දෙමටගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මත ඉදිකෙරන මාර්ගය හරහා මහබැංකු කොල්ලයටත් වඩා විශාල මංකොල්ලයක් සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඉකුත් යහපාලන රජය සමයේ මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 1374කට 0.1%ක පොලිය යටතේ සිදුකිරීමට ජපානය සමග ගිවිසුම් අස්සන් කර තිබුණද වත්මන් රජය එය අහෝසි කොට ඩොලර් මිලියන 1620ක වියදමකින් 23%ක පොලිය යටතේ චීනයට ලබා දී ඇති බව ඒ මහතා කීය.
මෙය මහබැංකු මංකොල්ලය මෙන් විසිගුණයක සාහසික කොල්ලයක් බවද ඒමහතා කීය.










