• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිනි එපා කිව්ව-මෝඩි හරවලා යැව්ව-මහින්ද බාරගත්ත මොකද්ද මේ අමුතු අඹ සෙල්ලම!

August 2, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මැතිනි එපා කිව්ව-මෝඩි හරවලා යැව්ව-මහින්ද බාරගත්ත මොකද්ද මේ අමුතු අඹ සෙල්ලම!
Share on WhatsAppShare on Facebook

1977 වසරේ ජූලි මාසයේ දිනයකි. උදෑසන හිරු කිරණ හොඳින් පතිත වෙමින් තිබිණි. කොළඹ පාකිස්තානු තානාපති කාර්යාලයෙහි එවකට සිටි දෙවැනි ලේකම්වරයකු වූ රෙහෙමාත් උල්ලා මහත් කඩිමුඩියේ යම් කටයුත්තකට නිරත වන්නට ලකලැහැස්ති වෙමින් සිටියේය. තමන්ගේ ප්‍රධානියා වූ එවකට ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපතිවරයා වූ කාලිඩ් කායිෂ්ගිගේ නියෝගයක් මත ඔහු එම රාජකාරිය ඉටු කරන්නට ගත්තේය. දැන් වේලාව උදෑසන 10ට පමණ ආසන්න වී තිබිණි. දෙවැනි ලේකම්වරයා තමන්ගේ සහායකයකු ලවා යමක් අඩංගු කළ තුනී ලීයෙන් සෑදූ පෙට්ටියක් තානාපති කාර්යාල රථයට පටවා ගත්තේය. අඩි 2×2 1/2 පමණ ප්‍රමාණයෙන් යුත් ලී පෙට්ටිය රැගත් රථය රියැදුරු විසින් එළවාගෙන ගියේ දෙවැනි ලේකම්වරයා පිටුපස අසුනේ වාඩිගෙන සිටියදීය. කොල්ලුපිටිය පැත්තෙන් පිවිසි රථය ධර්මපාල මාවත හරහා පැමිණ, ඇස්වාට්ටුව හන්දියට පැමිණ, රොස්මිඩ් පෙදෙස දෙසට ධාවනය වුණේය.

විනාඩි කිහිපයක් ගතවත්ම තානාපති කාර්යාල රථය නැවැත්වූයේ දිවයිනේ මහත් සුවිශේෂී වූ දොරකඩක් ඉදිරියේය. කොළඹ-7 රොස්මිඩ් පෙදෙසේ පිහිටා තිබෙන එවකට අගමැති ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ‘රොස්මිඩ් වලව්ව’ ඉදිරියෙහි නැවැත් වූ රථයෙන් දෙවැනි ලේකම්වරයා කඩිනමින් බැසගත්තේය. ඔහු තම සහායකයා ලවා රථයේ ගෙන ආ ලී පෙට්ටිය ඔසවා ගෙනැවිත් ‘රොස්මිඩ් වලව්ව’ ඉදිරියෙන් පිහිටා තිබෙන පොලිස් ආරක්‍ෂක අංශය වෙතට බාර දුන්නේය. එහි සිටි පොලිස් නිලධාරීන් මෙය කුමක් දැයි විමසා සිටියේය.

‘මෙය අතිගරු පාකිස්තාන ජනාධිපති සියා-උල්-හක් මැතිතුමාගෙන්, ශ්‍රී ලංකාවේ අගමැතිතුමියට එවා තිබෙන විශේෂ තෑග්ගක්. මෙහි තිබෙන්නේ පාකිස්තානයෙන් එවූ විශේෂ අඹ වර්ගයක්. ශ්‍රී ලංකාවේ සිටින පාකිස්තාන මහකොමසාරිස්තුමා මෙය එතුමියට බාර දෙන්න අපට උපදෙස් දුන්නා. මේ සමග ලිපියක්ද තිබෙනවා,’ යැයි දෙවැනි තානාපති ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේය.

විනාඩි කිහිපයක් යන්නට මත්තෙන් එහි පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ලේකම්වරයකු තෑගි පෙට්ටිය සහ ලිපිය ස්තුතිපූර්වකව බාර ගත්තේය. ලී පෙට්ටියේ හරස් අතට විවෘතව තිබෙන ලී පටි අතරින් ඇතුළත ඇති රන්වන් පැහැති අඹ ගෙඩි හොඳින් හඳුනාගත හැකි වූයේය. තෑග්ග සිරිමාවෝ මැතිනියට බාර දීමට වලව්ව ඇතුළට රැගෙන ගිය අතර, පාකිස්තාන තානාපති කාර්යාල රථය ආපසු පිටත්ව ගියේය. ගතවූයේ හරියටම දිනයක් පමණි. එනම් පසුදා උදෑසන 11ට ආසන්නව තිබිණි. යමක් රැගත් විශේෂ රථයක් පාකිස්තාන තානාපති කාර්යාලයට පැමිණියේය. රථයෙන් බිමට බට නිලධාරීන් දෙදෙනෙකු යමක් අඩංගු ලී පෙට්ටියක් රැගෙන තානාපති කාර්යාලය වෙතට පැමිණියේය. ඔවුන් එම ලී පෙට්ටිය සමග කවරයක බහාලූ යම් විශේෂිත ලිපියක්ද රැගෙන ආවේය. අදාළ පෙට්ටියත්, ලිපියත් අගමැතිතුමියගේ නිවෙසින් එවන ලද බැව් ඔවුන් පවසා සිටියේය.

වගකිවයුතු තානාපති නිලධාරියකු විසින් භාණ්ඩ බාරගත් අතර, අගමැති කාර්යාල වාහනය පිටත්ව ගියේය. ලිපිය එවා තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින් පාකිස්තාන කාලිඩ් කායිෂ්ගි වෙතය. පෙර දින අගමැති නිවෙසට ගිය දෙවැනි ලේකම්වරයා කඩිමුඩියේ එතැනට දිව ආවේය. දෙවියනේ, මහත් පුදුමයකි, පෙර දින තමන් විසින් අගමැතිතුමියට තෑගි දුන් අඹ පෙට්ටිය නැවැත තානාපති කාර්යාලයට එවා ඇත. ඔහුට දෙලොව රත්විය. ඔහු වහා ලිපිය රැගෙන තානාපතිවරයා වෙත ගොස් එය බාර දී කියා සිටියේ, තම කාර්යාලය යැවූ අඹ පෙට්ටිය නැවැත එවා ඇති බැව්ය. ලිපිය අතට ගත් තානාපතිවරයාද ගැහෙන දෑතින් ලිපිය කඩා කියවන්නට ගත්තේය. අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් එවා තිබුණු ලිපිය කියැවූ තානාපතිවරයාට සිහිය විකල් විය. එහි වූයේ පුදුමාකාර වදන් පෙළකි.

‘ගරු පාකිස්තාන තානාපතිතුමනි, පාකිස්තානයේ අඹ සුවඳින් සහ රසයෙන්ද ඉතා ඉහළ බැව් මම විශ්වාස කරමි. පාකිස්තානයේ ජනාධිපති ජෙනරාල් සියා-උල්-හක් මැතිතුමා විසින් මා වෙත එවන ලද එම අඹ පෙට්ටියට ඉතාමත්ම ස්තුතියි. එහෙත් මට කනගාටුවෙන් හෝ පැවැසීමට සිදුවී ඇත්තේ, මට එම තෑග්ග බාර ගැනීමට නොහැකි බවයි. ජනතාව විසින් තෝරාගත් පාකිස්තානයේ හිටපු අගමැති සහ ජනාධිපති සුල්ෆිකාරි අලි බූතෝගේ රුධිරය (ලේ) තැවරුණු දෙඅත් ඇති පුද්ගලයකුගෙන් මම මේ තෑග්ග ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කරනවා. ඒ උදාර නායකයා තුන් වැනි ලෝකයට මහත් සේවයක් ඉටුකළ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. කරුණාකර මෙම තෑග්ග එවපු තැනැත්තාටම මෙය නැවැත හරවා යවන්න.

පාකිස්තාන මහකොමසාරිස්වරයාට ඉහෙන්, කනින් දාදිය දාන්නට ගත්තේය. තමන්ගේ නායකයා වූ පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා-උල්-හක් වෙත කුමක් පවසා සිටින්නද? එහෙත් අගමැතිතුමියගේ ප්‍රකාශය තමන් වහා දන්වා සිටිය යුතුය. ඔහු අඹ පෙට්ටිය නැවැත පාකිස්තානය වෙත නොයැවූ අතර, එහෙත් අගමැතිනියගේ ලිපිය වහා පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යැව්වේය. එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වහා එම ලිපිය රාවල්පින්ඩි නගරයේ පිහිටි ජනාධිපති මැඳුර වෙත යැව්වේය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ එම ඉතිහාසගත ලිපිය ජෙනරාල් සියා-උල්-හක් ජනාධිපතිවරයා කියවන්නට ගත් අතර, ඒ මගින් ඔහු දැඩි කම්පනයකට පත්වූ බැව් එකල වාර්තා වී තිබිණි.

කාලයක් පුරා පාකිස්තානයේ හමුදා ප්‍රධානියා ලෙස සිටි ජෙනරාල් සියා-උල්-හක් හමුදා කුමන්ත්‍රණයකින් පසු එවකට පාකිස්තාන අගමැති ධුරය දැරූ ලොව මහත් ජනප්‍රියත්වයට පත්ව සිටි සුල්ෆිකාර් අලි බූතෝ බලයෙන් පහ කළේය. එතැනින් නොනැවැතුණු ජෙනරාල් සියා විසින් අලි බූතෝ සිර අඩස්සියටද පත්කළේය. ඉන්පසු ජෙනරාල් සියා 1977 වසරේදී පාකිස්තානයේ හමුදා පාලකයා බවට පත්ව, පසුව ජනාධිපතිවරයා ලෙසටද පත්වූයේය. ඔහු එලෙස වසර 10ක් ජනාධිපති ධුරයේ තම ඒකාධිපතිත්වය දක්වමින් පාලනය සිදුකළේය. කෙසේ හෝ එතැනින්ද නොනැවැතුණු ඔහු, තම කුරිරු පාලනය යටතේ සිර අඩස්සියට පත්කළ හිටපු අගමැති අලි බූතෝ හට විවිධ චෝදනා පවරා හමුදා අධිකරණයක් මගින් මරණ දඬුවමද පැමිණ වූවේය. අවසානයේදී අලි බූතෝ අගමැතිවරයා 1979 අප්‍රේල් 04 වැනිදා රාවල්පින්ඩි බන්ධනාගාරයේදී එල්ලා මරන ලදී. එවිට ඔහුගේ වයස අවුරුදු 51ක් වූ අතර, මෙම සිදුවීම මුළුමහත් ලොවම මහත් සංවේගයට සහ කෝපයටද පත් කළේය. මෙලෙස 1979දී අලි බූතෝ අගමැතිවරයාට මරණ දඬුවම නියම කිරීමෙන් පසු, එවකට ශ්‍රී ලංකා අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් එම දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ජනාධිපති ජෙනරාල් සියා-උල්-හක් වෙත තෙවතාවක්ම ඉල්ලීම් කර සිටියාය.

මෙම ඉතිහාසගත කතාන්දරය දැන් ඔබට හොඳින්ම පැහැදිලි ඇතැයි සිතමි. වසර 44කට පෙර මෙසේ ඇති වූ සිදුවීම ඔබට අද ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙර අප රටේ සිදුවූ තවත් ‘අඹ කතාවක්’ හේතුවෙනි. එනම් මෙයට දින කිහිපයකට පෙරදී බංගලිදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා විසින්, ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අඹ පෙට්ටියක් තෑගි කර එවීමේ සිද්ධියයි. එහෙත් මෙවර අඹ පෙට්ටිය ප්‍රතික්‍ෂේප කිරීමේ සිදුවීමක් නොවුණු අතර, අපගේ අගමැතිවරයා එම තෑග්ග බොහෝ ස්තුති පූර්වකව බාර ගත්තේය. කෙසේ හෝ එදා අඹ කතාවත්, මෙකල අඹ කතාවත් බොහෝ වෙනස් එකක් වීම එයට හේතු විය. මෙලෙස අපගේ ආසියාවේ රටවල් කිහිපයක් අතර මෙම අඹ තෑගි දීමේ කතාන්දරය කුමක්ද? සැබෑ ලෙසම මෙම අඹ තෑග්ගේ කතාවට බොහෝ දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙම වගතුග බොහෝ විට එළිපෙහෙළි වන්නේ ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය සහ නේපාලය යන රටවල් හරහාය. මෙම වතගොත එම රටවලදී බොහෝ ස්ථාවර මට්ටමකින් ගොඩනැඟෙන, දේශපාලනික වටාපිටාවක්ද ඇති කතාන්දරයකි.

මෙම ඉපැරැණි ඉතිහාසයක් ඇති අඹ තෑග්ගේ කතාව සම්පූර්ණයෙන්ම සිදුවන්නේ, රටවල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර රාජ්‍යතාන්ත්‍රික පසුබිමක් හරහාය. ආසියානු කලාපයෙන් ඇරැඹි මෙම ක්‍රමවේදයට භාවිත වන එක්තරා අපූරු ඉංග්‍රීසි නාමයක්ද ඇත. එනම් එය හඳුන්වන්නේ ‘මැන්ගෝ ඩිප්ලෝමසි‘ වශයෙනි. මෙහි සිංහල අරුත ලෙස ගත හැක්කේ ‘අඹ රාජ්‍යදූතය’ හෝ ‘අඹ රාජ්‍යතාන්ත්‍රිකය’ ලෙසිනි. එයට එලෙස නිසි සිංහල වදනක් නොතිබුණද, එම වදන් දෙක අප ‘මව්රට’ පුවත්පත විසින් සාදා තැබුවේ අපගේම පාඨකයන් උදෙසාය. මෙම තත්ත්වය යටතේ දැන් අපට හොඳින්ම හැඟී යන්නේ මෙම ක්‍රියාවලිය සිදුවන්නේ දෙරටක් අතර හොඳ හිත පවත්වාගෙන යෑමට බැව්ය. එසේ නම් මේ සඳහා ‘අඹ’ යන පලතුරම පමණක් තෑගි කරන්නේ ඇයි. එය සැබෑ ලෙසම සුවිශේෂී වගතුගකි. එනම් ලෝකයේ අංක එකට විශාලතම අඹ පලදාව ඇති රට වන්නේ ඉන්දියාවය. ඉන්පසු දෙවැනි තැන ඉන්නේ පාකිස්තානය වන අතර, තෙවැනි ස්ථානයෙහි සිටින්නේ බංගලිදේශයයි. නේපාලයද ඊට පසු ස්ථානයකට හිමිකම් කියයි. මෙය අපූරු වගතුගක් නොවේද?

මෙසේ මෙම ආසියාතික රටවලටම ආවේණික වූ සහ ඉතා සුවිශේෂී වූ, එමෙන්ම රසයෙන් හා ගුණයෙන්ද අනූන වූ අඹ වර්ග වෙයි. මෙම එකිනෙකට ආවේණික වූ අඹ වර්ග එකිනෙකා අතර තෑගි ලෙස හුවමාරු කර ගැනීම දැනට දීර්ඝ කාලයක් පුරා සිදු කෙරෙයි. මෙය එම රටවල්වල ඉපැරැණි රාජ සමයන් කරා පවා දිවෙන දීර්ඝ කතාවකි. එහෙත් මෙම ක්‍රියාවලිය බොහෝ සාර්ථකව සහ නොකඩවා සිදුකෙරෙන්නේ මෙයට වසර 50කට පමණ පෙර කාලයක සිටය. එනම් 1972 සිටි සහ දැනට සිටින රාජ්‍ය නායකයන් අතරෙහි මෙම ‘අඹ රාජ්‍ය දූතය’ සිදුවෙයි. මෙහිදී හෙළිවන විශේෂ වගතුගක් වන්නේ, බොහෝ විට එම රාජ්‍යයන් විසින් තෝරාගත් මිතුරු රටවල් රාශියකට මෙම ‘අඹ තෑග්ග’ යැවීමය. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවද ඉහළින්ම සිටියි.

මෙවැනි වටාපිටාවක් තිබියදී ඉතිහාසයෙහි වාර්තා වී ඇත්තේ තවත් අපූරු පුවතකි. එනම් 1999 වසරේදීද පාකිස්තානයේ සිටි හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් පර්වේස් මුෂාරෆ් විසින් හමුදා කුමන්ත්‍රණයක් සිදුකර එකල බලයේ සිටි අගමැති නවාස් ෂෙරීෆ් බලයෙන් පහ කළේය. ඉන්පසු ජෙනරාල් මුෂාරෆ් තමන් බලයෙන්ම ජනාධිපති ධුරයට පත්වී, පාකිස්තානය තුළ 2001 සිට 2008 දක්වා හමුදා පාලනයක් ගෙන ගියේය. එම කාලයේදී ශ්‍රී ලංකා ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට (2005 – 2015) ජෙනරාල් මුෂාරෆ් විසින් ‘අඹ තෑග්ග’ වසර දෙකක් පමණ ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එය බොහෝ ස්තුතිපූර්වකව බාරගෙන ඇත. එම සමයේදී පාකිස්තානයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ‘මුල්තාන්’ නමැති පාකිස්තාන අඹ වර්ගය කෑමට ඉතා කැමැති බැවින්, කිසිදු විටෙක ජෙනරාල් මුෂාරෆ් ලබාදුන් ‘අඹ තෑග්ග’ ප්‍රතික්‍ෂේප නොකළ බැව්ය.

කෙසේ හෝ මෙම ‘අඹ රාජ්‍ය දූතය’ නොහොත් ‘මැන්ගෝ ඩිප්ලොමසි’ කතාවේදී, මෙයට සති දෙකකට පමණ ඉහතදී පාකිස්තානය මුහුණ දුන්නේ අපූරු අර්බුදයකටය. එනම් සාම්ප්‍රදායික චාරිත්‍රය ලෙස පාකිස්තානය විසින් ‘මූල්තාන්’ අඹ ආසියාවේ රටවල්වලට පමණක් නොව බටහිර රටවලටද තෑගි කරයි. ඒ අනුව ඇමෙරිකාව, එංගලන්තය සහ කැනඩාවට පරිත්‍යාග කළ අඹ, මෙම කොරෝනා වසංගත නීති, රීති යටතේ බාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙහිදී තවත් සුවිශේෂී පුවතක් ලෙස වාර්තා වන්නේ, පාකිස්තානයේ අතිශය සමීපතම මිතුරා වූ චීනයද එම ‘අඹ තෑග්ග’ ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කිරීමය. චීනයද කොරෝනා නීති, රීති යටතේ එසේ සිදුකර ඇත.

මේ ආකාරයට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි විසින්ද තම මිත්‍ර රටවල් සඳහා මෙසේ ‘අඹ තෑග්ග’ පිරිනැමීම සිදුකරනු ලබයි. මෙලෙස සාම්ප්‍රදායිකව සිදුවන ‘අඹ රාජ්‍ය දූතය’ හරහා එම රටවල් අතර යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැඟීම අර්ථවත් වෙයි. එසේ වුවද බොහෝ අවස්ථාවලදී ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලනික මෙන්ම යුදමය අර්බුද රැසක්ද ඇත. එහිදී දේශපාලනික විචාරකයන් පවසා ඇත්තේ, එම අර්බුද අඹ තරම් රසවත් නොවන එකක් බැව්ය. මෙහිදී අපූරු පුවතක් ලෙස වාර්තා වන්නේ, ඉන්දීය – පාකිස්තාන දේශ සීමා අතර ගැටුම් තිබියදීම දෙරට අතර ‘අඹ තෑග්ග’ හුවමාරු කර ගැනීමේ සිදුවීම්ය. සත්‍ය ලෙසම එය යම් ප්‍රබල වූ මිතුරුකමේ කතාන්දරයක්ද වෙයි. කෙසේ හෝ මෙම දෙරට අතර කුමන අර්බුද තිබුණද, ඉතිහාස වාර්තාවලට අනුව දෙරට අතර කිසිදු විටෙක ‘අඹ තෑග්ග’ ප්‍රතික්‍ෂේප කිරීම සිදුවී නොමැත. ‘අඹ සහ ක්‍රිකට්’ මේ දෙරට යම් හිතවත්කමකට පත්කරන පාලමක් යැයිද පැවසෙයි. මෙලෙස ‘ආසියාවේ අඹ යාළුවන්ගේ කතාව’ ගලාගෙන යන විටදී අතිශයම අපූරු වගතුග ලෙස වාර්තා වන්නේ, කවුරු ශ්‍රී ලංකාවට අඹ දුන්නත්, ඔවුනට දෙන්නට අඹ අපට නොමැති වීමය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත් දුන්නු ගමකින් මිනිසුන් පන්නන්න හදයි! සජිත් ගමට යයි! සටනට ප්‍රතිඥා දෙයි! (VIDEO)

Next Post

සමුලු 2කට සහභාගී වෙන්න ජනපති බ්‍රිතාන්‍යයට-අමෙරිකාවට!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.