• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතියේ දෙවඟන අත් බැඳලා
හාමුදුරුවරු පොලිසිය හමුදාව දේශපාලකයො
ඔක්කොම එකතු වෙලා විකුණගෙන කාපු
දුවේ අපිට සමාවෙන්න!

July 21, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
නීතියේ දෙවඟන අත් බැඳලා හාමුදුරුවරු පොලිසිය හමුදාව දේශපාලකයො ඔක්කොම එකතු වෙලා විකුණගෙන කාපු දුවේ අපිට සමාවෙන්න!
Share on WhatsAppShare on Facebook

මම කියන්නේ මොකක් ගැනද කියලා ඔබට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒකට හේතුව තමයි මේ පිටුව බලනකොට ඔබට දැන් මේ කතාව ගැන අදහසක් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීම ගැන ඔබට අදහසක් නැති එක. මම මේ කතාව කෙළින්ම අමුවෙන්ම කියන්නම්. මේ රටේ ඉන්න මොක්කු මොක්කු හරි එකතු වෙලා ලංකාවේ අවුරුදු 15ක කෙල්ලෙක් හෝටල්වල කාමරේට අරගෙන ගිහිල්ලා ඒ කෙල්ලත් එක්ක නිදාගෙන තියෙනවා. ඊට පස්සෙ ඒ කෙල්ලට සල්ලි දීල තියෙනවා. මේ රාත්‍රිය ගතකරන්න කලින් තැන් තැන්වල සැප පුටුවල ඉඳගෙන මේ වයසක මිනිස්සු අර තමන්ගේ දුව වගේ ඉන්න කෙල්ලත් එක්ක කෝපි බීලත් තියෙනවා. එහෙත් දැන් මේ කතාව සින්ඩරෙල්ලා කතාව වගේ. හිම කුමාරිව කැලේ මැදට අරගෙන ගිහිල්ලා අතරමං කරපු කතාව වගේ.

මහත්වරුනි, නෝනාවරුනි, තවදුරටත් අපිට බයිලා කියන්න එපා. අපිට වැදගත් වෙලා තියෙන්නෙ ඒ දරුවාගේ ජීවිතය වගේම ඒ දරුවා වගේ හෙට දූෂණය වෙන්න නියමිත දරුවන්ගේ ජීවිත. අපි දන්නවා මේ රටේ ඉන්න බලධාරීන්ට ඒ විදියේ අමාරුවක් කැක්කුමක් නෑ කියන එක. කොයිම තැනකවත් බලධාරියෙක් නීති අනුව ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක ගැන අපිට කවද හරි හිතිලා දැනිලා ඉවරයි. මතක තියාගන්න පත්තරකාරයෝ වුණාට අපිත් සාමාන්‍ය මිනිස්සු. අපිට හැඟීම් දැනීම් වේදනාවල් තියෙනවා. තරු පහේ හෝටල්වල සුරංගනා ලෝකවල අයිතිකාරයෝ නොවුණත් අපිට මේ මහ පොළොවේ හුස්ම ගන්න මිනිසුන්ගෙ දාඩිය සුවඳ දැනෙනවා.

අපිට වටින්නේ මේ පොළොවේ අයිතිය ඉල්ලන සාමාන්‍ය මිනිස්සු විතරයි. ඒ පොළොව කෑලි කඩලා බෙදාගන්න දේශපාලකයෝ, එහෙම නැත්තම් මේ පොළොවේ තමන්ගේ උරුමය හොයන බලධාරීන් අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන බව අපි දන්නවා. මේ දරුවත් එක්ක රාත්‍රිය ගතකරන්න පොරකාපු සල්ලිකාරයෝ අපිට වඩා ඉතා ශක්තිමත් කියලත් අපි දන්නවා. ඒ නිසා තොපිට මේ වෙලාවේ මේ නීතියේ රැහැනින් මිදිලා පැනලා යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, සොබාදහම කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. මේ අහස යට මහපොළොව උඩ නීතියට වඩා විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ බලවේගය විසින් ඔබ සියලු‍ දෙනාටම නොබෝ දිනක ගැළපෙන ගැළපෙන තාලේ දඬුවම් ලැබෙයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ බොහෝ අවස්ථාවල එහෙම දේවල්වලට දඬුවම් ලැබුණේ වැරදිකාර මිනිසුන්ට වඩා වැරදිකාර මිනිස්සු ආදරේ කරන අයට. ඒ නිසා මහතුනි පරිස්සමට ඉන්න.

මේ වෙලාවේ මේ කතාව ලියන්න හිතුවේ අපිත් මේ සිදුවීම දිහා ඇහැ කන ඇරගෙන බලාගෙන ඉන්න නිසා. මේ දරුවා එක්ක යහන්ගතවීම දැන් ලංකාවේ එක්තරා ප්‍රවෘත්තියක් විතරයි. මේ සිදුවීම විසඳන්නේ නැතුව, මේ සම්බන්ධව නීතිමය පියවර ගන්න නැතුව එක එකා එක එකාට ඇඟිලි දික් කරන තත්ත්වයට මේ ප්‍රශ්නය ඇවිල්ලයි තියෙන්නෙ. එක්කෙනෙක් කියනවා එක නමක් කියලා, ඒ හාමුදුරුවෝ වැරදියි කියලා. තව එක්කෙනෙක් කියනවා ප්‍රකට ගායකයෙක් වැරදියි කියලා. විවිධ නම් ඔය සිදුවීමත් එක්ක ගෑවෙනවා. හැබැයි අපිට පේන්නේ දැන් මේ සිදුවීමට යම්කිසි විදියකින් සම්බන්ධ නැති මිනිස්සු මේ සිදුවීමට ඈඳලා පෞද්ගලිකව පළිගන්න සෙල්ලමක් පටන් අරගෙන කියලා. අරයා වැරදියි කියලා ඇඟිල්ල දික් කර කර ඉන්නේ නැතුව, ඇයි බැරි ලංකාවේ නීතියට කොන්ද කෙළින් තියාගෙන තීරණයක් ගන්න. මෙතැන පණ තියෙන සාක්ෂියක් තියෙනවා. ඒ වගේම දුරකතන අංක සාක්ෂි සහිතයි. මේ නඩු විසඳන්න වෙලා තියෙන්නෙ 1950 නෙමෙයි. මේ ගතවෙලා යන්නේ 2021. ලෝකෙ විශාල වශයෙන් දියුණු වෙලා ඉවරයි.

තව දුරටත් එහෙට මෙහෙට වෙට්ටු කපන්නේ නැතුව ඇත්තටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ලංකාවේ පණ තියෙන නිලධාරීන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දූෂණය කරලා තියෙන්නේ, මේ විදිහට ගණිකාවක් බවට පත් කරලා තියෙන්නේ උඹේ අපේ පරම්පරාවේ හෙට දවසේ අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙල්ලෙක්. හෙට මේ මිනිස්සු විකුණන්නෙ උඹේ දුවද මගේ දුවද කියන එක අපි දන්නේ නෑ. මතක තියාගන්න ලංකාවේ මේ සෙල්ලම වෙන පළමුවැනි වතාවත් අවසාන වතාවත් මේක නෙවෙයි වගේම ලංකාවේ මේ වෙනකොට අලෙවි වෙන එකම ගෑනු ළමයත් මේ ගෑනු ළමයා නෙවෙයි. මේ වතාවෙත් ඔක්කොම එකතුවෙලා මේ සිදුවීමට යාන්තමට ගෑවිච්ච පොඩි පොඩි මිනිස්සු ටිකක් කොටු කරලා ලොකු ලොක්කෝ ටිකට පැනගන්න ඉඩ දෙන බව අපිට දැන් හිතෙනවා. අපි මෙහෙම කිව්වම මේ වෙනුවෙන් වෙහෙසෙන, මේ වෙනුවෙන් පරීක්ෂණ කටයුතු කරන, මේ වෙනුවෙන් දුක් විඳින පරීක්ෂණ නිලධාරීන්ට යම්කිසි වේදනාවක් ඇතිවෙන්න පුළුවන්. මහත්වරුනි, නෝනාවරුනි, අපි හිතන්නේ ඔබ වැරදියි කියලා නෙවෙයි.

අපි මේ කියන්නේ ඔබේ වෙහෙස, ඔබේ මහන්සිය අපතේ අරින්න එපා කියලා. අපි මේ කියන්නේ මේ වෙනකොට මේ සිදුවීම සෙල්ලමක් බවට පත් වෙමින් තියෙන නිසා. මෙවැනි සිදුවීමක් 2014 අවුරුද්දේ සිදුවුණා කියලා ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. එදා ඒ සිදුවීමට අදාළ දරුවාට මොන මට්ටමේ සාධාරණයක් ඉෂ්ට වුණාද කියන එක ගැන අද අපිට පැහැදිලි නෑ. එදා මේ සම්බන්ධව ලංකාවේ ප්‍රකට දේශපාලනඥයන්ගේ නම් ගෑවුණා. ඒ වගේම ප්‍රකට භික්ෂුන් වහන්සේලාගේ නම් ගෑවුණා. ඒත් ඒ සිදුවීම ඉවරවෙලා නම්ගම් සහිතව ඉදිරිපත් වෙච්ච බොහෝ අය අදත් ලංකාවේ ඉහළ සමාජයේ වැජඹෙමින් ඉන්නවා. අපිට ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නෑ.

ඇත්තටම දැන් අපිට පේන්නේ මේක නිකම් විකාරයක් බවට පත්වෙලා කියලා. අද වෙනකොට මේ ගෑනු දරුවාගේ සිදුවීම ලංකාවේ යම් යම් සමාජ ස්ථරවල ඉන්න මිනිසුන්ට දඬුවම් දෙන්න යොදාගන්නා ආයුධයක් විතරයි. සියලු‍ම මට්ටමේ මිනිසුන්ගෙන් අපි ඉල්ලන්නේ ඔබ මනුස්සයෙක් නම් මේ තරම් පහත් තත්ත්වෙට වැටෙන්න එපා. ඔබ මේ සෙල්ලම් කරන්නේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක. ලංකාවේ ඉන්න සල්ලිකාරයෝ කීපදෙනෙක් තමන්ගේ අතේ ඉතිරි වෙන සල්ලිවලින් රාත්‍රියක් ගතකරන්න පොඩි කෙල්ලෙක්ව හොයන කොට, ඔබ මේ කරන්නේ ඊටත් වඩා පහත් වැඩක්. දැන් මේ වෙනකොට ඒ කෙල්ලව සල්ලි දීලා දූෂණය කරපු මිනිස්සුන්ට වඩා විශාල පිරිසක් මාධ්‍ය අස්සේ මේ දරුවා දූෂණය කරනවා. ඔබට ඒ වේදනාව නොදැනෙන්නේ ඒ ඔබේ දරුවා නොවන නිසා. මම දන්නවා මේ වෙලාවේ ඔබ හිනාවෙනවා ඇති ඒ දරුවාගේ අම්මටත් ඒ වේදනාව දැනුණේ නැහැ කියන එක කියලා. ඔව්, අවාසනාවකට ඒ දරුවාට අම්මෙක් කියලා නමට කෙනෙක් හිටියට අම්මෙක්ගේ ආදරේ තියෙන ඇත්ත අම්මෙක් හිටියේ නෑ.

හැබැයි ඒ අම්මගේ මවුවත්කම නැති කරලා ඒ අම්මව අවුරුදු දහතුනේදී, දාහතරෙදී දූෂණය කළෙත් උඹයි මමයි අයිති වෙලා ඉන්න මේ කාලකණ්ණි සමාජයම තමයි. ඒ අම්මව සල්ලිවලට ගත්තේ අපේ සමාජයට අයිති එවුන්. ඒ නිසා තව දරුවෙක්ට ඒ වගේ අම්මා කෙනෙක් වෙන්න ඉඩ තියන්න එපා. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ළමා ලිංගික ජාවාරම ලංකාවේ සිද්ධවෙන්නේ ඉතා රහසිගතව, නීතිය නොදැන කිසිම කෙනකුට දැන ගන්නට බැරිවෙන විදියට කියලා ඒක මහා බයිලා කතාවක්. මේ සිද්ධිය දැක්කම අපිට හිතෙන්නේ ගම්වල කියන මෙන්න මේ කතාව ඇත්ත කියලා. ඒ තමයි “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව”‍ කියන එක. නීතිය රකින්න ඕන අය නීතියට පිටින් ගිහිල්ලා අනීතික විදිහේ ව්‍යාපාර කරනකොට, දොස්තර මහත්තුරු පොලිස් නිලධාරීන් ගෙදරට බොරු කියලා රාත්‍රියේ අවුරුදු 15 ගැනු ළමයෙක් එක්ක හෝටල් කාමරයක ගතකරන කොට, මේ ප්‍රශ්නේ කියන්නේ කාටද?

ඒ නිසා අපි කෙළින් කතා කරමු. අපේ රටේ ඉන්න හුඟක් අය කාමරයක් ඇතුළෙ දී සුචරිතවාදී නෑ. අපි එහෙම වෙන්න කියන්නෙත් නෑ. මිනිස්සු හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඒත් ඒක පෞද්ගලික ජීවිතයක් මිසක් තිරෙන් පිටිපස්සෙ ජීවිතයක් නොවෙන්න ඕනෙ. මේ දරුවා වගේම තව දරුවො සියදහස් ගානක් මේ වෙනකොට ලිංගික ශ්‍රමිකයො වෙලා. එහෙම නැත්නම් ලිංගිකව පාවිච්චි වෙන තැනට පත්වෙලා. සමහරු දැන සහ සමහරු නොදැන මහලු‍ මිනිසුන්ට සංතෝෂය සපයනවා. අවාසනාවකට ඒ මහලු‍ මිනිසුන් වෙනුවෙන් තවත් බොහෝ දෙනෙක් හිටගන්නවා.

“ආං අර අරයා තමා අර…!”‍
“අපෝ මං නෙමේ, අරය වෙන්ඩ ඇති..!”‍
“මෙන්න මෙයා තමයි ඔය කියන්නෙ…!”‍

කියලා එහෙට මෙහෙට බෝලෙ පාස් කරලා හති වැටුණම ඔක්කොම එක්ක එකතු වෙලා අඩියක් ගහලා ගෙදර යන සමාජෙක දුවේ උඹලට සාධාරණයක් වෙන්නෙ නෑ. ඒක නිසයි කියන්නෙ ධනපති නීතිය මකුලු‍ දැලක් කියලා. මකුලු‍ දැලට අහුවෙන්නෙ පොඩි එවුන් විතරයි. ලොකු එවුන් ඔක්කොම මකුලු‍ දැල කඩාගෙන පැනලා යනවා. මේ වතාවෙත් ඒක ඔප්පු වේවි සමහර විට. නීතියේ පිළිසරණ විතරක් තියෙන අපේ පරම්පරාවට අහසෙන් පොළොවෙන් සාධාරණය ඉල්ලන්න වේවි.

මේ යන විදියට හිතෙන්නෙ එහෙම. අපි ඔබට ගිය සතියෙ කියපු නම් තනතුරු ලැයිස්තුවේ එක එක තනතුරු දන් අඩුවෙන්න පටන් අරගෙන. අන්තිමට වැරදිකාරයො වෙන්නෙ ඒ දරුවයි අම්මයි තාත්තයි. ඒ මිනිස්සු ඒ තැනට පත්කරපු සමාජෙ ගල් ගහන්න ලෑස්ති‍යි.

හැමෝම එකතු වෙලා නීතියෙ දෙවඟනගෙ ඇස් දෙක බැඳලා තියෙන්නෙ. ඒ නිසා ඈ වැරදි නෑ. ඈ කරන්නෙ පේන දේ නෙවෙයි, ඇහෙන දේ. ඈ තරාදියෙ දාලා මනින්නෙ සාක්ෂි. සාක්ෂි කියන්නෙ මුදල්.‍ රාත්‍රියකට හතළිස් දාහක් පනස් දාහක් ගෙවන සල්ලාලයන්ට නිදහස් වෙන්න ගෙවන්න පුළු‍වන් මිල අසීමිතයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, කඩුව නොතිබ්බා නම්, මේ වෙනකොට නීතියේ දෙවඟනගෙ ජීවිතෙත් අවදානම්. හුඟ දෙනෙක් ඒ තරම් සත්තු.

සමාවෙන්න දුවේ… අපිට උඹව පරිස්සම් කරගන්න බැරි වුණා. උඹේ රාත්‍රියක මිල ගණන් නොහදා උඹේ ජීවිතේ මිල හෙව්වා නම්, උඹ අමිලයි. ඒ අපිට, උන්ට නෙවෙයි. දැන්වත් ජීවත් වෙන්න පටන් ගන්න.

නෝනාවරුනි, මහත්වරුනි ළමා ආරක්ෂක අධිකාරිය, පොලීසිය, අධිකරණය ඇතුළු‍ බොහෝ තැන් දිහා අපි බලාගෙන ඉන්නෙ. ඔබ නිදොස් නම් දොස් සහිත උන්ව හොයන්න. උස, මහත, දිග, පළල ගැන නෙමේ හෙට ගැන හිතන්න. මේ අලෙවි පුරේ විකිණෙන්නෙ ඔබ ද මම දකියන එක ගැන සිහියෙන් ඉමු.මේ නරක කාලයක්.
–ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

5000 බෙදීමේදී වංචාවක්! වහාම පරීක්ෂණ ඇරඹේ!

Next Post

අම්මලා තාත්තලා දරුවව මරනකොට අම්මව මරපු පුතු හිටියලු සූර්පිට…

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.