මේ වනවිට ව්‍යාපාරික කටයුතු සදහා විවෘත කර ඇති අබුඩාබියේ දැවැන්ත සාප්පු සංකීර්ණවලට පාරිභෝගිකයන් ඇතුල් කර ගැනීමේදී කොරෝනා ආසාදිතයන්ද නැතිද යන්න හදුනාගැනීම සහා නවතම මෘදුකාංගයක් හදුන්වා දීමට පියවර ගෙන ඇත.
EDE scanners නමින් හැදින්වෙන මෙම මෘදුකාංගය ජංගම දුරකතනය හරහා ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නිර්මාණය කොට තිබේ.
එහිදී වෙළෙදසැලට පැමිණෙන පාරිභෝගිකයන් ක්ෂණික පිරික්සීමකට බදුන් වන අතර තත්පර කිහිපයකින් ඔහු හෝ ඇය කොරෝනා අසාදිතයකුද යන්න එහි සටහන් වේ.
මෙය ඉතා පහසු සහ වේලාව ඉතිරි කරන උපකරණයක් බව සාප්පු සංකීර්ණ හිමිකරුවෝ පවසති.










