හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුනුපුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් සිය 21 වන ජන්ම දිනයේදී තම පියාණන් වන රවී ජයවර්ධන මහතා විසින් ත්‍යාගයක් ලෙස ලබාදුන් Smith and Wesson – 44 Magnum ගිනිඅවිය පොලිස් විශේෂ කාර්යය බළකා කෞතුකගාරය වෙත පරිත්‍යාග කර ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල රත්නායක මහතා විසින් එම පරිත්‍යාගය බාර ගෙන ඇති අතර එහි නිරික්ෂණ චාරිකාවකටද ප්‍රදීප් ජයවර්ධන මහතා එක්විය.
මෙම ගිනිඅවිය රවී ජයවර්ධන මැතිතුමා විසින් ඔස්ට්‍රේලියාවේ Metallic Silhouette Target තරග සදහා භාවිතා කළ ගිනිඅවියයි.
මෙම කෞතුකගාරයේ රවී ජයවර්ධන මහතා වෙනුවන් විශේෂ කොටසක් වෙන්කර ඇත.














