ආණ්ඩුව සම්මත කිරීමට සූදානමින් සිටින කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් එක් වී විරෝධය පෑමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඊයේ දින මෙම කෙටුම්පතට එරෙහිව ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංගමය නිහඩ විරෝධයක නිරත වී තිබිණ.
ඊට මොරටුව, කොළඹ, විවෘත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්ද එක්ව ඇත.
මෙම කෙටුම්පත වෙනස් කිරීමට කටයුතු නොකළහොත් ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සූදානම් බවද සරසවි ආචාර්යවරු සදහන් කර සිටිති.
අගෝස්තු 03 වැනිදා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.










