ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ හෙට පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනාටම ඊට සහභාගීවීමේ අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ඊට පෙර, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.










