අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සීමා කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ජංගම දුරකතන, ශීතකරණ, විදුලි උපකරණ, සුවද විලවුන්, ආලේපන, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදී භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයන කිරීම සීමා කිරීමට සැලසුම් කර ඇති බව පැවසේ.
ලංකාවෙන් පිටතට ඇදී යන මුදල් ප්‍රමාණය අවම කරගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
දැනට පවතින විනිමය අර්බූදය සමතයකට පත්වීමෙන් පසු මේ සීමාකිරීම් ලිහීල් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.










