වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුතුරාජවෙල අභයභූමියේ (1 සහ 2) භෞතික සීමාවන් මාස හයක් තුළදී සීමා නිර්ණය කොට භාර දෙන බව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මේ බව පැවසීය.
සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට තවදුරටත් දැනුම් දුන්නේ, අභයභූමියේ දකුණු හා බටහිර මායිම්වල පාරිසරික ආරක්‍ෂිත ප්‍රදේශ මාස හයක් තුළදී භෞතිකව සීමා නිර්ණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පොරොන්දුවක් ලබා දී ඇති බවයි.
ධර්මවර්ධන මහතා අවධාරණය කළේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සියලු පාර්ශවයන්ගේ සහයෝගය මේ සදහා අවශ්‍ය බවයි.










