ඇස්ට්‍රාසෙනිකා මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණ ශක්තිය මාස 4කින් අහෝසි වන බව ඒ සම්බන්ධයෙන් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
මීට ප්‍රථම විශේෂඥයන් සදහන් කර තිබුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ශක්තිය මාස 5ක කාලයක් රදා පවතින බවකි.
ශ්‍රී ලාංකිකයන් 553 දෙනකු යොදාගෙන කරන ලද නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණය කර ඇත.
එමෙන්ම සියලුම වයස් කාණ්ඩවල පුද්ගලයන්ට මෙම තත්ත්වය බලපා ඇති බවද මෙම පරීක්ෂණයෙන් තහවුරු කොට තිබේ.









