• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක්! ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!

August 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් නැතිව වාහන ගෙන්වීමේ අලුත් ක්‍රමයක්! ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ජනපතිට ලියුමක්!
Share on WhatsAppShare on Facebook

මෙරට තුළ ඇති ඩොලර් පිටතට ගාල යා නොදී රට තුළට වාහනද ගෙන්වීමට හැකි ක්‍රමවේදයක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී . දොලේවත්ත විසින් ජනාධිපතිවරයාට යෝජනාවක් කර ඇත.

ජනාධිපතිවරයාට ලිපියක් ලියමින් මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඒ රටවලදී මිලදී ගත් වාහන, ලංකාවට එවීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

මෙම ක්‍රමවේදය මගින් මෙරට තුළ ඩොලර් පිටතට ගලා නොයන අතර තීරු බදු ගෙවීම ද එකී ශ්‍රමිකයන් විසින්ම ඩොලර් මගින් සිදු කරන බැවින් යම් විදේශ විනිමය ප්‍රමාණයක් එට තුළට පිවිසෙන බවද ඔහු පෙන්වා දී ඇත.

මෙරටට වාහන ආනයනය කිරීම තහනම් කර ඇත්තේ මෙරට විදේශ සංචිත අර්බුදය හේතුවෙනි. විදෙස් ගත ශ්‍රමිකයින් මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධානතම සාධකයයි. එබැවින් ඔවුන්ගේ පවුල්වලට වාහනයක් එවීමට ඉඩ ලබාදීමට මෙමගින් යෝජනා කර තිබේ.

මන්ත්‍රීවරයා විසින් ජනාධිපතිට යැවූ ලිපියේ මෙසේ ද දැක්වේ.

“කොවිඩි-19 ව්‍යාප්තිය සමග අප රටට ආර්ථික වශයෙන්‌ යම්‌ පසුබෑමකට ලක්වීමට සිදුවී ඇත. එයට හේතුව ලෙස මේ වන විට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පසුබෑම, අනෙකුත්‌ අපනයන ක්ෂේත්‍ර වල සිදුව ඇති පසුබෑම්‌ සහ විදේශයන්‌ හි සේවය කරමින්‌ සිටින ශ්‍රමිකයන්‌ මෙරටට එවනු ලැබු විදේශ විනිමය ප්‍රමාණය අඩු වීම වැනි කරුණු පෙන්වා දිය හැකි අතර ඒ හේතුවෙන්‌ අප රට තුල මේ වන විට ඩොලර්‌ සංචිත වල හිගයක්‌ මතුව ඇත.

මේ හේතුවෙන්‌ මේ වන විට රට තුල පවතින ඩොලර්‌ සංචිත රැක ගැනීම සඳහා අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කර ඇත. එහි එක්‌ පියවරක්‌ ලෙස මෝටර්‌ රථ සහ එම අමතර කොටස්‌ ආනයනය සීමා කර ඇත. එතුළින්‌ විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ ඉතුරු කර ගැනීමට අපට හැකිව ඇත. නමුත්‌ මේ ක්‍රියාවලිය “හේතුවෙන්‌ රට තුල අස්වාභාවික ලෙස රථවාහන වල මිල ඉහල ගොස්‌ ඇත. මෙතුලින්‌ වාහනයක්‌ මිළදී ගැනීමට බලාපොරොත්තු වන මෙරට ජනතාවද විශාල වශයෙන්‌ අපහසුතාවයට පත්ව ඇත.

විදේශයන්‌ හි සේවය කරමින්‌ මෙරට ආර්ථිකයට විශාල ශක්තියක්‌ වෙමින්‌ මෙරටට විදේශ විනිමය එවනු ලැබු විදේශ ගත ශ්‍රමිකයන්‌ හෙවත්‌ “රට විරුචන්‌’ කලක පටන්‌ ඔවුන්‌ හට තමා සේවය කරන රටේ සිට මිලදී ගත්‌ මෝටර්‌ රථයක්‌ මෙරටට රැගෙන ඒමට අවස්ථාවක්‌ ලබා දෙන මෙන්‌ ඉල්ලීම්‌ කර ඇත. ඒ අනුව වසරක කාලයක්‌ සඳහා එම “රට විරුවන්‌ හට එසේ මිලදී ගන්නා මෝටර්‌ රථය මෙරටට එවීමටත්‌ එසේ එවන මෝටර්‌ රථ සඳහා ගෙවිය යුතු තීරු බදු මුදල එම විදේශයේ සිට උපයනු ලබන ඩොලර්‌ යොදා ගනිමින්‌ මෙරට රජයට ගෙවීමට අවස්ථාව ලබා දීම තුලින්‌ සහ එම මුදල්‌ රට තුළ වෙනම ගිණුමක එක්රැස්‌ කිරීම තුලින්‌ අතිරේක ඩොලර්‌ සංචිතයක්‌ ‘ගොඩ නගා ගැනීමට හැකි වන අතර එමගින්‌ පහත සඳහන්‌ ප්‍රතිලාභ අප හට ලබා ගත හැක.

මෙම අවස්ථාව ලබා දීමේදී ‘රට විරුවන්‌’ මෙරටට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය, ඔවුන්‌ විදේශයන්හි සේවය කර ඇති කාල සීමාව වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර ඔවුනට යම්කිසි තීරුබදු සහනයක්‌ ලබා දිය හැකි නම්‌ එය. ඔවුන්‌ රට වෙනුවෙන්‌ සිදු කර ඇති සේවය පිළිබඳව සිදු කරන කෘතගුණ සැලකීමක්‌ බවද සිහිපත්‌ කරනු කැමැත්තෙමි.

SendShareShare
Previous Post

හිච්චා වෙන්න ලැබුණෙ මගේ පෙර පිනකට…

Next Post

ගැබිණියන් කියන දේ අහන්නේ නෑ! ලක්ෂ 2කින් එන්නත අරන් ඇත්තේ 3000යි! දැනට 19ක් මරුට! 700ක් රෝහලේ!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.