• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මිනිස්සු ආණ්ඩුව ලොක්ඩවුන් කරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 21, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මිනිස්සු ආණ්ඩුව ලොක්ඩවුන් කරයි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

056571 01: (NO NEWSWEEK - NO USNEWS) Anti-government graffiti is displayed in front of the post office December 2, 1989 in Sri Lanka. Violence continues daily as the JVP, a Buddhist-Sinhalese Nationalist Marxist organization, the DJV and other militant groups fight for the removal of Indian peace keeping force in the cities of Sri Lanka and attempt to overthrow the government. (Photo by Robert Nickelsberg/Liaison)

Share on WhatsAppShare on Facebook

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලයේ රත්නපුර මහා ගංවතුරක් ඇතිවිය. ප්‍රේමදාස එය දැනගත් විගස වහාම කතා කළේ කළුතර දිසාපතිටය. පැය 24න් මිනිසුන් දම්මලා මෝය කට ලොකු කරන්න යැයි ඔහු දිසාපතිට නියෝග දුන්නේය. රත්නපුර ගංවතුරට කළුතර මෝය කට ලොකු කරන්න කියන්නෙ ජනාධිපතිවරයාට පිස්සු යැයි දිසාපති මෝය කට ලොකු කරන ලෙස නිලධාරීන්ට නියෝග කරමින් කීවේය. හරියට පාන්දර තුනට ප්‍රේමදාස දිසාපතිට කතා කළේය.

“ඔබතුමා කොහෙද ඉන්නේ?” ප්‍රේමදාස ඇසුවේය.

“මමත් මේ මෝය කට ලොකු කරන තැන වැඩ බලනවා…” දිසාපති කීවේය.

“බොහොම හොඳයි. වැඩි වෙලාවක් නැහැ. ඕක ඉක්මනට ඉවර කරන්න ඕනෙ…”

ප්‍රේමදාස කීවේය. ප්‍රේමදාස රත්නපුර ගංවතුර ගලද්දී කළුතර මෝය කට ලොකු කරන්න කීවේ රත්නපුර ගංවතුර අඩුවෙද්දී කළු ගඟ දිගේ කළුතරට ගංවතුර එන බව දැනගෙනය. ඔහු රත්නපුර ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න රත්නපුර දිසාපතිට නියෝග දෙන ගමන් කළුතර ගංවතුර වළක්වන්න කළුතර දිසාපතිට නියෝග දුන්නේය. කළුතර දිසාපතිට ඒ ටික තේරුණේ පස්සේය.

ප්‍රේමදාස මේවා කළේ පුරුද්දෙන්ය. ගෝඨාභයට ඡන්දය දුන්න 69 ලක්ෂය ගෝඨාගෙන් මේ පුරුද්ද බලාපොරොත්තු වුණේ නැත. ඔවුන් සිතුවේ ආටිෆිෂල් ඉන්ටලිජන්ස් නොහොත් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා ගෝඨා ගේම ගහයි කියලාය. ඔවුන් ගෝඨාට 69 ලක්ෂයක් පමණක් නොව තුනෙන් දෙකක්ද දුන්නේ ගෝඨාට ඕනා විදියට වැඩේ කරන්නටය. කොළඹ සාම්ප්‍රදායික දේශපාලනඥයන් වූ විමල්ලාව උදයලාව දෙකට තුනට නමා ගෝඨාගේ මිනිසෙක් වූ සරත් වීරසේකර නොම්මර එක කළේ ගෝඨාට ඕනා විදියට වැඩේ කරන්නට ඉඩ දෙන්නටය. ගම්පහින් වියත් මගේ නාලක ගොඩහේවා නොම්මර එකට ගෙනත් සාම්ප්‍රදායික දේශපාලනඥයකු වූ ප්‍රසන්න රණතුංග දෙකට දැම්මේත් ගෝඨාට ඕනා විදියට වැඩේ කරන්න දෙන්නය.

“එහෙම හිතපු මිනිස්සුම ඇයි මේ දැන් කඩවල් වහන්නේ?”

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කඩවල් වහල නගර පාළු කරන්න විපක්ෂය කොයි තරම් උත්සාහ ගත්තත් සාර්ථක වුණේ නැත. මෙරට දේශපාලනයේ කඩවල් වස්සලා නගර පාළු කළේ සංවිධාන දෙකක් පමණි. ඒ, ජවිපෙ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයය. ජවිපෙ කඩ වැස්සුවේ ටී-56 පෙන්නලා, තුණ්ඩු බෙදලා බය කරලාය. එල්.ටී.ටී.ඊ.ය කඩ වැස්සුවේ උතුරේ බෝම්බ ගහලාය. ඒත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂයට තව දුරටත් එවැනි මැජික් එකක් කරන්න බැරි විය. ආණ්ඩුවට විරෝධය පළ කරන්න කඩවල් වහන්න කියල 1948 සිට මේ දක්වා විපක්ෂය කොයි තරම් ඉල්ලීම් කළත් කඩකාරයෝ කන් දුන්නේ නැත. එයට ප්‍රධාන හේතුව ආණ්ඩුවට තියෙන බයය. තමන් කඩවල් වැහුවොත් ප්‍රදේශයේ මැති ඇමැතිවරු, නගරසභාව තමන්ගෙන් පලිගනු ඇතැයි ඔවුන් බය විය.

“එතකොට අද ලංකාවේ බලවත්ම ශක්තිමත්ම හමුදාවෙන් ආ ජනාධිපතිට බය නොවී නගර ගම්මාන කඩවල් වහගෙන හුදකලා වෙන්නේ ඇයි?”

ආණ්ඩුව හිතන්න ඕනා ඒ ගැනය. එයින් කියන්නේ ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසයක් නැති බව පමණක් නොවේ. බයකුත් නැති බවය. කඩ වැහිල්ලෙන් පෙනෙන්නේ මිනිසුන් තුළ ආණ්ඩුව ගැන තියෙන වෛරයය.

2019 ජනාධිපතිවරණයේදී මිනිසුන් පෝලිම්වල ගොස් ගෝඨාභයට ඡන්දය දුන්නේ තමන්ගේ ගැලවුම්කාරයා ඔහු කියා ඔවුන්ට දැනුණු නිසාය. මහ බැංකු කොල්ලයෙන්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපති සහ අගමැති ගැටුම්වලින් හෙම්බත් වී සිටි ජනතාව ගෝඨා වටා එක්රොක් විය. 2020 මහ මැතිවරණයේද ඔවුන් ගෝඨාට තුනෙන් දෙකක් දුන්නේ ගෝඨා කොරෝනා තුරන් කළා කියලා හිතාගෙනය. ආණ්ඩුව 2020 කැම්පේන් එකේ පාවිච්චි කරපු සටන් පාඨය කොරෝනා තුරන් කිරීමය. ලොව බලවත් රටවලට හිනා වෙමින් පුංචි රටේ ගෝඨා ඇතුළු රාජපක්ෂ පවුල කොරෝනා තුරන් කළාය කියා ආණ්ඩුවේ මාධ්‍යයත්, පෞද්ගලික මාධ්‍යයත් කියද්දී මිනිස්සු පොරකමින් පොහොට්ටුවට ඡන්දය දුන්හ. පොහොට්ටුව අතිවිශිෂ්ට ජයක් ලබාගත්තේය. තවදුරටත් මන්ත්‍රීවරු වෙන්න බැරි අපේක්ෂකයෝ ඒ රැල්ලේ ගොස් පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු වූහ. ඡන්දෙ දීලා මිනිසුන් ලක ලැහැස්ති වුණේ කොරෝනා කාලයේ රට වැහුව නිසා අහිමි වූ ආදායම් මාර්ග, ව්‍යාපාර යළි ගොඩදමා ගන්නටය. ලංකාව කොරෝනාවලින් නිදහස් වූ රටක් ලෙස සලකා ලොව බලවත් රටවල ධනවත් සංචාරකයන් ලංකාවට දුවගෙන එනු ඇතැයි ආණ්ඩුවත්, ආණ්ඩුවේ මාධ්‍යයත්, පෞද්ගලික මාධ්‍යයත් කීහ. මිනිස්සු ඒවා විශ්වාස කළහ.

වැඩි දවසක් ගියේ නැත. බ්‍රැන්ඩික්ස් පොකුර පටන් ගත්තේය. යුක්රේන සංචාරක පොකුර පටන්ගත්තේය. ධීවර පොකුර පටන්ගත්තේය. බ්‍රැන්ඩික්ස් පොකුර පටන්ගත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනයට විදේශ රටවලින් පැමිණෙන සේවකයන් නිසි ලෙස නිරෝධායනය නොකිරීම නිසා බව මිනිස්සු තේරුම් ගත්හ. යුක්රේන පොකුර හැදුණේ යුක්රේන සංචාරකයන් නිරෝධායනය කර රටට නොගැනීම නිසා බව මිනිසුන්ට වැටහිණි. මේ වෙන කොට ලෝකයම එන්නත් නිෂ්පාදනය කොට එන්නත් ගැසීම පටන්ගෙන තිබිණි. ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරු මැති ඇමැතිවරු කීවේ එන්නත් ඕනා නැහැ, ධම්මික පැණිය නියමයි කියාය. ලෝකයේම එන්නත් ගහද්දී ලංකාවේ ආණ්ඩුව ධම්මික පැණිය කැම්පේන් කළේය. ලංකාවට එන්නත් පුරුදු කළේ ඉන්දීය අගමැති මෝඩිය. ඔහු නොමිලේ දුන්න එන්නත් තොගය නොවන්න ආණ්ඩුව මිනිසුන්ට පොවන්නේ ධම්මික පැණියය. එන්නත්වලට අනුමැතිය දී දැන් එන්නත් ඇණවුම් කරන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට කියද්දී ලංකාව එන්නත් ඇණවුම් කළා නම්, ලංකාවේ 60%කට එන්නත් දෙකම ගහලා අවසන් වෙන්න තිබුණේ 2021 අප්‍රේල් මස වන විටය. එසේ වූවා නම් කොරෝනා හැදුණත් හැදෙන්නේ පිරිසකටය. හැදුණත් මිනිසුන් මෙහෙම මියයන්නේ නැත. මොකද ආණ්ඩුවම කියන්නේ කොරෝනා හැදී මියයන්නේ එන්නත් නොගහන අය කියාය.

“පාස්කු බෝම්බයෙන් මියගිය 268කගේ ලේ මේ ආණ්ඩුවේ අත්වල ගෑවිලා ඉවරයි…”

මේ, 2019 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණු වේදිකාවක් ගානේ කිය කියා ගිය කතාවය.

“බුද්ධි අංශ වාර්තාවලට අනුව පල්ලි ටික හෝටල් ටික වැහුවා නම්, නැත්නම් හමුදාව දැම්මා නම් ඒ ජීවිත 268 බේරාගන්න තිබුණා…”

මේ පොදුජන පෙරමුණ අඬ අඬා කී කතාවය.

“එතකොට සෞඛ්‍ය අංශ දුන්නු වාර්තා අහල මහ ඡන්දය කල් දමලා රට වැහුවා නම්, එන්නත් ගෙනාවා නම්, ඉන්දියාවේ ඩෙල්ටා එද්දී රට වැහුවා නම්, කොරෝනාවෙන් මියගිය 5,620 බේරාගන්න තිබුණා නේද…?”

අද මාධ්‍යයවත් මේ ප්‍රශ්නය අහන්නේ නැත. ඒත් මිනිසුන් අසමින් සිටී. කඩවල් වැහෙන්නේ ආණ්ඩුවට මේ ප්‍රශ්නයට උත්තර නැති නිසාය. අද වෙලා තියෙන්නේ ආණ්ඩුව ජනතාව ලොක්ඩවුන් කිරීම නොව, ජනතාව ආණ්ඩුව ලොක්ඩවුන් කිරීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මරණ අනුපාතයෙන් ලංකාව දැන් දකුණු ආසියාවේ 1

Next Post

දුටුගැමුණු රජු පෙර භවයේ ජීවත් වූ මණිභාර දිව්‍ය පුත්‍රයාට අයිති රුහුණේ හදවත…

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.