• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුව ‌ගෙදරින් පන්නා දැමූ අසරණ අම්මයි තාත්තයි සතියක් මැදිරිගිරිය බස් නැවතුමේ…

July 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
දුව ‌ගෙදරින් පන්නා දැමූ අසරණ අම්මයි තාත්තයි සතියක් මැදිරිගිරිය බස් නැවතුමේ…
Share on WhatsAppShare on Facebook

තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීම නිසා අසරණ වූ මා පිය යුවළක් සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටිති.

අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ට ද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන මෙම යුවළ කෑම මෙන්ම ලබාගත යුතු බෙහෙත් ද නොමැතිව දැඩි ලෙස අසරණව සිටිති.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන් දියණියගේ කීම විශ්වාස කර ජිවත් වූ නිවෙස විකුණා දමා දියණියගේ නිවෙසට පැමිණි බවත්, දියණිය හා ඇගේ සැමියා නිවස විකුණීමෙන් ලැබුණු මුදල ද ලබාගෙන ඔවුන්ගේ නිවසින් පන්නා දැමූ බවත් එම මව පැවසුවාය.

ජේ.ඒ. සීලවති නැමති ඇය 69 හැවිරිදි වියෙහි පසුවන අතර ඇගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා කුලියක් හෝ කර ගත නොහැකි බව ද ඇය සඳහන් කළාය.

තමන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් ඇය මෙසේ පැවසුවාය.

”අපේ දුව අම්මවයි තාත්තවයි අපි බලා ගන්නම් මුල් ඉඩම විකුණලා සල්ලි ටික දෙන්න කියලා 2019 අවුරුද්දේ පෙබරවාරි 4 වන දින කිව්වා. මට ඉන්න ඒකම දරුවා ඇය නිසා මම ඒ ඉඩම විකුණලා රුපියල් ලක්ෂ 6 දුන්නා.අපිත් දුවව විශ්වාස කරලා මැදිරිගිරියට ආවා. ඒ ආපු හැටියේම දුව අම්මයි තාත්තයි දැනට ගෙයක් කුලියට අරගෙන යන්න කිව්වා. ඉතිං අපි කුලියට ගෙවල් ගණනාවකම හිටියා. හිටි හැටියේම මගේ මහත්තයා වකුගඩු රෝගියෙක් වුනා. ඊට පස්සේ අපිට කුලී ගෙවා ගන්න මාරු වුණා.

කර කියා ගන්න දෙයක් නැති තැන අපි මැදිරිගිරිය පොලිසයට ගියා. පොලිසියෙන් අපිව දුවගේ ගෙදරට ගෙනිහින් දැම්මා. ඒ ගිහින් දාපු දවසට පහුවදාම මගේ දුවයි දුවගේ මහත්තයයි දෙන්නා අපිට ‘බැහැපියව් දොට්ට’ කියලා පන්නා දැමුවා. පිටිපස්සේ දොරෙන් අපේ බඩු එළියට වීසි කළා. අපි දෙන්නා පහුගිය 4 වෙනිදා අපේ රෙදි කඩමළුත් අරගෙන යන ඒන මං නැතිව ඒ ගෙදරින් එළියට බැස්සා. යන්න තැනක් තිබුනේ නැති නිසා අපි මැදිරිගිරියේ බස් නැවතුමේ නතර වුනා.

කුස ගින්න දැනුනත් කන්න දෙයක් ගන්නවත් අතේ සතේ තිබුනේ නෑ. මගේ කුසින් වදපු දුවට වඩා ගුණයහපත් මිනිස්සු මේ නගරේ හිටිය නිසා ඔවුන් අපිට කන්න බත් පැකට් ගෙනත් දුන්නා. මමයි මගේ මහත්තයයි දුව ලැබුනට පස්සේ ගොඩක් සතුටු වුනා. දුව මගේ සල්ලිත් අරගෙන සැපපහසුවට ගෙයක් හදාගෙන ඒයාගේ දරුවොත් ඒක්ක සතුටින් කාලය ගතකරනවා. පවු නෑ පුතේ මගේ කිරි ටික දීලා උස් මහත් කරපු මගේ දරුවට කවදාවත් වරදින්න ඒපා. අම්මෙක් විදිහට මම කවදාවත් අපිට කරපු දේට සාප කරන්නේ නෑ.” ඇය කියන්නීය.

අපේ මහ ඉඩම තිබුනේ මීගමුවේ මිනුවන්ගොඩ ගුවන් හමුදා කදවුර ඉස්සරහයි. දුවට සල්ලි හදිස්සි කිව්ව නිසා ගොඩාක් අඩුවට තමයි ඒ ගේ විකුණන්න වුනේ. ගේ විකුණපු සල්ලි ටිකත් අරගෙන බඩුත් පටවාගෙන අපි මැදිරිගිරියේ දුව බලන්න ආවා. දුව අපිට කුලියට ඉන්න කිව්වත් අපි එදාවත් දුවට වචනයක්වත් කිව්වේ නෑ. මම අද රටේ ඉන්න සියළුම දෙමවුපියන්ට කියන්නේ වැදුව දරවටවත් ජීවිත බුක්තිය නොතියා ඉඩ කඩම් දේපල වස්තුව ලියලා දෙන්න එපා. එහෙම වුනොත් ඒදාට අම්මා තාත්තට යන ඒනමං නැතුව මහ මගට බහින්න වෙනවා.” යැයි ද ඇය කීවාය.

-ලංකාදීප

SendShareShare
Previous Post

ලංකාවේ අපරාධකාරයන් තුන්දෙනෙක් ඉන්දියාවේදී මාට්ටු!

Next Post

එන්න ඔන්න මෙන්න තියෙද්දී දයාසිරිගෙන් බැසිල්ට ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.