ඊයේ (07) රාත්‍රියේ සුවිශේෂ පුවතක් ලෙස අප වෙබ් අඩවිය මගින් අනාවරණය කළ පරිදිම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර අලුත් අමාත්‍ය තනතුරක දිවුරුම් දුන්නේය.
ඒ, ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසටය.
අප ඊයේ රාත්‍රියේ මෙම පුවත පළමු වතාවට අපගේ වෙබ් අඩවියේ අනාවරණය කළේ මෙසේය.
බැසිල් එක්ක මහින්දත් දිවුරයි! අලුත් තනතුරකුත් ලැබෙයි!
හෙට (08) දිනයේ මුදල් අමාත්‍ය ධූරයේ දිවූරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතාද නැවත වතාවක් දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මුදල් අමාත්‍ය ධූරයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කොටස වෙනම අමාත්‍යංශයක් ලෙස නිර්මාණය කොට එය අගමැතිවරයා යටතට පත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව විෂයයන් ගණනාවක් අගමැතිවරයා වෙත පැවරීමට මේ හරහා පියවර ගනු ඇති බවද දැනගන්නට ඇත.










