බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.
ඒ අනුව වැඩි ඡන්ද 91කින් විශ්වාසභංග යෝජනාව පරාජය වී තිබේ.
සමගි ජන බලවේගය, ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු සහ කුමාර වෙල්ගම ජන්දය විමසන අවස්ථාවේ සභාගැබේ නොසිටියහ.
ආණ්ඩු පක්ෂයේ විජයදාස රාජපක්ෂ මහතාද පැමිණ සිටියේ නැත.










