• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොඳටම කළේ අපිද? එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…!

August 20, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
හොඳටම කළේ අපිද? එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ…!
Share on WhatsAppShare on Facebook

ලෝකයේ වැඩිම වේගයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදුන් රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවට පුවත් වාර්තා දක්නට ලැබේ. රජය පවසන්නේ ලොව අනෙක් රටවලට සාපේක්ෂව මෙය විශාල ජයග්‍රහණයක් බවයි.

ඇත්ත වශයෙන්ම කොරෝනා මර්දනය සඳහා රජය ගෙනයන එන්නත්කරණ වැඩසටහන කෙතරම් ඉවහල් වේද?

ලොව අන් රටවල්, විශේෂයෙන්ම මේ වන විට කොරෝනා රෝගය සහ කොරෝනා මරණ සාර්ථකව පාලනය කර තිබෙන රටවල එන්නත්කරණය ගැන අප දන්නේ මොනවාද? උදාහරණයක් ලෙස බි්‍රතාන්‍යයේ එන්නත්කරණය සහ වත්මන් තත්ත්වය සලකා බලමු.

ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිරීමත් සමග ලොව අන් සෑම රටකම මෙන්ම එංගලන්තය පුරාද රෝගී ආසාදිතයන් වැඩිවීම දක්නට ලැබිණි. එහෙත් ඉතා වැදගත් කාරණය වන්නේ මරණ සංඛ්‍යාව එලෙස ඉහළ නොයාමයි.

ඉහත දත්ත අනුව පැහැදිලි වන කාරණාව නම්, ආසාදිතයන් ගණන වැඩිවුවත්, මරණ සංඛ්‍යාව වැඩි නොවී පැවැතීමයි. පුවත් වාර්තාවලට අනුව එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින එංගලන්තය මෙලෙස මරණ වළක්වාගන්නේ කෙසේද?

එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය මගින් එරට එන්නත්කරණය සිදුකිරීම සඳහා ඇති කළ ජාතික සැලැස්ම සහ එහි පසුබිම පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලිකිරීමක් භ්‍යී වෙබ් පිටුවේ පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සමග සංසන්දනය කර බැලීම සඳහා එය සාරාංශගත කර පහත දක්වා ඇත.

  1. එංගලන්තය තුළ එන්නත්කරණය ආරම්භ කළේ 2020 වර්ෂයේ දෙසැම්බර් 08 වැනිදාය.
  2. එංගලන්තය තුළ එන්නත්කරණය මෙහෙයවීම සහ අධීක්ෂණය සිදුකරනු ලබන්නේ Joint Committee on Vaccination and Immunization (JCVI) නම් වූ විද්වත් මණඩලයක් මගින්ය.
  3. එන්නත්කරණය ආරම්භයේදී ඔවුන් සලකා බැලූ ප්‍රධාන සාධක දෙක වන්නේ මරණ සංඛ්‍යාව අඩුකරනවාද? රෝග ව්‍යාප්තිය අඩුකරනවා? යන්නයි.
  4. මේ වන විට එක්රැස් කරගෙන තිබූ දත්ත අනුව වැඩිම මරණ ප්‍රතිශතයක් වාර්තා වී තිබුණේ වයස්ගත රෝගීන් සහ අනෙකුත් නිදන්ගත රෝග සහිත පිරිස් අතරය.
  5. මරණ සංඛ්‍යාව අඩුකිරීමට එක් එක් වයස් කාණ්ඩවල කොපමණ පිරිසක් එන්නත් කළ යුතුද යන්න පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.
    මේ අනුව වයස අවුරුදු 85-89ත් අතර වයස් කාණ්ඩයේ එක් මරණයක් වැළැක්වීම සඳහා එන්නත්කරණය කළ යුත්තේ සියයකට ආසන්න පිරිසකි. නමුත් වයස අවුරුදු 50-54 කාණ්ඩයේ එක් මරණයක් වළක්වාගැනීම සඳහා පුද්ගලයන් 4,000ක් පමණ එන්නත්කරණය කළ යුතු වේ.
  6. මෙයට සාපේක්ෂව මෙතෙක් සොයාගෙන ඇති කිසිම එන්නතක් රෝග සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා පැහැදිලි සාර්ථකත්වයක් පෙන්වා නැති බව ඔවුන් නිරීක්ෂණය කර තිබේ.
  7. ඉහත කරුණු සලකා බලා විශේෂඥ මණ්ඩලය විසින් පහත කාණ්ඩ නවය පළමු අදියරේ එන්නත්කරණය සඳහා නිර්දේශ කරන ලදී, එම නිර්දේශය සිදුකළේ රෝග ව්‍යාප්තිය අඩුකිරීම වෙනුවට මරණ අඩුකිරීමට ප්‍රමුඛත්වයක් ලබාදෙමින්ය.
    පළමු අදියර අවසන් වන විට එංගලන්තයේ ජනගහනයෙන් 43%ක් එන්නත්කරණය සිදුකර හමාර වන අතර දෙවැනි අදියර වශයෙන් පහත කාණ්ඩ එන්නත් කිරීමට නිර්දේශ කර තිබේ.
  8. වයස අවු. 40-49
  9. වයස අවු. 30-39
  10. වයස අවු. 18-29

ඉහත ප්‍රමුඛතා ලැයිස්තු සකස් කිරීමේදී අවධානයට යොමු කළ කරුණු වන්නේ

  1. වයස
  2. ස්ත්‍රී පුරුෂභාවය
  3. ජාතිය
  4. වෘත්තිය/රැකියාව
  5. අදාළ පුද්ගලයාගේ ආශ්‍රිත ප්‍රජාවේ ආසාදන ප්‍රමාණය
  6. කොරෝනා දැනටමත් වැලඳී තිබීම
    ඉහත සැලැස්මට අනුව 2020 වර්ෂයේ දෙසැම්බර් අටවැනිදා ආරම්භ කළ එංගලන්ත එන්නත්කරණ වැඩසටහන 2021 වර්ෂයේ අගෝස්තු 01 වැනිදා වන විට තත්ත්වය ප්‍රස්තාරයේ දැක්වේ.
    මේ අනුව වයස අවුරුදු 50ට වැඩි වයස් කාණ්ඩවල පුද්ගලයන්ගෙන් 90%කට වැඩි ප්‍රතිශතයක් මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. සමස්තයක් වශයෙන් ගත් කල වයස අවුරුදු 18ට වැඩි වයස් කාණ්ඩවල පිරිසෙන් 87.8%ක් මේ වන විට එන්නතේ පළමු මාත්‍රාවද, 72%ක් දෙවැනි මාත්‍රාවද ලබාගෙන ඇත.
    ඉහත දත්ත සහ විiාත්මක කරුණු අනුව අපට පැහැදිලි වන්නේ කුමක්ද? කොරෝනා වෛරසය සාර්ථකව ජයගැනීම සඳහා එන්නත්කරණය භාවිත කළයුතු ආකාරය පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශයක් එංගලන්තය භාවිත කළ ‘මොඩලය’ මගින් සපයයි.
  7. එසේ නම් ශ්‍රී ලංකාව තුළ අද පවතින තත්ත්වය කුමක්ද?
    ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය ආරම්භ කළේ 2021 වර්ෂයේ ජනවාරි 29 වැනිදාය. අද දවස වන විට ලංකාව පුරා 14,510,465 දෙනකු හට එන්නත් ලබාදී ඇත. මෙයින් 2,778,714 දෙනකුට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති අතර එය සමස්ත ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස 12.74%කි.
    බී.බී.සී. සිංහල පුවත් සේවයට අදහස් දක්වන මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව ඉතා ශීඝ්‍රයෙන් ජනගහනයෙන් 50%ක් එන්නත් (පළමු මාත්‍රාව) ලබාදීමේ සීමාවට ළඟා වී ඇති බවයි. එසේ වුවත් වෛරසයට එරෙහි නිසි ප්‍රතිශක්තිකරණය ලබාගැනීමට නම් දෙවැනි මාත්‍රාවද සම්පූර්ණ කර සති දෙකක් පමණ ගතවිය යුතු බවයි.මේ වන විට රට තුළ මාත්‍රා දෙකක් එන්නත් විද ඇති ප්‍රතිශතය 13%ක් පමණ වන අතර එයින් මරණයට ගොදුරු වීමට වඩාත් ඉඩ ඇති වයස් කාණ්ඩය වන වයස අවුරුදු 60ට වැඩි පිරිස්වලින් කොපමණ ප්‍රමාණයක් දැනටමත් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇද්දැයි දත්ත නොමැත.
    11.08.2021 දින රජය ප්‍රකාශ කළ නිවේදනය අනුව වයස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝග ඇති අය සඳහා බස්නාහිර පළාතේ නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන්, ගම්පහ මහ රෝහලෙන් සහ කළුතර මහ රෝහලෙන් එන්නත් ලබාදෙනු ලැබේ.
    10.08.2021 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පළ කළ නිවේදනයට අනුව 09.08.2021 දින සිදුවූ තහවුරු කරන ලද කොවිඩ් මරණ 119න් 101ක්ම වයස අවුරුදු 60ට වැඩි අය විය.
    මේ අනුව පෙනීයන්නේ දැනට ඇතිවී තිබෙන ඩෙල්ටා ප්‍රභේදයේ පිපිරීම සමග සිදුවන මරණ සංඛ්‍යාව වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය උපකාර නොවන බවයි. නිසි සැලැස්මක් සහිතව සමාජය තුළ තෝරාගත් අවදානම් වයස් කාණ්ඩවලට ප්‍රමුඛත්වයක් ලබාදී තිබුණා නම් ඉදිරියට ඇතිවන්නට නියමිත ජීවිත හානි රැසක් වළක්වා ගැනීමට තිබිණි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සජිත් කියපු ‌බෙහෙත නැතිව තවත් දොස්තරවරයෙක් කොරෝනාවෙන් මරු දකී! ජයසුමන මහත්තයෝ අර තියෙනවා කියපු බෙහෙත් කෝ? (VIDEO)

Next Post

මේ කණ්ඩායම් 9ට පළාත් සීමා කඩන්න පුළුවන්!

MORE NEWS

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Load More
රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News
Uncategorized

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ වාර්ෂික සිඟිති ක්‍රීඩා උත්සවය – 2026 හරසරින් පැවැත්වෙයි! Sri Lanka Latest News

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.