• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහේන්ද්‍රන් නැගිටියි! සල්ලි ගහ හොල්ලයි!! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 3, 2021
in Exclusive, Gurudawa
Reading Time: 12 mins read
A A
මහේන්ද්‍රන් නැගිටියි! සල්ලි ගහ හොල්ලයි!! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘සුබ මොහොතින් අර්ජුන් ඇලෝෂියස්ගේ අරක්කු කොම්පැනිය යළි පටන් ගනී…’

මේ පසුගිය සතියේ සමාජ මාධ්‍ය හොල්ලපු නිවුස් එකය.

‘රනිල් පාර්ලිමේන්තු ආවේ ගිය සතියේ. හරියටම මේ සතියේ අර්ජුන් ඇලෝෂියස් ආණ්ඩුවට බදු නොගෙවා අරක්කු කම්පැනිය පටන් ගන්න ලයිසන් එක ගත්තේ කොහොමද..?

‘රනිල්ව පාර්ලිමේන්තු යැව්වේ ඇලෝෂියස්ද..?’

‘රනිල්ගේ කතාව හරි ෂෝක් කියල සමාජ මාධ්‍යවල කැම්පේන් ගෙනිච්චේ අර්ජුන් ඇලෝෂියස් සල්ලි වීසි කරලාද..?’

මේ රනිල්ගේ පාර්ලිමේන්තු කතාව ගැන මාධ්‍ය කරපු වර්ණනා, ලිව්ව කතුවැකි ගැන ලංකාවේ කීර්තිමත්ම බැංකුකරුවා වන ව්‍යාපාර කළමනාකරණයේ ප්‍රමුඛයා වන රියන්සි විජේතිලක ලිපියක් ලියා තිබුණි.

‘රනිල්ගේ පාර්ලිමේන්තු කතාව අගයමින් මාධ්‍ය, රනිල්ගේ ආගමනය ගැන අනවශ්‍ය මාධ්‍ය සංදර්ශනයක් නිර්මාණය කර තිබේ. ඇතැම් මාධ්‍ය රනිල්ගේ ආගමනයට ප්‍රසිද්ධිය දෙන්නේ ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර ජීවියෙක්ව ලොකු කර පෙන්වන්නට වගේය. රනිල් ඇතුළත් වන මොනම හෝ සන්ධානයක් නොවරදින දුර්ගන්ධයක් විය හැකි යැයි මා ඔට්ටු අල්ලන්නේ බැඳුම්කරය සහ පලා ගිය අර්ජුන් මහේන්ද්‍රන් රනිල්ගේ ළඟම මිත්‍රයා වන නිසාය…’

රනිල් පාර්ලිමේන්තු ආපු ජුනි 23 කොළඹ පුරා රනිල්ගේ පෝස්ටර් ගහල තිබුණි. මේ පෝස්ටර් බල බලා යන ත්‍රීවීල්කාරයෙක් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය.

‘කෝ… සර් දැන් අර අර්ජුන් මහේන්ද්‍රන්…’

ඔහු ඇහුවේ මුහුණු ආවරණය තරමක් පහතට අදිමින්ය. වාහන ඝෝෂාව මැද පිටුපස වාඩි වී සිටි මගියාට එය ඇසේවි දැයි සැකයෙන් ඔහු ඇහුවේ මහ හඬිනි.

‘ඔව්… ඉතින් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිදියගෙන ඉද්දි, කේ.පී.ව ගෙන ආවා වගේ රෑට ගිහින් කුදලාගෙන එනවා කියලනේ මේ ආණ්ඩුව කිව්වේ…’

මගියා උත්තර දුන්නේ ඕනෑවට එපාවටය.

‘ඒ කාලයේ පත්තරයක් බැලුවොත් මුල් පිටුවේ අර්ජුන් මහේන්ද්‍රන්. මහින්ද මහත්තයලගේ කට්ටිය වචන දහයක් කතා කළොත් එක වචනයක් අර්ජුන් මහේන්ද්‍රන්. ටී.වී. එක බැලුවත්, රේඩියෝ එක ඇහුවත් අර්ජුන් මහේන්ද්‍රන්. අර්ජුන් මහේන්ද්‍රන්, රනිල් මහත්තයා හංගගෙන ඉන්නවා කියලනේ කිව්වේ. කෝ එදා රනිල් මහත්තයා පාර්ලිමේන්තු ආවා. ආණ්ඩුවේ එකෙක්වත් ඇහුවද කෝ බොල අර්ජුන් මහේන්ද්‍රන් කියල. රනිල් මහත්තයා එන කොට අත්පුඩි ගහල ජය වේවා කියලත් කිව්වේ..’

මේ ත්‍රීවීල්කාරයා රස කර කර කී කතාවය.

‘කෝ එදා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු හොරාව රනිල් රටින් පැන්නුවා කියල ලියපු, කියපු පත්තර, ටී.වී. දැන් රනිල් මහත්තයාව ඉන්ටවීව් කරනවා. එකෙක් අහනවද රනිල් මහත්තයාගෙන් කෝ අර්ජුන් මහේන්ද්‍රන් කියල. ඉස්සර අගමැති කාලේ නම් රනිල් මහත්තයා ඔහොම ඉන්ටවීව් දුන්නේ නැහැනේ. දැන් යූ-ටියුබ්වලටත් දෙනවානේ. කෝ ඔය එකෙක් බැඳුම්කර හොරකම ගැන අහනවද..?’

ත්‍රීවීල්කාරයා තවත් රස කරකර කියාගෙන යයි. මගියා බැහැල යන්න ගියේය. මේ මගියා මාධ්‍යවේදියෙක් බව ත්‍රීවීල්කාරයා දැන හිටියේ නැත. මාධ්‍යවේදියා මාධ්‍ය කන්තෝරුවට ගිය හැටියේ මාධ්‍ය ලොක්කෝ ඉදිරියේ ත්‍රීවීල්කාරයා කිව්ව කතාව කිව්වේ රඟපාමින්ය.

‘ඇත්තටම ඇයි සර් දැන් බැඳුම්කරය ගැන අපේ මාධ්‍යයෙන්වත් කතා කරන්නේ නැත්තේ..?’

මාධ්‍යවේදියා ඇහුවේ අසරණ ලීලාවෙන්ය.

‘මොන පිස්සුද? රනිල් එන්නේ විපක්‍ෂය කඩල ආණ්ඩුව ශක්තිමත් කරන්නනේ. බැඳුම්කරය ඇද්දාම වැටෙන්නේ රනිල්නේ…’

මේ මාධ්‍ය ලොක්කා ඇඟට පතට නොදැනී කී කතාවය.

ඇත්ත කතාවත් මේකය. 2016 ඔක්තෝබර් 31 එවකට විපක්‍ෂය වූ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු 11ක් ෆයිල් කවර කිහිල්ලේ ගහගෙන අල්ලස් සහ දූෂණ කොමිසමට ගියහ.

‘බැඳුම්කර වංචාවට අගමැති රනිල්ගේ සම්බන්ධය විභාග කරන්න යැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂය අල්ලස් කොමිසමට…’

මේ එදින එම පුවත වාර්තා වූ ආකාරයය.

‘මහේන්ද්‍රන් එක්ක මහ බැංකුව මංකොල්ල කාපු රනිල් වික්‍රමසිංහව ගේන්න ඕනෑ කොමිසමට නෙවෙයි. එයාව යවන්න ඕනෑ හිර ගෙදරට. අපි ආපු ගමන් එයාට ජම්පර් අන්දලා යවන්නේ හිර ගෙදරට…’
විමල් වීරවංශ – 27-11-2017

“බැඳුම්කරයෙන් වුණු පාඩුව රුපියල් බිලියන 1000යි. අගමැති රනිල් වහාම ඉවත් වී සාධාරණ පරීක්‍ෂණයකට ඉඩ දිය යුතුයි…’
බන්දුල ගුණවර්ධන – 31-10-2016

‘මේ මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ. එයා අගමැති පුටුවේ ඉන්නකන් මේ හොරකම හොයන්න බැහැ. එයා අගමැති පුටුවේ ඉන්න ඕනෑ කෙනෙක් නෙවේ. හිරේ ඉන්න ඕනෑ කෙනෙක්…’
මහින්දානන්ද අලුත්ගමගේ – 21-11-2017

දැන් මේ ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට එරෙහිව 2018 විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ බැඳුම්කර වංචාවේ මහ මොළකරු රනිල් යැයි කියමින්ය. එහෙව් ඒකාබද්ධ විපක්‍ෂයේම මන්ත්‍රිවරුම අද ඇමැතිවරු වී ජුනි 23 රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන විට මේසයට ගසමින් අත්පොළොසන් දුන්නේ වීරයෙක් එනවා වගේය. 2019 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ මැතිවරණයේදීත් දුරකතර ගෙවාගෙන ඡන්ද පොළට ගිහින් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගහපු ඡන්දදායකයන්ගේ ප්‍රධානතම ඉල්ලීමක් වූයේ බැඳුම්කරයේ මහමොළකරු අල්ලා හිරේ දමන්න කියාය. 2019ට කලින් පොදුජන පෙරමුණ කීවේ බැඳුම්කරයේ මහ මොළකරු රනිල් කියාය.

‘කෝ අර්ජුන් මහේන්ද්‍රන්?’
කෝ බොන්ඩ් සල්ලි’
ලැජ්ජා නැද්ද…’

එදා ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු මෙවැනි වැකි සහිත කාඩ්බෝඩ් කෑලි උස්සාගෙන යකා නටනු ඇතැයි පොදුජන පෙරමුණට ඡන්දය දුන් ඡන්දදායකයෝ සිතූහ.

හැබැයි රනිල්ගේ පාර්ලිමේන්තු ගමනින් පවුල් දෙකත් සැනසෙන බව ඔවුන් දන්නේ නැත. එක පවුලක් රාජපක්‍ෂ පවුලය. අනෙක් පවුල අර්ජුන මහේන්ද්‍රන් පවුලය.

‘යූ.ඇන්.පී.ය හිටියේ සිරිකොත පඩි ගෙවා ගන්න බැරිව. හැබැයි රනිල් පාර්ලිමේන්තු එන එකට පෝස්ටර් ගහන්න කටවුට් ගහන්න සෝෂල් මීඩියා කැම්පේන් කරන්න සල්ලි වීසි කළේ පුදුම විදියට…’

මේ සිරිකොතට යන එන යූ.ඇන්.පී.කාරයන්ම කියන කතාවය. බැඳුම්කරය යට ගහගන්න නම් රනිල්ව ශක්තිමත් කොට ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරවිය යුතු බව අපේ කාටත් වඩා හොඳින් අර්ජුන් මහේන්ද්‍රන් දනී. ආණ්ඩුවේ කඩාවැටීමයි, ආණ්ඩුවේ අර්බුදයි වහගන්න සජිත්ගේ විපක්‍ෂය දුර්වල කරන්න නම් රනිල්ව ශක්තිමත් කළ යුතු බව රාජපක්‍ෂවරු දනී.

රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් සිය මංගල කතාවේම කීවේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ආණ්ඩුව මෙහෙය විය යුතු බවය. ආණ්ඩු විරෝධී ජනතාව ඉල්ලන්නේ අගමැතිත්, ආණ්ඩුවත් අසමත් නිසා විපක්‍ෂයේ අලුත් ආණ්ඩුවකි. රනිල් පාර්ලිමේන්තු ඇවිත් කියන්නේ අද රටට ඕනෑ අගමැති සහ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන මහින්දගේ ආණ්ඩුවක් බවය. රනිල් මේ කතාව කිව්වේ එදා නොවේ. පහුගිය මැයි 11ත් වීඩියෝවක් මුදා හරිමින් රනිල් මහින්දට ආණ්ඩුව බාර ගන්න කියා මේ කතාවම කීවේය. ඒත් මහින්දට රනිල්ව පාර්ලිමේන්තුවට ගෙනැවිත් මේ කතාව කියවගන්න ඕනෑ විය. රනිල්ගේ ගෙදරටම ගිහින් පාර්ලිමේන්තු එන්න යැයි මහින්ද කීවේ ඒ නිසාය.

ඔහු කී කතාව හරිය. රනිල්ගේ පාර්ලිමේන්තු ගමනත්, අතුරලියේ රතන හිමිගේ පාර්ලිමේන්තු ගමනත් අතර වෙනසක් නැත. 2020 මහ ඡන්දයෙන් රනිල් තමාගේ බළකොටුව වන කොළඹින් ගත්තේ ඡන්ද 22,000ක් වැනි ගණනක්. ඒ ඡන්දයෙන් යූ.ඇන්.පී.ය ආවේ 5 වැනි තැනටය. ඒ කියන්නේ,

1 පොදුජන පෙරමුණ

  1. සමගි ජනබලවේගය
  2. ජනතා විමුක්ති පෙරමුණ
  3. දමිළ ජාතික සන්ධානය
  4. එක්සත් ජාතික පක්‍ෂය වශයෙනි.

ඒ ඡන්දයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගයෙන් තරග කොට මනෝ ගනේෂන් ඡන්ද 62,091ක් ගත්තේය. රනිල්ට මනෝ ගත්ත ඡන්දවලින් හරි අඩක්වත් ගන්න බැරි වී ඇත. යූ.ඇන්.පී.ය කොළඹ දිස්ත්‍රික්කයෙන්ම ගත්තේ ඡන්ද 30,875කි.

2020 මහ මැතිවරණය
ස.ජ.බෙ අඩුම මනාප ගෙන තේරීපත් වූ මන්ත්‍රී මනෝ ගනේෂන් – 62,091
යූ.ඇන්.පී.යේ වැඩිම මනාප ගත් රනිල් ගත්තා යැයි අනුමාන කළ හැකි ඡන්ද ප්‍රමාණය – ඡන්ද 22,000

‘ඒ වුණාට අලියා 1956 ඡන්දෙත් මෙහෙම වැටුණා… වැටිලා නැඟිට්ටා…’

‘70දිත් මෙහෙම වැටුණා…’

මේ දේශපාලනය හෝ ලංකාවේ මැතිවරණ ඉතිහාසය නොදන්නවා යැයි සිතිය හැකි යූ.ඇන්.පී.කාරයන් කියන කතාවය.
ඒත් රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන ඉතිහාසය පිළිබඳ පුස්තකාලයකි. ඔහු ඒ පිළිබඳ විශේෂඥයෙකි. ඔහුත් පසුගියදා ස්වර්ණවාහිනියට ඇවිත් මේ කතාවම කීවේය.

‘යූ.ඇන්.පී.ය 1956 මේ විදිහටම වැටුණා. 60 නැඟිට්ටා. 1970 මේ විදිහටම වැටුණා. 77 නැඟිට්ටා…’
රනිල් වික්‍රමසිංහ
‘ඉර – ස්වර්ණවාහිනිය’

රනිල් නම් වූ මේ දේශපාලන වියතා 1956 සහ 1970 මහ මැතිවරණය පැවැත්වූයේ කේවල ක්‍රමයට නොහොත් ආසන ක්‍රමයට බව නොදැන සිටීම පුදුමයකි. 1956 මහ මැතිවරණයේ යූ.ඇන්.පී.ය ආසන 8ක් ගත්තේය. ඡන්ද ප්‍රතිශතය 27.9%කි. 1977 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී.ය ආසන 17ක් ගත්තේය. ඡන්ද ප්‍රතිශතය 37.91%කි. 1970 ආසන 91ක් ගත් ශ්‍රීල.නි.ප.ය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 36.86%කි. ජේ. ආර්. කේවල ක්‍රමය වෙනස් කොට සමානුපාතික ඡන්ද ක්‍රමය ගෙන ආවේ යූ.ඇන්.පී.යට වැඩි ඡන්ද ප්‍රතිශතයක් තියෙන නිසා ඡන්ද ප්‍රතිශතයට අනුව ආසන බෙදන ක්‍රමයක් හඳුන්වා දෙන්නටය. ඒ ක්‍රමය යටතේ යූ.ඇන්.පී.ය 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වී එකදු ආසනයක්වත් දින්නේ නැත. හිමි වූයේ ජාතික ලැයිස්තු ආසනයකි. ඡන්ද ප්‍රතිශතය 2.15%කි. 2020ට පෙර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ යූ.ඇන්.පී.ය ලොකුම පරාජය ලැබුවේ 2010 මහ මැතිවරණයේදීය. ඒත් ආසන ගණන 51කි. ඡන්ද ප්‍රතිශතය 29.34%කි.

‘අනේ ඉතින් මේ 2.15% න්ද යූ.ඇන්.පී.ය ආණ්ඩු හදන්න යන්නේ…’

මේ ටික රනිල්ටත් වඩා හොඳින් අර්ජුන් මහේන්ද්‍රන් පවුල දන්නවා විය යුතුය. රනිල්ව ගෞරවාන්විතව විශ්‍රාම යවනවාට වඩා සල්ලි ගහ හොල්ලලා රනිල්ව තියාගෙන රනිල් ලව්වා ආණ්ඩුවෙන් වැඩ කර ගැනීම මරු යැයි ඔවුන් හිතනවා විය යුතුය. රනිල් පාර්ලිමේන්තු ගිහින් සතියෙන් ඇලෝෂියස්ලාට හොද්ද බොර වෙන්නේ ඒ නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මුරුත්තෙට්ටුවේ හිමි ජනපති හමුවෙයි! හෙද වර්ජනයට විසදුම් ලබා ගනී!

Next Post

පුත්තලමට ‘හුස්ම ගන්න’ සජිත් ලක්ෂ විසිතුනහමාරක උපකරණ දෙයි! (PHOTOS & VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.