රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින බවත්, ඒ සදහා කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රසායන පොහොර ආනයනය කිරීමට රජය සූදානම් බවට ඇතැම් වෙබ් අඩවිවල පළ වී ඇති ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් එම ප්‍රචාරය රසායනික පොහොර ආනයනය කිරීමෙන් වාසී ලැබූ පාර්ශවයන්ගේ කූඨ ව්‍යාපෘතියේම කොටසක් බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .










