රාගම ශීක්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ වෛද්‍යවරියකගේ කාමරයකට අනවසරයෙන් ඇතුල් වී ඇය ඇඳුම් මාරු කරනු ලබන අවස්ථාවක ඇයගේ ඡායාරූප ගත් වෛද්‍යවරයා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
කොළඹ ජාතික රෝහලේ සේවය කරන සැකකාර 35 හැවිරිදි වෛද්‍යවරයා මීට පෙර රාගම ශික්‍ෂණ රෝහලේ සේවය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසිය.
රාගම පොලිස් ස්ථානය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද සැකකරුට එරෙහිව මෙවැනිම තවත් පැමිණිලි දෙකක් ද පොලිසියට ඉදිරිපත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.










