මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර මහතා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA ) සභාපති ලෙස අද (13) පෙරවරුවේ වැඩ බාරගෙන ඇත.
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විසින් එම පත්වීමට අදාල ලිපිය අද උදැසන ඔහුවෙත ලබා දී තිබිණ.
මීට පෙර මේජර් ජනරාල් (විශ්‍රමික) උදය නානායක්කාර මහතා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළේය.










