රනිල් සමග එක්ව මහබැංකු බැදුම්කර වංචාවෙන් මිලියන 25000ක මුදලක් සොයාගත් අර්ජුන් ඇලෝෂියස් මේ වනවිට රාජපක්ෂවරුන් සමග ඩීල් එකක් දමමින් මෙන්ඩිස් සමාගමේ මිලියන 1500ක බදු නොගෙවා යළි බලපත්‍රය රැගෙන නිෂ්පාදන කටයුතු ආරම්භ කොට ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ අදාළ බදු මුදල් ගෙවීම සදහා අවුරුදු 2ක කාලයක් ඇලෝෂියස් විසින් මුදල් අමාත්‍යංශයෙන් ලබාගෙන ඇති බවකි.
එම බදු මුදලෙන් ජුලි 21 වන විට මිලියන 100ක්, එනම් කෝටි 10ක් ගෙවිමට එකග වී ඇති බවත් ඉතිරි මිලියන 1400 ගෙවීමට අවුරුදු 20 කාලයක් ලබා දී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයකුට මෙවැනි ආකාරයේ බදු සහන හිමි නොවන බව කී සමරසිංහ මහතා දැන් ඇලෝෂියස්-රාජපක්ෂ ඩීල් ආරම්භ වී ඇති බවද කියා සිටියේය.
හරිනම් මේ වනවිට ඇලෝෂියස් සිටිය යුත්තේ හිරේ බව කී සමරසිංහ මහතා ඔහු රාජ්‍ය බැංකු දෙකට පමණක් බිලියන 7කට ආසන්න මුදලක් ගෙවිය යුතු බවද සදහන් කර සිටියේය.










