• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය නාවික හමුදා ආඥාපතිවරයා හෙලිකොප්ටරයකින් ගිහින් මන්නාරම් බොක්ක නිරීක්ෂණය කරයි! (VIDEO)

July 24, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉන්දීය නාවික හමුදා ආඥාපතිවරයා හෙලිකොප්ටරයකින් ගිහින් මන්නාරම් බොක්ක නිරීක්ෂණය කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook
ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් නැගෙනහිර නාවික අඥාපති ඒ.බී. සිං හෙලිකොප්ටරයකින් මන්නාරම් බොක්ක සහ දූපත් නිරීක්ෂණය කර තිබේ.

ඒ, ඉන්දීය – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යුද අභ්‍යාස දියත්වෙමින් පවතින පසුබිමක් තුළදිය.

තමිල්නාඩුවේ රාමේශ්වරම් ප්‍රදේශයට ඊයේ පැමිණි ඒ.බී. සිං වයිස් අද්මිරාල්වරයා කුන්දුකාල් ධීවර වරායේ නවතා තිබූ ඉන්දීය නාවික හමුදාවට අයත් අතිනවීන නාවික මුර යාත්‍රා දෙකක් නිරීක්ෂණය කළේ ය.

මන්නාරම ටේරානි ආශ්‍රිත මුහුදු තීරය හරහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා, මුහුදු කූඩැල්ලන්, මුහුදු අශ්වයින්, කහ ඇතුළු ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ජාවාරම් කිරීම හා ශ්‍රී ලංකාවේ සිට සිදුවන නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙම යාත්‍රා යෙදවීමේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුරුව හෙලිකොප්ටරයකින් මන්නාරම බොක්ක ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිත දූපත් වයිස් අද්මිරාල් ඒ.බී. සිං නිරීක්ෂණය කර තිබේ.

ශ්‍රී ලංකාව භූ දේශපාලනයේ වැදගත් මර්මස්ථානයක පිහිටීම හේතුවෙන් මේ වනවිට බලවත් රාජ්‍යවල උකුසු ඇසට අපගේ මුහුද හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා යොමු වී තිබේ.

චීන මැදිහත්වීම් මෙම කලාපයේ වර්ධනය වෙද්දී ඉන්දියාවත් අමෙරිකාව මෙන්ම බටහිර රටවල් ද මේ කලාපයේ සිය ක්‍රියාකාරකම් වර්ධනය කරමින් තිබෙන ආකාරයක් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි.

එහි ආසන්නතම සිදුවීම ලෙස ඉන්දීය නාවික හමුදාව සමග එක්ව බ්‍රිතාන්‍ය නාවික හමුදාව ඒකාබද්ධ නාවික යුද්ධ අභ්‍යාසයක නිරත විය.

බ්‍රිතාන්‍ය සතු විශාලතම ප්‍රහාරක තුවන් යානා ගෙනයාහැකි යුද නෞකාව වන ක්වීන් එළිසබත් නෞකාව ද මෙම අභ්‍යාසයට එක්ව සිටීම තුළ යුද අභ්‍යාසයේ ප්‍රබල බව පැහැදිලි වේ.

සංකීර්ණ අභ්‍යාස රාශියක් ඇතුළත් මෙගා නාවික අභ්‍යාසය පැවැත්වුණු අතර එය තීරණාත්මක මුහුදු මංතීරුවල හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ ය.

ඉන්දීය නාවික හමුදාව පැවසුවේ, ජුලි 21 සහ 22 යන දිනවල සිදු කළ හමුදා අභ්‍යාසය නාවික හමුදාවන් දෙකේම ඉන්දීය සමුද්‍රීය කලාපය තුළ එකට ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි දියුණු කිරීමට නිර්මාණය කළ එකක් බවයි.

එක්සත් රාජධානියේ ක්වීන් එළිසබෙත් ගුවන් යානා ප්‍රවාහක නෞකාව ඉන්දියානු සාගර කලාපයේ යොදවා ඇත්තේ රටවල් 40 ක සංචාරයේ කොටසක් ලෙසය.

මෙම යුද අභ්‍යාසයට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ නවතම ගුවන් යානා ප්‍රවාහක නෞකාව වන එච්.එම්.එස්. ක්වීන් එලිසබෙත් නෞකාවට අමතරව යාත්‍රා 23කට අමතරව ඇස්ටියුට් පන්තියේ සබ්මැරීනයක් ද ඇතුළත් වුණි.

ඉන්දියානු නාවික හමුදාව නියෝජනය කළේ, සට්පුර, රන්වීර්, ජෝති, කවරට්ටි, කුලිෂ් යන යුද නෞකා සහ සබ්මැරීනයකි.

මෙම අභ්‍යාසය සඳහා සබ්මැරීන් නාශක හා දිගු දුර මුහුදු යාත්‍රා නිරීක්ෂණ ගුවන් යානා සමූහයක් ද යොදවා තිබුණි.

ප්‍රහාරක නෞකා කණ්ඩායමක් යනු ගුවන් යානා ප්‍රවාහක නෞකාවකින් සමන්විත මෙගා නාවික බලඇණියක් වන අතර ඩිස්ට්‍රෝයර් වර්ගයේ නෞකා ඇතුළු පරිවාර නෞකා රැසකින් මෙය සමන්විත වේ.

ඉන්දීය නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් විවේක් මාධ්වාල් පවසා තිබුණේ “මෙම අභ්‍යාසය මගින් සබ්මැරීන් නාශක, ගුවන් යනා නාශක සහ ගොඩබිම් ඉලක්ක විනාශ කිරීම වැනි නාවික මෙහෙයුම්වල නියැලීමට කදිම අවස්ථාවක් ලබා දී ඇති බවයි.

නාවික අභ්‍යාසයට එෆ් -35 බී නවීනතම ප්‍රහාරක ජෙට් යානා යොදා ගෙන ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

SendShareShare
Previous Post

ජී.එල්. ආ උත්සවයේදී ලැප්ටොප් 10ක් දරුවන්ට බෙදා දී ෆොටෝ ගැනීමෙන් පසු 5ක් ආපහු අරන් ගිහින්! ඉතිරි 5 ගුරුවරු ගෙදර ගෙනිහින්!

Next Post

විනාස වුණු නැවෙන් තෙල් කාන්දු වෙන්න පටන් අරන්! මහා විනාශයක් අත ළගයි!

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.