• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිපගැනීම් 2ක්! බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිටයි ලංකාවේ සෞඛ්‍ය ඇමැතිටයි ‌වෙච්ච දෙයක්!

July 8, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
සිපගැනීම් 2ක්! බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිටයි ලංකාවේ සෞඛ්‍ය ඇමැතිටයි ‌වෙච්ච දෙයක්!
Share on WhatsAppShare on Facebook

මඳ වේලාවක් පිටත බලාගෙන සිටි දඩයක්කාරයා තමන්ගේ ගෘහයේ දොරටුව වසා දැම්මේය. ඔහු එසේ කළේ තමන්ගේ නිවෙස්නය තුළ තමන්ට ඇවැසි වූ දඩයම කොටුකරගෙන සිටිය හෙයිනි. දැන් එකෙකුටවත් තමන්ගේ ගෘහයට කඩාවැදිය නොහැක. තමන්ට තිබෙන්නේ අල්ලාගත් ගොදුර රිසිසේ රස විඳීමය. ඔහු සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන කුරිරු දඩයම් ඩැහැගන්නකු නොවේ. එසේ නම් ඔහු කවුද? ඔහු සැබෑ ලෙසම ප්‍රේමණීය දඩයක්කාරයෙකි. තමන් අල්ලාගත් දඩයමද ඔහුට ගොදුරු වන්නේ කුරිරු වූ ආකාරයකින් නොවේ. දඩයමද, දඩයක්කාරයාට දක්වන්නේ අසීමිත ප්‍රේමයකි. පුදුමයකි, ගතවන්නේ තත්පර කිහිපයක් පමණි. දඩයම වහා කඩාපැන දඩයක්කාරයාගේ ගතම වෙළා ගනියි. ප්‍රේමය උතුරයි, රාගය වැගිරෙයි. දඩයම්කරුවන්, දඩයමත් එකිනෙක වෙළෙමින්, තොල් යුගල සිප වැලඳ ගනිමින් මහත් වූ රාගික දසුනකට මුල පුරයි. තමන්ගේ අසපුව තුළ මෙය වෙනත් කවුරුන් දකින්නද?

‘ලෝකය රඟමඬලකි, එහි රඟන නළුවෝ අපි වෙමු’ යැයි අපූරු කියමන කිව්වේ මහා කවි සහ මහා නාට්‍යවේදී විලියම් ෂේක්ශ්පියර්ය. එම කතාව සිහියට නංවමින් ඉහත වූ අපූරු දඩයක්කාරයාගේ කතාවද පසුගියදා එළිපෙහෙළි වූයේ, ෂේක්ශ්පියර් සාහිත්‍යධරයාගේ උපන් භූමියට වූ එංගලන්තයෙන්මය. එම අපූරු ශෘංගාරය දනවන කතාව දොරට වැඩියේ එසේ, මෙසේ මිනිසෙකුගේ නිවෙස්නයක් නම් තුළින් නොවේ. එනම් එය මීට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණේ එංගලන්තයේ (මහා බි්‍රතාන්‍යයේ) වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ නිල නිවෙස්නය තුළිනි. වෙනත් බොහෝ රටවලදී මෙන් නොව, එංගලන්තයේදී රජයේ ‘ප්‍රධාන අමාත්‍යවරුන්’ හඳුන්වන්නේ ‘රාජ්‍ය ලේකම්’ යන තානාන්තරය හරහාය. එනම් මෙහිදී ‘බි්‍රතාන්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා’ යනු ‘බි්‍රතාන්‍ය රාජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා’ය. තවද එය එරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇති ඉහළම තානාත්තරයද වෙයි. එමෙන්ම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේද එය ඉතා උසස් තනතුරක් වෙයි.

මෙලෙස වත්මන් බි්‍රතාන්‍ය රාජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා වන්නේ මැට් හැන්ග්කොක් නමැති ඉතාමත් ප්‍රවීණ දේශපාලකයෙකි. දැනට 42 වැනි වියෙහි පසුවන ඔහු මෙයට දින කිහිපයකට ඉහතදී අපූරු ඇබැද්දියකට මුහුණ දුන්නේය. එනම් ඔහු තමන් යටතේ විධායක තනතුරක සේවය කරනු ලබන හිතවත් තරුණ කාන්තාවක් සමග ඔහු තම නිල කාර්යාලය තුළදී සිප වැලඳගත් සිදුවීමක් ගැන මුළු මහත් ලෝකයම දැඩි ආන්දෝලනයකට පත් කළේය. එම කාර්යාලය තුළ සඟවා තැබුණු එක්තරා රහසිගත කැමරාවක් හරහා මෙම දර්ශන පටිගත වී තිබිණි. කෙසේ හෝ මෙම දුර්ලභ දසුන් ප්‍රථම වතාවට ලොවට හෙළිකළේ එංගලන්තයේ ප්‍රකට, ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ‘සන්’ පුවත්පත මගින් වන අතර, එයට අදාළ සම්පූර්ණ වීඩියෝ දසුනද එම පුවත්පතට අනුයුක්ත වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත්කර තිබිණි. මෙම සිදුවීම එංගලන්තය පමණක් නොව මුළු මහත් ලොවම ගිනි තැබීමට හැකි සුවිශේෂී පුවතක් විය. එය එසේ වන්නට ප්‍රධාන හේතුව වූයේ, එංගලන්තය තුළ ඉතාමත් තදබල ලෙස කොවිඩ්-19 වසංගතයට අදාළ නීති, රීති තිබියදී එරට සෞඛ්‍ය ඇමැතිවරයාම (සෞඛ්‍ය ලේකම්) මෙලෙස එම නීති, රීති උල්ලංඝනය කිරීමය.

මෙම කාලය තුළ එංගලන්තයේ (මහා බි්‍රතාන්‍යයේ) තෙවැනි කොවිඩ් වසංගත රැල්ලද ආර්ම්භ වී ඇති හෙයින්, රට තුළ සංචරණ සීමා නීති, රීති සහ අනෙකුත් අදාළ සෞඛ්‍ය නීතිරීතිද පනවා තිබෙයි. මේ තත්ත්වය යටතේ පුද්ගල සිපගැනීම් පවා තහනම්ය. කෙසේ හෝ බි්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයාගේ සිදුවීමේදී මෙය සාමාන්‍ය සෙනෙහසක සිපගැනීමක් (කම්මුල් පමණක් සිප ගැනීම හෝ ස්පර්ශ කිරීම) ලෙස එරට රජය, මාධ්‍ය හෝ ජනතාව තක්සේරු කර නැත. එනම් මෙය එක්තරා ආකාරයක කාමුක හා රාගික දසුනක් ලෙසට එම පාර්ශ්ව ප්‍රකාශ කර ඇත. මෙහිදී එම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඔහුගේ විධායක අධ්‍යක්‍ෂවරිය ඉතාමත් තදබල ලෙස එකට වෙළී එකිනෙකාගේ දෙතොල් තදින් සිප ගනිති. එසේම ලේකම්වරයා මෙම තරුණ කාන්තාවගේ පසුපස නිතඹ පෙදෙසෙද ඉතා තදින් මිරිකන අයුරුද එම දර්ශනවලින් පැහැදිලිවම දක්නට හැකිය. තවද මෙම රාගික ක්‍රියාව මිනිත්තු කිහිපයක් පුරාද ගලා යන අතර, මෙහි අනෙක් බලවත් චෝදනාව වී ඇත්තේ මෙම යුවළ අදාළ ක්‍රියාව සිදු කරන්නේ සෞඛ්‍ය ලේකම්වරයාගේ නිල කාමරයේදී වීමය. ඒ හෙයින් මෙම සිදුවීම ඉතාමත්ම උච්ච තත්ත්වයේ රාජ්‍ය නීති, රීති උල්ලංඝනය කිරීමක්ද විය.

කෙසේ හෝ මෙම සිද්ධිය ඇති වී හෝරා කිහිපයක් ගතවන්නට මත්තෙන් බි්‍රතාන්‍ය සෞඛ්‍ය ඇමැති හෙවත් සෞඛ්‍ය රාජ්‍ය ලේකම් මැට් හැන්ග්කොක්ට සිදුවූයේ මහත් ඇබැද්දියකි. එනම් ඔහු වහා තමන්ගේ මෙම උසස් තනතුරෙන් ඉල්ලා අස්විය. ඔහුගේ අස්වීමේ ලිපිය බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වෙත ඉදිරිපත් කළ අතර, අගමැතිවරයා එය භාර ගත්තේය. මේ අනුව ඔහු කොවිඩ්-19 සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම යටතේ තම අමාත්‍ය ධුරය දමා ගෙදර ගියේය. රාජ්‍ය ලේකම්වරයා සමග මෙම ආදර හබයට පැටලුණු කාන්තාව වූයේ 43 හැවිරිදි ජීනා කොලඩැන්ජෙලෝ නැමැත්තියක් වන අතර, ඇය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම අධ්‍යක්‍ෂ ධුරයක් උසුලන්නීය. ඇය එම තනතුරට පත්කර ඇත්තේද රාජ්‍ය ලේකම්වරයා විසින් වන අතර, ඔවුන් දෙදෙනා අතර මෑතකදී සිට ආදර සම්බන්ධයක් පැවැත ඇත. මෙහිදී අනෙක් සුවිශේෂී කතාව වන්නේ, රාජ්‍ය ලේකම්වරයාද දරු තිදෙනෙකුගේ පියකු වීම සහ අදාළ අධ්‍යක්‍ෂවරියද දරු තිදෙනෙකුගේ මවක වීමය. කෙසේ හෝ ඇයද එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. එලෙස මොවුන්ගේ පවුල් ජීවිත හේතුවෙන්ද මෙම අර්බුදය මහත් අවමානයක් බවට පත්ව ඇත.

මැට් හැන්කොක්ගේ මෙම ප්‍රේම හුටපටයත් සමග දැන් උද්ගතවී ඇත්තේ අපූරුම ප්‍රශ්නයකි. එනම් මෙම රාජ්‍ය ලේකම්වරයාගේ නිල කාමරයේ කිසිදු දිනෙක සී.සී.ටී.වී. කැමරා තිබී නැති අතර, එතැනට රහසිගතව කැමරාවක් සවි කෙරුණේ කෙසේ දැයි යන පැනය දැන් උද්ගතවී ඇත. එනම් මෙම සිදුවීමත් සමග බි්‍රතාන්‍ය රජයේ තවත් උසස් නිලතල දරන දේශපාලකයන් රැසක්ම මහත් කලබලයට පත්ව ඇත. තමන්ගේ පවා විවිධ රහසිගත ක්‍රියාවන් මෙසේ රහසිගතව කැමරාවලට හසුකර ගනී දැයි ඔවුන් බියට පත්ව ඇත. ඒ හෙයින්ම මේ සිදුවීම ආශ්‍රිතව රහසිගතව කැමරාවක් සවි කළේ කෙසේ දැයි සොයා බැලීමට බි්‍රතාන්‍ය රහස් පොලිසියට පවරා ඇති අතර, දැන් නිල මට්ටමේ විමර්ශනයක් සිදු කෙරෙයි. එහිදී දැන් හෙළි වී ඇත්තේ රාජ්‍ය ලේකම්වරයාගේ නිල කාමරයේ ඇති දාම් (ගිනි) අනතුරු සංඥා නාද උපකරණයේ මෙම ඉතාමත්ම කුඩා කැමරාව සවිකර තිබුණු බැව්ය. මෙය ශත 05ක කාසියක ප්‍රමාණයේ, එහෙත් ඉතාමත් පැහැදිලි රූප ග්‍රහණය කරගත හැකි දිවා – රාත්‍රී කැමරාවක් බැව්, බුද්ධ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එහෙත් මෙය එතන සවිකළේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙලෙස බි්‍රතාන්‍ය රාජ්‍ය සෞඛ්‍ය ලේකම් ධුරය දරමින්ප සුගියදා මෙසේ ඉල්ලා අස්වුණු මැට් හැන්ග්කොක්, මෙම තනතුරට පෙර බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විවිධ රාජ්‍ය ලේකම් ධුර නොහොත් ප්‍රධාන අමාත්‍ය ධුර 07ක් දැරූ දක්‍ෂ දේශපාලකයකු විය. බලශක්ති, කර්මාන්ත, මාධ්‍ය, සංස්කෘතික, ව්‍යාපාර ආයෝජන, ව්‍යවසාය හා නිපුණතා සහ ක්‍රීඩා කටයුතු එම අමාත්‍යාංශයන් වෙයි.

මැට් හැන්ග්කොක් යනු ලෝකයේ අතිශයම කීර්තිමත් විශ්වවිiාල දෙකක් වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිiාලයේ සහ කේම්බි්‍රජ් විශ්වවිiාලයේද ගෞරව උපාධිධරයකුද වෙයි. කෙසේ හෝ මෙලෙස හසළ විද්වතකු මෙන්ම, ප්‍රකට දේශපාලකයකුද වූ ඔහු අද තහනම් ප්‍රේමය නිසා මහමගට වැටී ඇත. ඒ වුවද ඔහු තමන් අතින් සිදුවූ වරද ඉහමුදුණින් බාරගෙන රජයෙන්ද, පොදු ජනතාවගෙන්ද සමාව අයදිමින් තමන්ගේ උසස් පුටුවෙන් බැස ගියේය. කෙසේ හෝ රහසිගතව සිදුවූ ආදර ජවනිකාවක් වුවත්, ඔහු එය සිදුකළේ බි්‍රතාන්‍ය නිල රාජකාරී කාර්යාලයේදී වීම හේතුවෙන්, ඔහු කොවිඩ්-19 නීති, රීති දැඩි ලෙස උල්ලංඝනය කර ඇත. ඒ බැව් ඔහු පිළිගෙන ඇති අතර, ජනතාවගෙන්ද සමාව ගෙන ඇත්තේ ඒ හෙයිනි.

එංගලන්තයට පෙර ශ්‍රී ලංකාවේ කොරෝනා සිපගැනීම

‘එංගලන්තයේ එහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ’ යන ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ අපූරු ගීතයේ පදවැල් මතකයට නැඟෙන්නේ මේ මොහොතේදීය. අපගේ රටේදී ඒ කතාව මතකයට නැඟෙන්නේ, වත්මන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගිය කාලයේ කොරෝනා රෝගී චීන කාන්තාවක් සිපගත් දසුන සිහිවන විටදීය. ශ්‍රී ලංකාවෙන් පළමුවෙන් හමුවූ කොරෝනා රෝගියා වූයේ මෙම චීන කාන්තාවයි. මැදි වයසේ පසුවූ එම කාන්තාව අයි.ඩී.එච්. වසංගත රෝග රෝහලේදී ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවපත් වූවාය. ඇය නැවැත රෝහලෙන් බැහැරව යන විටදී කෙටි උත්සවයක් පැවැති අතර, එහිදී පැමිණි සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මෙම චීන කාන්තාව තමන්ගේ ආසන්නයටම ගෙන ඇයගේ නළල ඉතාමත් තදින් සිප ගත්තාය. ඒ අසලම වූයේ එකල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛi අනිල් ජාසිංහ මහතාය. කෙසේ හෝ සෞඛ්‍ය ඇමැතිනියගේ ළයාන්විත සිප ගැනීම දුටු එහි සිටි සියල්ලෝම සිනහමුසු මුහුණින් අත්පුඩි ගසන්නට වූහ. එකල ශ්‍රී ලංකාව තුළ ප්‍රබල කොවිඩ් රෝග අවදානමක් නොතිබි අතර, එහෙත් මාරක අනතුර දොරකඩ ළඟම සිටගෙන සිටියේය.

එසේ වුවත් ඒ වන විට ලෝකය පුරා රටවල් රැසක කොවිඩ්-19 මාරක වසංගතය බොහෝ සීග්‍රයෙන් පැතිරෙමින් තිබුණේය. ඒ හෙයින් කොරෝනා රෝගයට අදාළ නීති, රීති ලොව පුරා ප්‍රචලිතව තිබුණේය. එහෙත් අයි.ඩී.එච්. රෝහලේ සිදුවීමේදී සෞඛය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි කිසිදු මුව ආවරණයක් හෝ නොමැතිව චීන කාන්තාවගේ හිස තම දෙඅත්වලින් තදින් අල්ලා ගෙන තමන් ළඟට ගෙන, තමන්ගේ දෙතොල් ඇයගේ නළල මත තදින් තබාගෙන චීන කත සිප ගන්නා ආකාරය ඡායාරූප සහ වීඩියෝ දසුන්වලින් දක්නට හැකි විය. මෙම අවස්ථාවේදී චීන කත පමණක් මුව ආවරණයක් පැලඳ සිටි අතර, වෛi ජාසිංහ සහ අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලයද කිසිදු මුව ආවරණයක් පැලඳ සිටියේ නැත. කෙසේ හෝ මෙම සිදුවීම වන කාලයේදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය යැයි සැක සහිත පුද්ගලයන් කිහිප දෙනෙකුමද හමුවී තිබිණි. මෙලෙස ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්තව නොතිබුණු සමයකදී වුවද, එදා සෞඛ්‍ය ඇමැතිනිය සිදුකළ ක්‍රියාව යම් අයුරකින් පොදු කොවිඩ් නීතිරීති උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. එයට තර්කයක් නැත. කෙසේ හෝ එංගලන්තයේ සෞඛ්‍ය ඇමැතිවරිය ඉල්ලා අස්වුවත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයා නම් එදින හෝ මෙදින හෝ වෙනත් කිසි දිනෙක හෝ ඉල්ලා අස්වන්නේ නැත. එය සහතිකය.

‘මම කාලි, ඔබ වහනසේගේ අම්මා… මගේ ඖෂධයට ඇයි මට අවසර දුන්නේ නැත්තේ?’

පසුගිය කාලයේ අපේ රටේ අහිංසක මිනිසුන් කරවටක් කොරෝනා මාරයාගේ අඩවියේ ගිලී සිටියදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව නැටූ නොම්බර එකේ නාඩගමක් වන්නේ ‘ධම්මික පැණියේ නාඩගමයි.’ එම සමයේදී ලෝකයේ රටවල් රැසක් එන්නත්කරණයට යොමුවන විටදී, ශ්‍රී ලංකා රජය අනුග්‍රහය දැන්වූයේ ජනතාවට ‘ධම්මික පැණි’ පොවන්නටය. එය ආරම්භ වූයේ වත්මන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේම මුවින් වන අතර, ඇය තම දිවි ගලවා ගැනීම සඳහා ධම්මිකගේ පැණිය රස කර කර බිව්වාය. එතැනින් නොනැවැතුණු මෙම ‘පැණි බීම’ කතානායකවරයා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් රැසක් විසින්ම ගිල දැම්මේය. ඒ අතර, රජයට සම්බන්ධ බොහෝ විද්වත් මහාචාර්යවරුන් පවා විය. ඔවුන් තමන්ගේ මුව ආවරණ පවා ගලවා විසිකර දමා පැණි ගිල දැම්මේය. දේශීය වෙදකම ගැන කිසිදු අවබෝධයක් නැති ‘කාලි කපුවකු’ යැයි කියූ ධම්මික බණ්ඩාර නැමැත්තකු විසින් මෙම කොරෝනා පැණිය නිෂ්පාදනය කළේය. එකල මෙම පැණිය ප්‍රවර්ධනය සඳහා වත්මන් රජය කෙතරම් අනුබල දුන්නේද යත්, විශාල සේවක පිරිස් සිටින රාජ්‍ය ආයතනවලට පවා මුදල් ගෙවා පැණි මිලදී ගත්තේය. එලෙස ප්‍රධාන ආයතනයක් වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වූ අතර, එහි සිටින සේවකයන් 8,000ක පමණ පිරිසකට රජයේ මුදල්වලින් ‘ධම්මික පැණිය’ මිලදී ගත්තේය. මේ තත්ත්වය සැබැවින්ම ඇසින් දුටු සහ අත්දුටු වරායේ උසස් නිලධාරීන් මෙය මහා මුදල් කාබාසිනියක් යැයි කීවේය. කෙසේ හෝ මෙලෙස පැණි විකිණීමෙන් ‘කාලි කපුවාට’ රුපියල් කෝටි ගණනක මුදල් ලැබී කෝටිපතියකු බවටද පත්විය. කෙසේ හෝ අවසානයේදී මෙම කපුවාටද කොරෝනා රෝගය වැලඳුණු අතර, අද ඔහු ඉන්නා තැනක් ගැන දන්නේද නැත. මෙය සැබෑ ලෙසම රජයද මැදිහත් වූ විකට නාඩගමකි.

කොරෝනා යක්‍ෂයාට ජීවම් කළ පැන්කළ ශාන්තිකර්මයක්, රාජ්‍ය අනුග්‍රහයෙන්

ලෝකයේ රටවල් රාශියක් මාරක කොරෝනා වසංගතය නසන්නට බොහෝ විද්‍යානුකූල බුද්ධිමත් ක්‍රමවේද අනුගමනය කරද්දී, වත්මන් රජය මිථ්‍යා ක්‍රියාදාමයන් කෙරෙහි නිරපරාදේ තමන්ගේ කාලය වැය කළේය.

එලෙස සිදු කළ තවත් අතිශය අනුවණ ක්‍රියාවලියක් වූයේ, කොරෝනා රෝගය නැසීමට යැයි කියා ජීවම් කළ පැන් කළ විවිධ ගංගාවලට අතහැරීමය. ඒලියන්ත වයිට් නමැති ආධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරනවා යැයි කියූ පුද්ගලයකු විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදි. ඔහු වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයකු යැයි පැවසුණු අතර, ඉන්පසුව මොහුට ‘රාජකීය වෛද්‍යවරයා’ යන අන්වර්ථ නාමයක්ද එකතු වුණේය.

කෙසේ හෝ මෙම ඒලියන්ත වයිට් කිසිදු ආකාරයකින් වෛද්‍ය විද්‍යාව හැදෑරූ කෙනෙකු නොවන බවට එකල බොහෝ පාර්ශ්ව චෝදනා කළේය. ඒ වුවද මෙම රාජකීය වෛද්‍යවරයා තමන්ගේ විශ්ව ආධ්‍යාත්මික බලයෙන් කොරෝනා පරද්දන්න, තමන් විසින් සකස් කළ බලගතු පැන් කළ කිහිපයක් ගංගාවලට මුදාහරින බැව් ප්‍රකාශ කළේය.

මේ අනුව එම ක්‍රියාදාමයේදීද පෙරමුණ ගත්තේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිය.

ඇය විසින් මෙම එක් පැන් කළයක් ප්‍රථම වතාවට කළු ගඟට මුදාහරින ලදී. අමාත්‍ය උදය ගම්මන්පිල සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංගද මෙම ජීවම් කළ පැන්කළ දෙකක් කැලණි ගඟට මුදාහළේය. එයට අමතරව තවත් රජයට සම්බන්ධ විවිධ දේශපාලකයන් විසින් මෙම පැන් කළ දිවයිනේ විවිධ ගංගාවන්ට මුදා හළේය. එකල මෙම සිදුවීම ගැන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ මානසික වෛද්‍ය කපිල රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ඒලියන්ත වයිට් නමැති පුද්ගලයා සිදුකළේ මිථ්‍යාවක් බවත්, එහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත්ය. එමෙන්ම රටේ පාලකයන් පවා
මෙවැනි අන්ධ විශ්වාසයන් පසුපස දිවීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවත්, මෙම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

පසුගිය වසරේදී වරක් රාජ්‍ය සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ, එදිනෙදා කටයුතුවලදී පොදු ජනතාවට මුඛ ආවරණ පැලඳීම අනවශ්‍ය බැව්ය.

සෞඛ්‍ය කටයුතුවල නිරත සේවක පිරිස් පමණක් මුඛ ආවරණ භාවිත කළයුතු යැයි ප්‍රකාශ විය. මෙය සැබැවින්ම මහත් පුදුමයක් දනවන මතයක් විය.

කෙසේ හෝ ලොව රටවල් කොරෝනා මර්දනය කරගෙන ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව වළපල්ලට ගියේය. තවද එසේමය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජබ මන්ත්‍රී කණ්ඩායම හදිසි යෝජනා 2ක් සම්මත කරයි!

Next Post

ඒ පාර තෝර්ට නිව්මෝනියාව!

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.