තවමත් කොරෝනා රෝගය තාක්ෂණික වශයෙන් සමාජගත වී නැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
කෙසේවෙතත් සමාජයෙන් රෝගීන් හමුවීම වැඩිවීම පිළිගත හැකි කරුණක් වුවත් තාක්ෂණික වශයෙන් රෝගය සමාජගත වී නැති බවත්, සමාජගත වීම යන වචනය සෞඛ්‍ය සේවයේ පහසුව පිණිස භාවිත කරන වචනයක් බවත් ඒ මහතා කියා සිටියේය.










