• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දයි ශිරන්තියි දළදා වැඳ පුදා ගනී! (PHOTOS)

July 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්දයි ශිරන්තියි දළදා වැඳ පුදා ගනී! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගැනීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාත්, අගමැති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියත් අද පෙරවරුවේ මහනුවර බලා ගොස් සිටියහ.

ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා තබා තිබූ ෆේස්බුක් සටහන මෙසේය.

අද (04) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ, දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තෙමි.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණි මා සහ මගේ බිරිඳ පිළිගත්තේ, දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසිනි.

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආනමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනුනාහිමියන් බැහැ දුටුවෙමි.

මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුව ය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැක උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවෙමි.

අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තෙමි.

එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික, බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියෝ ද එහි වැඩ සිටියහ.අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනු නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තෙමි.

අනතුරුව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තෙමි.මෙහි දී මහවැලි ගඟට යාවන ගැටඹේ බෝධියේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මාගේ අවධානය යොමු විය.

මහවැලි අමාත්‍යංශය යටතේ අදාළ ඉදිකිරීම් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ඒ මොහොතේ ම රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට ලබා දුන්නෙමි. යුද හමුදා සහාය ඇති ව අදාළ පැති බැම්ම ඉදිකරන ලෙස ද මම දැනුම් දුන්නෙමි.

අවසානයේ අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත ගොස් මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ පරිවෙනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තෙමි.

මෙම ආගමික වතාවත්වලට රාජ්‍ය අමාත්‍යවරු වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

SendShareShare
Previous Post

හෙට හමුදා රෝහල්වදී 30ට වැඩි සියල්ලන්ටම දවස පුරා එන්නත!

Next Post

‘ප්‍රභාකරන්ට වෙච්ච දේ මතකද?’ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාධ්‍යවේදියෙක්ගෙන් අහලා! සජබෙන් දැඩි විරෝධය!

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.