රටපුරා සියලුම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු යැයි දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේකයන් සියලු දෙනාම සාමාන්‍ය පරිදි අද සිට රාජකාරිවලට වාර්තා කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මේ අතර අධ්‍යාපන ලේකම්වරයාගේ දැනුම්දීම පිළි නොගන්නා අතර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට පාසල්වලට නොයන බව ගුරු හා විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වැටුප් විෂමතා ගැටළුවලට විසඳුම් ලබා නොදී සේවයට කැඳවීම පිළිනොගන්නා බව ද ගුරු හා විදුහල්පති සංගම් නායකයන් අධ්‍යාපන ලේකම්වරයා ලිපියක් යවමින් සඳහන් කර ඇත.










