ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කර නිවාස ආශ්‍රිතව කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ වී ඇත.
ඒ සදහාම ‘1390’ ඍජු දුරකථන ඇමතුම් අංකයක් හදුන්වා දී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් දිනපතා දුරකථන මගින් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව, රෝග ලක්ෂණ නොමැති හෝ රෝග ලක්ෂ අවම රෝගීන් ඔවුන්ගේ අවදානම් තත්ත්වයන්, නිවෙස්වල රැදී සිටීමේ හැකියාව, අවට ප්‍රදේශයේ තත්ත්වය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් මුල් කර ගනිමින් රෝහල් වෙත යොමුකරන තෙක් නිවසේ රඳවා ගැනීම සිදුකෙරෙනු ඇත.










