රජයේ වෛද්‍ය නලධාරීන්ගේ සංගමයේ නිලවරණය අන්ත දූෂිත ආකාරයෙන් පැවැත්වූ බවට එහි ලේකම් ධූරය සදහා තරග කළ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා විසින් මාධ්‍ය වෙත ලිපයක් යොමු කොට ඇත.
එම ලිපිය මගින් ඒ මහතා පෙන්වා දෙන්නේ නීති විරෝධී ආකාරයට සහ ව්‍යවස්ථා විරෝධී ආකාරයට මෙම නිලවරණය පැවැත්වීමට වෛද්‍ය සංගමය පියවර ගෙන ඇති බවකි.
ඒ සදහා බලපා ඇති කරුණු රැසක්ද අතපත්තු මහතා සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මෙහිදී මියගිය අයට පවා ජන්ද පත්‍රිකා යවා ඇති බවත්, මිටි පිටින් විවිධ නිලධාරීන් ලබා පත්‍රිකා පුරවාගෙන ඒවා කුරියර් ක්‍රමයට ගෙන්වාගෙන ඇති බව ලෙන්වා දී ඇත.
මේ පිළිබදව දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුව සහ කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව එම ලිපියේ සදහන්ය.
ඒ අනුව අතපත්තු මහතා ඉල්ලා සිටින්නේ ඔන්ලයින් ක්‍රමවේදය අනුව නැවත වතාවක් නිලවරණය පවත්වන ලෙසටය.










