රැක්යාවට පැමිණෙන රාජ්‍ය සේවකයන් එකවර ප්‍රවාහන සේවා භාවිත කිරීම වැළැක්වීම සදහා ඉදිරි දින කිහිපය ඇතුළත ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව පමා වී සේවයට පැමිණිමේදී රතු ඉර සටහන් කිරීම අත්හිටුවීම සහ ශීඝ්‍රගාමී දුම්රිය සේවා අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
මේ හරහා එකවර සේවකයන් රැසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම අවම කිරීමට හැකිවනු ඇති බව ආණ්ඩුවේ විශ්වාසය වී ඇත.










