තලේබාන් සටන්කාමීන් විසින් කාබූල් අගනුවර යටත් කර ගැනීමෙන් පසු එරටින් ඉවත් වීම සදහා ඇෆ්ගන් වාසියන් මේ වනවිට ගුවන්තොටුපෛාළ වෙත පැමිණ සිටින බව වාර්තා වේ.
අද දින ඇමරිකානු හමුදා ගුවන් යානා තුළට ගොඩ වීමට ඇෆ්ගන් ජනතාව පොර කෑ බවත් ඔවුන් වැළැක්වීම සදහා, ඇමරිකානු හමුදා අහසට වෙඩි තැබූ බවද වාර්තා වේ.
කාබූල් හැර යන ඕනෑම අයෙකුට ඊට බාධා නොකර ඉඩ දීමට තලේබාන් සංවිධානය තීරණය කර තිබේ.










