• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බකට් නිසා විකට් ගිය ක්‍රිකට් චරිත!

July 14, 2021
in Exclusive, News
Reading Time: 5 mins read
A A
බකට් නිසා විකට් ගිය ක්‍රිකට් චරිත!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද ඇද වැටී ඇත්තේ පෙර කිසිදා ඇදනොවැටුණු තරමේ දරුණු අගාධයකටය. කෙදිනක ඉන් ගොඩ ඒ දැයි සිතාගත නොහැකි තරමටම එම තත්ත්වය බරපතළ වී ඇත.
පසුගිය කාලය පුරාම පරාජය පමණක් අත්විඳි ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය එංගලන්ත තරග සංචාරයේදීද අත්වූයේද සුපුරුදු පරාජයමය. තරග පරාජයේදී ප්‍රේක්ෂකයන්ගෙන් විවේචන එල්ල වීම සාමාන්‍ය තත්ත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්ද එවැනි විවේචන රාශියක් පසුගිය කාලය පුරාම එල්ල විය.

තරග පරාජය වීම පමණක් නොව ඒ අතරතුර ක්‍රීඩකයන් විනය විරෝධීව හැසිරෙන ආකාරයද සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබීමෙන් පසුව ප්‍රේක්ෂකයන්ගේ විවේචන දෙගුණ තෙගුණ වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම තරග පරාජය වද්දී, තරගයක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් විනය විරෝධීව හැසිරෙන ආකාරය දකින ඔනෑම කෙනකුට එම ක්‍රීඩකයන් පිළිබඳව විරෝධයක් පැන නැඟීම පිළිබඳ පුදුම විය යුතු නැත. ඒ මේ රටේ බොහෝ දෙනකු ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කිරීම මතය. එලෙස තරග අවසානයේ විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවිය යුතුය යන තරමටම ඒ විරෝධය දැන් බලවත් වී ඇත.

ජීවිතාන්තය දක්වා තරග තහනමක් පිළිබඳව කතා කිරීමේදී අපේ මතකය දිව යන්නේ 1982 වසරේ ක්‍රියාත්මක වූ තහනම් දකුණු අප්‍රිකානු සංචාරය වෙතටය. ඒ අපේ ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවූ පළමු සහ එකම අවස්ථාව එය වීම මතය.

එම තරගාවලිය දියත් වූයේ ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා මාස කිහිපයකට පසුවය. ඒ වනවිට දකුණු අප්‍රිකාවේ පැවැති වර්ගවාදී ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් එරටට පනවා තිබිණි. කෙසේ නමුත් තරග තහනම නොසලකා වෙනත් රටවල ක්‍රීඩකයන් ගෙන්වා තරග පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර අතර එලෙස පැමිණෙන ක්‍රීඩකයන්ට විශාල මුදලක්ද ලබා දෙනු ලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකා සංචාරයක් සඳහා පිටත්ව යන්නේද එවැනි තරගාවලියක් සඳහාය.

එම කණ්ඩායමේ නායකත්වය දැරුවේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුරය. මෙරට පළමු ටෙස්ට් කඩුලු රකින්නා වූ මහේෂ් ගුණතිලක, ප්‍රබල දඟ පන්දු යවන්නන් දෙපලක් වූ ලලිත් කළුපෙරුම සහ අජිත් සිල්වා මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ අනුර රණසිංහද එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතර විය.

අවසර නොමැතිව දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීම හේතුවෙන් එම ක්‍රීඩකයන් සියලු දෙනාට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය.
බොහෝ දෙනකුගේ අදහස වී ඇත්තේ එම තීරණයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වසර ගණනාවක් ආපස්සට ගිය බවය. අත්දැකීම් බහුල මෙරට පළමු ටෙස්ට් නායකයාගේ සේවය කණ්ඩායමට අහිමි විය. මහේෂ් ගුණතිලකගෙන් හිස් වූ කඩුලු රකින්නාගේ තනතුර පිරවීමට සුදුස්සෙක් තවත් වසර ගණනාවක් යනතුරු මෙරටින් හමු නොවිණි. කලුපෙරුමගෙන් සහ අජිත් ද සිල්වාගෙන් හිස් වූ දඟපන්දු බලඇණියද එසේමය.

දකුණු අප්‍රිකාවේ තහනම් සංචාරයේ නිරත වූ ක්‍රීඩකයන්ට පැනවූ තරග තහනම ඉවත් කිරීමට පසු කලක ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළ නමුත් ඒ වනවිට එම ක්‍රීඩකයන්ට ක්‍රීඩා කළ හැකි වයස ඉක්මවා ගොස් තිබිණි. එම තරගාවලියට එක් වීමට ගත් තීරණය පිළිබඳව තමන් කනගාටුවන බව එම ක්‍රීඩකයන් බොහෝ දෙනකු පවසන ආකාරයද පසුව දැක ගත හැකි විය.

ඉන් අනතුරුව ජාත්‍යන්තර තරගාවලියක් අතරතුර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් අපේ ක්‍රීඩකයන්ට චෝදනා එල්ල වූ අවස්ථාවක් සොයා ගත නොහැකිය. ලෝකයේ ඇතැම් රටවල ක්‍රීඩකයන්ට එල්ල වූ තරග පාවාදීමේ චෝදනාව හෝ ජාත්‍යන්තර තරග සම්බන්ධයෙන් අපේ ක්‍රීඩකන්ට එල්ල වී නොමැත. සෑම දෙනාම අපේ ක්‍රීඩකයන්ට දැඩි සේ ආදරය කළේද ඒ නිසාය.

නමුත් පසුගිය වසර කිහිපය පුරා කෙමෙන් කෙමෙන් එම තත්ත්වය වෙනස් විය. පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියක් අතරතුර ක්‍රීඩකයන් ජයග්‍රහණය සමරන ආකාරයත්, ඒ අතරතුර ප්‍රේක්ෂකයන්ට බැන වදින ආකාරයත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. අනතුරුව පසුගියදා මෙරටදී පැවැති එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයේ කාඩ් සෙල්ලම් කරමින් සිටින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේද විකාශනය විය.

දැන් තත්ත්වය වෙනස් වී ඇත. අද වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනකුට ජීවිතාන්තය දක්වා තරග තහනම් කළ යුතු යැයි බලපෑමක් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වෙමින් ඇත. මෙහිදී විමසා බැලිය යුත්තේ එම ක්‍රීඩකයන්ට තරග තහනමක් පැනවීමෙන් ශ්‍රීලංකාවට සිදුවන හානිය කෙතරම් බරපතළ වනු ඇද්ද යන්නය.

නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක එංගලන්ත සංචාරය අතරතුරදී සිදු කළේ කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි වරදකි. ඒ පිළිබඳව විවාදයක් නැත. නමුත් එම ක්‍රීඩකයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවුවහොත් ඒ හරහා විනාශ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය බව අපේ අදහසය.

නිරෝෂන් දික්වැල්ල යනු පසුගිය සමයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම දස්කම් පෑ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකි. ක්‍රිකට් ආයතනය මඟින් මේ වසරේ වැඩිම ගෙවීම් සිදු කරන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනකු බවට දික්වැල්ල පත් වූයේද ඒ හේතුව මතය. ධනුෂ්ක ගුණ්තිලකද එංගලන්ත තරගාවලියේදී දස්කම් දැක්වූ පිතිකරුවන් අතලොස්ස අතරින් කෙනෙකි. එමෙන්ම කුසල්මෙන්ඩිස්ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් යෙදවිය හැකි යහපත් අයෝජනයකි.

ජාත්‍යන්තර පිටියේදී මේ වන විට වඩාත් වැදගත් සාධකය වන්නේ අත්දැකීම්ය. දක්ෂ ක්‍රීඩකයන් සොයා ගත හැකි මුත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සොයා ගැනීම එතරම් පහසු නැත. අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ට තරග තහනමක් පැනවුවහොත් ඒ හරහා විනාශවන්නේ මේ දක්වා එම ක්‍රීඩකයන්ව ගොඩ නැගීමට ගත් උත්සාහය සහ කාලයය.

වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දුර්වලතාවය බවට පත්ව ඇත්තේද අත්දැකීම අඩු වීමය. එවැනි පසුබිමක අත්දැකීම් සහිත දක්ෂයන් අහිමි කර ගැනීම කිසිසේත් දරා ගත නොහැකි පාඩුවක් වනු ඇත.

මෙහිදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන්ද යමක් පැවසිය යුතුය. එදා කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක භාවිතා කිරීම මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවද්දී, ඊට මෙරට සෑම ක්‍රිකට් ලෝලියෙකුම විරුද්ධ විය. එහෙත් අද ක්‍රීඩකයන්ට තරග තහනම් පැනවිය යුතු යැයි යෝජනා කරන තැනට ප්‍රේක්ෂකයන්ව පත් කර ඇත්තේද ක්‍රීඩකයන් විසින්මය. විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩකයන් මේ ආකාරයෙන් කතාබහට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවීමය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ක්‍රීඩකයන් මේ ආකාරයේ වැරැදිවලට සම්බන්ධ වී ඇත.
ධනුෂ්ක ගුණ්තිලකට මීට පෙරද තාවකාලික තරග තහනම් පැනවීමට ක්‍රිකට් ආයතනයට සිදු විය. අවස්ථා කිහිපයකදීම කුසල් මෙන්ඩිස්ගේ නමද විවිධාකාරයේ සිදුවීම් සමඟ ඈඳුණු ආකාරය දැක ගත හැකි විය. ක්‍රීඩකයන් එවැනි සිදුවීම්වලින් පාඩම් ඉගෙන නොගන්නේ නම් ඔවුන්ට දඬුවම් ලබා දීම හැර වෙනත් විකල්පයක් ඇත්තේද නැත. ක්‍රිකට් වැනි මහත්වරුන්ගේ ක්‍රීඩාවකට එය වඩාත් අදාළය. නමුත් ඒ හරහා ක්‍රිකට් අනාගතයට සිදුවන බලපෑම පිළිබඳවද සුලුවෙන් තැකිය නොහැක.

ක්‍රීඩකයන්ගේ විනය පිරිහීම සම්බන්ධයෙන් රටපුරා කතාබහක් ගොඩනැගෙද්දී, ඒ පිළිබඳව අදහස් දැක්වීමට හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් කිහිප දෙනකුද කටයුතු කර තිබිණි. ඒ අතරින් ඉදිරියේම සිටියේ හිටපු නායක අර්ජුන රණතුංග මහතාය. රණතුංග මහතා පවසා තිබුණේ අතීතයේදී තරගයක් පරාජය වීමෙන් පසු එළියට ගොස් ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දීමට තමන් ලැජ්ජා වූ බවය.

“දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ විනය දිහා බැලුවාහ හරිම කනගාටුයි. අපිට එක කාලයක් තිබුණා තරග පැරදුණාම එළියට යන්න ලැජ්ජයි. එංගලන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්න ලැජ්ජයි. මොකද ඒගොල්ලන්ව පරාජය කළා කියලා අපි හිතනවා. ඒ ගොල්ලන්ට ලැජජා කළා කියලා අපි හිතනවා. අද එහෙම දෙයක් නැහැ. මේ ක්‍රීඩකයන් පළවෙනි පාරට නෙවෙයි මේ තත්ත්වයකට ඇවිත් තියෙන්නේ.”

රණතුංග මහතා අදහස් දක්වා තිබුණේ එසේය.
එහිදී එම ක්‍රීඩකයන් තම කණ්ඩායමේ සිටියා නම් ගන්නා පියවර පිළිබඳවද රණතුංග මහතා අදහස් දක්වා තිබිණි.

“මගේ කාලේ නම් ඔහොම ක්‍රීඩකයන්ට අයාලේ යන්න දෙන්නේ නැහැ. මගේ කාලයේ මේ අය හිටියා නම් අද වෙද්දි මේ තුන්දෙනාම දක්ෂ ක්‍රීඩකයෝ. සමහරවිට කනේ පහරවල් දෙක තුනක් වදින්න තිබ්බා. මම ඒ කාලේ එහෙමත් කරලා තියෙනවා. එදා මගෙන් කනේ පහරවල් වැදුණු අය අදටත් ඒ ගැන තරහක් නැතිව ආදරෙන් කතා කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ මගේ කාලයේ වුණා නම් ඔය ක්‍රීඩකයන්ට ඔය විදියට සමාජ මාධ්‍ය පරිහරණයට ඉඩ දෙන්නෙත් නැහැ. මේ ළමයින්ව හදා ගන්න බැරි නැහැ. ඒත් සෙල්ලම් කරන ළමයින්ව හදා ගන්න නම් ඒකට පාලකයෝ හැදිලා ඉන්න ඕනෑ. ඒ අය ආදර්ශවත් වෙන්න ඕනෑ.”

රණතුංග මහතා පැවසූයේ එසේය.

ක්‍රීඩාවේ නියැළෙන්නේ ක්‍රීඩකයන් වුවද, ජාතික ක්‍රීඩාවක වැඩි අයිතිය ඇත්තේ රටේ ජනතාව සතුවය. එබැවින් ජාතික කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයන් රටේ ජනතාවට වගකිව යුතුව ඇත. නමුත් ජාතික කණ්ඩායමක් දුර්වල වීමේදී එහි බලපෑම සිදුවන්නේද සමස්ත ජාතියටමය.
–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපතිටත් ක්‍රිකට් එපා වෙයි! වහාම කමිටුවට අද එන්න කියයි!

Next Post

කෝප් කමිටුවට බාල්දියක් පෙරළෙන ලකුණු

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.