මොනවා වෙලා තියෙයිද කියන එක ගැන වගකියනු නොලැබේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අද ඉඳන් 2000 දෙනවා! හැබැයි මේ අයට ලැබෙන්නේ නෑ!

Next Post

කොරෝනාවෙන් මරු දුටු පළමු අම්බියුලන්ස් රියැදුරු!

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

පවතින තත්ත්වය හමුවේ නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ තෙල් මිල ගැලපීම් වහා සිදු නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් 2022 වසරේ අත්විඳි දරුණු...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.