නිදහස් අධ්‍යාපනයට මරු පහරවල් එල්ල වෙන කිසිදු ප්‍රතිපාදනයකට හෝ වැඩපිළිවෙලකට සෘජුව හෝ වක්‍රව සමගි ජන බලවේගය සහාය ලබා නොදෙන බවත්, එවැනි ප්‍රතිපාදන සහ එවැනි වැඩපිළිවෙලවල් වලට කොන්දේසි විරහිතව එරෙහි වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පිරිස ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.










