• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැරදුණාද-වැරැද්දුවාද-ගේමක් ගැහුවද? කොරෝනා අස්සේ ගණන් වැරදුණු ගණන්කාරයෝ!

June 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
වැරදුණාද-වැරැද්දුවාද-ගේමක් ගැහුවද? කොරෝනා අස්සේ ගණන් වැරදුණු ගණන්කාරයෝ!
Share on WhatsAppShare on Facebook

කොවිඩ් නිසා මුළු රටම කලබල වෙලයි ඉන්නේ. ඒ සම්බන්ධව දේශපාලකයෝ වගේම විවිධ මට්ටමේ රාජතාන්ත්‍රික නිලධාරීනුත් විවිධාකාරයෙන් කලබලයට පත්වෙලා ඉවරයි. ඒකට හේතුව වෙන්නේ බොහෝ දෙනෙක් මේකට වගකියන්න ඕනේ කියලා විවිධාකාරයෙන් චෝදනා එල්ලකරන නිසා. රටේ ඉහළම පුටුවේ ඉඳලා නිලධාරින්ගේ යම් කිසි පහළ අදියරක් දක්වාම මේ අවස්ථාවේදී නොසැලකිලිමත් වුණා කියලා බොහෝ දෙනෙක් චෝදනා කරනවා. එහෙම තත්ත්වයක් යටතේ තියෙන කොට තමයි පහුගිය දවසක හදිසියේම කොරෝනා මරණ සංඛ්‍යාව දිනකට එකසිය එකක් දක්වා ඉහළ යන්නේ. ඒ ලංකාවේ පළමු වතාවට කොරෝනා මරණ සියය ඉක්මවා ගිය අවස්ථාව.

මේ එකසිය එකක් දක්වා ඉහළ යාමත් එක්ක රට අරින්න සූදානමින් හිටියත් වහාම නැවත වතාවක් සංචරණ සීමා දීර්ඝ කරන්න තීරණය වෙනවා. මේ තීරණය වීමත් එක්ක මරණ සංඛ්‍යාව සම්බන්ධව විශාල කලබලයක් රටේ ඇති වෙනවා. මේ මරණ සම්බන්ධව ඇතිවෙන විශාල කලබලය රටේ ජනාධිපතිවරයා දක්වාමත් එක සේ බලපානවා. මේ බලපෑමත් එක්කම, ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයා හොයා බැලූ බව තමයි කියන්නේ. ජනාධිපතිතුමා පසුගිය දවසක ප්‍රසිද්ධියේ මාධ්‍යයට කිව්වේ මේ විදියට තමන් මරණ සම්බන්ධව හොයලා බලන කොට ඒ මරණ අතර එක මරණයක් පහුගිය පෙබරවාරි මාසයේ සිද්ධ වූ මරණයක් බව. ඒ ආදාහනයත් පෙබරවාරි මාසයේම අවසන් වුණා කියලා කියනවා. එක මරණයක් අප්‍රේල් මාසයේ සිද්ධ වූ මරණයක් බවත් ඔහු කියනවා.

මේ විදියට පෙබරවාරි මාසයේ, අප්‍රේල් මාසයේ සිද්ධ වෙච්ච මරණ මේ මරණ ලැයිස්තුවට දාලා මරණ සංඛ්‍යාව එකසිය එකක් බව කියලා රටේ ජනතාව බයකිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම කියනවා. ඒ අතරතුරේ ජනාධිපතිතුමා කියනවා “මම මේක නොබැලුවා නම් කිසිම කෙනකුට මේක අහුවෙන්නෙ නැහැ. විවිධාකාරයේ එක්ස්පර්ට්ලා ඉන්නවා. ඒත් ඒගොල්ලෝ කවුරුත් මේක දන්නේ නෑ” කියලා. ඒ චෝදනාව ඉතා බරපතළ සහ ඉතා භයානක චෝදනාවක්. ඒකට හේතුව වෙන්නේ මේ සියලු දෙනාම ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සහ ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව පත්වුණු නිලධාරීන්. මුළු ලෝකෙම කොවිඩ් නිසා බයට පත්වෙලා ඉන්න බොහෝ රටවල විශාල වශයෙන් කොවිඩ් නිසා මරණ සිද්ධ වුණු කාලයක මේ විදිහට නොසැලකිලිමත් නිලධාරීන් රටේ බරපතළම ව්‍යසනය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පත් කළා නම්, ඒ පත්කිරීමම මහා භයානක දෙයක්. ඒකට හේතුව වෙන්නේ ඔවුන් අතරින් සිද්ධ වෙන්න පුළුවන් එකම වරද මරණ සංඛ්‍යාව වැරැදියට සංඛ්‍යා ලේඛනගත කිරීම පමණක් නොවෙන නිසා. ඒ අය අතින් තව කොච්චර වැරැදි වෙන්න පුළුවන්ද කියන එක ගැන අපට ආයේ ආයේ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. ඒකට හේතුව වෙන්නේ කොවිඩ් සම්බන්ධව රෝගීන් හඳුනා ගැනීම, රෝගීන් හමුවුණු තැන්වල ආශ්‍රිතයන් හඳුනාගැනීම, කොවිඩ් වැඩිපුර පැතිරෙන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම හෝ සංචරණ සීමා පැනවීම, ඒ වගේම කොවිඩ් එන්නත්කරණය පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීම ආදී සියල්ල සිද්ධවෙන්නේ මේ අය අතින්. මේ විදිහට පෙබරවාරි මාසයේ සිද්ධ වුණු කොරෝනා මරණයක් ජුනි මාසයේ දවසක මරණ ලැයිස්තුවට එකතු කරපු නොසැලකිලිමත් නිලධාරීන් තව මොන තරම් නොසැලකිලිමත් දේවල් සිද්ධ කළාද කියලා අපි දන්නේ නෑ.

ඒ නිලධාරීන් නොසැලකිලිමත්ය කියන්න ගිහිල්ලා අපි අතින් ඒ වගේ නිලධාරීන්ට අසාධාරණයක් වුණා නම් සමාවෙන්න. සමහර විට ඔබ නොසැලකිලිමත් නොවෙන්න පුළුවන්. ඒත් රටේ ජනාධිපති ජනාධිපතිවරයා ඔබට ඇඟිල්ල දික් කළාට පස්සේ ඔබ නොසැලකිලිමත් කියලා, ඒ වගේම රටේ ඔබේ අංශයෙන් ඒ කියන්නේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානියෙක් ඔබ කූට උපක්‍රමකරුවන් බවට චෝදනා කළාට පස්සෙ අපිට මාධ්‍යවේදීන් විදිහට මේ කිසිවක් නිවැරැදි කරන්න පුළුවන් කමක් නෑ. පාදෙණිය කියලා කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින මනුස්සයා. ඔහු ජනාධිපතිතුමන් ඉදිරියේදී කියනවා පැහැදිලිවම මෙතැන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා වෛද්‍ය නිලධාරීන් කූට ලෙස, උපක්‍රමශීලී ලෙස මේ සංඛ්‍යා ලේඛන වැරැදියට හදනවා කියලා කියනවා නම් අපි තව කාගෙන් අහන්නද? අපට විශ්වාස කරන්න තියෙන්නෙ ඔවුන්ව. අපේ රටේ මේ යන ක්‍රමවේදය මොකක්ද කියලා අපට තේරෙන්නේ නැහැ. ආණ්ඩුව ඛනිජ තෙල් මිල වැඩි කළාට පස්සේ ආණ්ඩුවේ ප්‍රධානියෙක් විදිහට ආණ්ඩුව නියෝජනය කරන සාගර කාරියවසම් මහත්තයා ලියුමක් යවනවා ආණ්ඩුවේ ඇමැතිට, ඔහුගේ මේ මිල වැඩිකිරීමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොහොට්ටුව අකැමැතියි කියලා. එතකොට ගම්මන්පිල මහත්තයා වේදිකාවට ගොඩවෙලා කියනවා එදා ඒ ලියුම එවලා තියෙන්නේ සාගර කාරියවසම්. මේ මිල වැඩිකිරීම සඳහා ජනාධිපති, අගමැති ඇතුළු සියලු දෙනාම එකතුවෙලා අනුමැතිය දුන්නා කියලා. මේ විදිහට ‘අන්තෝ ජටා – බහි ජටා’ කියලා කියන්න ගියාට පස්සේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා මේ කිසිම කාරණාවක් අපට හරියට තේරුම් ගන්න බැරි තැනට අද රට ඇවිල්ලයි තියෙන්නේ.

කොහොම නමුත් එදා සංඛ්‍යාලේඛන වැරැදියට ඉදිරිපත් කළා, නම් මැරුණු කට්ටිය වැඩියි කියලා පෙන්නලා මොකක් හෝ අසාධාරණකමක් කරන්න උත්සාහ කළා නම් රටට හෝ ජනතාවට ඒක ඉතාම නරකයි. ඒකට හේතු වෙන්නේ මේ එහෙම කරන කාලයක් නොවෙන නිසා. බොහෝ දෙනෙක්ට අවශ්‍ය වෙලා තියෙන්නේ තමන්ගේ දේශපාලන උවමනාවන්, දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්න. මේ විදිහට දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරනවා නම් අපට ඒ ගැන හෙවිල්ලෙන් බැලිල්ලෙන් ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතු වෙන්නේ මේ සෙල්ලම් කරන්නේ අපිත් එක්ක නිසා. අපේ ජීවිතත් එක්ක නිසා. ඒ වගේම තවත් අපූරු කතාවක් තියනවා. මේක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. මේක ඔප්පු කළා කියලා නැත්නම් මෙහෙම දෙයක් වුණාය කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. දැන් කොරෝනා මරණ එකසිය එකක් සිද්ධ වෙච්ච දවසෙ සිද්ධ වුණේ වැරැද්දක් නම් ඊළඟ දවස්වල මොකක්ද මේ වෙලා තියෙන්නේ? පහුගිය දවස් කීපයේම කොරෝනා මරණ සංඛ්‍යාව හතළිහ ඉක්මවා ගියා. එක දවසක හතළිස් පහක්, තවත් දවසක පනස් ගණනක්, ඊයේ දිනයේ දී ඒ කියන්නේ මේ ලියන දිනයට පෙර දිනයේදී කොරෝනා මරණ සංඛ්‍යාව හැත්තෑව ඉක්මවා යනවා. එතකොට මේ හැත්තෑව ඉක්මවා ගියේ කලින් වාර්තා වූ මරණවලින්ද? එහෙමත් නැත්නම් ඒ දවසේදී වාර්තා වූ මරණවලින්ද කියලා අපට අහන්න කෙනෙක් නැති වුණාට අපි ඔහේ අහනවා. පුළුවන් කෙනෙක් ඉන්නව නම් අපට උත්තර දෙන්න.

ඒ වගේම මේ කොරෝනා මරණ සම්බන්ධව වාර්තා කිරීමේදී වෛද්‍ය සුදත් ඇතුළු පිරිස මේ ඉදිරිපත් කරන්නේ වාර්තා වූ දිනයේදී මේ මරණ ඉදිරිපත් කිරීම මිස මේ ඉදිරිපත් කරන්නේ ඊයේ දිනයේ සිදුවූ මරණ වන බව නිතරම කිව්වා. ඒක අපි දන්නේ නෑ, ඔහු කියපු දේ වැරැදිද එහෙම කියන එක වැරැදිද, එහෙම කියන්න ඔහුට පුළුවන්කමක් නැද්ද කියන එක. නමුත් මේ විදිහට විවිධ අදහස් ඉදිරිපත් කරන්නේ වෛද්‍යවරු. නමුත් ඒ වෛද්‍යවරු ඉදිරිපත් කරන අදහස් වරැදි නම් මේ කොරෝනා සම්බන්ධව තීන්දු ගැනීමේ අවස්ථාව කාටද අපි දෙන්නේ? ලෝකයේ බොහෝ රටවල ප්‍රධානීන් නැත්නම් සෞඛ්‍ය බලධාරීන් කියන්නේ අපේ රටවල කොවිඩ් සම්බන්ධව තීන්දු ගැනීමේ නිදහස සෞඛ්‍ය අංශවලට අපි දීලා තියෙනවා කියලා. හැබැයි සෞඛ්‍ය අංශවලට එහෙම නිදහස දුන්නට සෞඛ්‍ය අංශවලට අවශ්‍ය කරන පහසුකම් ලොකුවට ලැබිලා නැහැ. සංඛ්‍යාලේඛන වරද්දලා කවුරු හරි කාව හරි නොමග යවන්න උත්සාහ කරනවා නම් ඒ නොමග යෑම නිසා අසරණ වෙන්නේ අපි බව අපි ඔබට ඉතා කාරුණිකව මතක් කරනවා. ඒකට හේතු වෙන්නේ අපේ රටේ බොහෝ දෙනකුට අද එදා වේල හොයාගන්න බැරි තැනකට මිනිස්සු අසරණ වෙලයි ඉන්නේ.

මිනිස්සු කරගෙන ගිය ජීවනෝපායන් සම්පූර්ණයෙන් නතර වෙලා. ඒවා කවදා ලැබෙයිද, ඒවා කරන්න පුළුවන් වෙයිද, ඒ ඒ ආයතනවලට පඩි ගෙවීමේ හැකියාව තියෙනවාද, මේවා අපටම හිතන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න. හැබැයි අපි තවමත් දේශපාලනය පස්සෙන් යනවා. ඇත්තටම දේශපාලකයෝ මේ කියන්නේ ඇත්ත නම් දේශපාලකයන් එකඟ නොවෙන පරිදි රාජ්‍ය නිලධාරීන් බොරු කරලා නම් වහාම ඔවුන්ව මේ රාජ්‍ය සේවයෙන් පලවා හරින්න. එහෙම කරන්න නීතියක් නැත්නම් නීතියක් හදලා හරි එහෙම කරන්න. බොරු කියපු අයව එල්ලන්න. බොරු කියපු අයට දඬුවම් කරන්න. රට නොමග යවන්න උත්සාහ කළා නම් කවුරු හරි කෙනෙක් ඒ නොමග යවන්න උත්සාහ කරපු කෙනාව පිටකොටුවේ බෝධියේ එල්ලන්න.

ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කතාව බොරුවක් නම්, මේක සම්පූර්ණ වංචාවක් නම්, මේක දේශපාලන උපායක් නම් ඒ කියන්නේ තමන් වෙත එල්ල වෙන චෝදනාව ආණ්ඩුවට හෝ විපක්ෂයට බිඳ හෙළිය නොහැකි තරම් ප්‍රබලව එල්ල වෙනවා නම් ඔබ තව පාරක් හිතන්න. මේ රට අපේ. මේ රට ඔබේ නෙවෙයි. ඔබ මේ රටේ පාලකයන් මිස ඔබ මේ රටේ අයිතිකරුවන් නෙවෙයි. ඒ නිසා කොවිඩ් මරණ සම්බන්ධව හෝ මොන ප්‍රශ්නයක් සම්බන්ධව හෝ හිතුවක්කාර විදිහට තීරණ ගැනීම ඉතාම වැරැදියි. ඒකට හේතු වෙන්නේ ඔබ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක නිසා. ඔබට අපේ ජීවිත වටින්නේ නැති වුණාට, අපිට, අපිට ආදරය කරන මිනිසුන්ට අපේ ජීවිත මිල කරන්න බැරි තරම් වටිනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මරණ 45ක්! සමස්ත මරණ 3030යි!

Next Post

දරුවෙක් තනිවම ලක්ෂ දෙකහමාරක මාලයක් උස්සයි! පොලිසියටත් හොයාගන්න බැරිවෙයි!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.