• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරෙන් කරන්න ගිය තිස්ස වැවේ චීන සටන!

June 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හොරෙන් කරන්න ගිය තිස්ස වැවේ චීන සටන!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට විදේශීය හමුදා බලපෑම් එල්ලවීම පිළිබඳ පසුගිය කාලය පුරා දැඩි ආන්දෝලනයක් දක්නට තිබිණි. ඒ පිළිබඳ කතාබහ උත්සන්න වූයේ එම්. සී. සී. ගිවිසුම සාකච්ඡා වූ සමයේදීය. එවකට විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු සඳහන් කළේ එම්. සී. සී. ගිවිසුම හරහා ඇමෙරිකානු හමුදාවට මෙරටට ඇතුළුවීමේ ඉඩ ප්‍රස්තාව හිමිවන බවය.

විදේශීය හමුදා බලපෑම් පිළිබඳ කතාබහ වර්තමානයේදී නැවත වරක් ආරම්භ වී ඇත්තේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටින විදේශීය ජාතිකයන් පිරිසක් තිස්සමහාරාම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කට අයත් තිස්සමහාරාම වැව ඉදිකර ඇත්තේ ක්‍රි.පූ. යුගයේදීය. එහි ආරම්භකයා මහානාග රජු හෝ යටාලතිස්ස රජු වියහැකි බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය වී ඇත. එමෙන්ම එහි ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ සමය දක්වා දිවයන බවටද විශ්වාසයක් ඇත.

වසර දහස් ගණනක් පුරා රුහුණු රට සෞභාග්‍යමත් කළ තිස්සමහාරාම වැවෙන් පසුගිය කාලය පුරා නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වූයේ එහි රොන්මඩ තැන්පත් වීම හේතුවෙනි. නැවත වරක් පැරැණි ශ්‍රී විභූතිය රුහුණු රටට ලබාදීම සඳහා මෙම වැවේ රොන්මඩ ඉවත්කොට ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

වසර දහස් ගණනකට පෙර දේශීය ඉංජිනේරු වික්‍රමයෙන් නිර්මාණය වූ මේ ඓතිහාසික වැව ප්‍රතිසංස්කරණය බාරදී තිබුණේ චීන සමාගමකටය. වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අදාළ දැන්වීම් පුවරු චීන භාෂාවෙන් පවා ප්‍රදර්ශනය කර තිබූ අතර එම උත්සව අවස්ථාව චීන භාෂාවෙන් ඇමතීමට චීන ජාතිකයන් කටයුතු කරන ආකාරයද මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

මේ වන විට කතාබහට ලක්වී ඇති කැලැ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම මුල්වරට දැකගත හැකි වූයේද එම අවස්ථාවේදීය. වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා ගමන් කළ ඔරුව පැදවූයේද එම ඇඳුම ඇඳගත් පුද්ගලයෙකි.
වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු දියත් වීමත් සමඟ එහි වැඩකටයුතුවල නිරත බොහෝ දෙනකු එක හා සමාන ආකාරයෙන් එම ඇඳුම ඇඳ සිටින ආකාරය දැක ගත හැකි විය. මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමඟ ඊට වහා පිළිතුරු ලබාදීමට චීන තානාපති කාර්යාලය කටයුතු කරන ආකාරයද දැකගත හැකි විය. එහිදී එම ඇඳුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ අදාළ ඇඳුම කිසිදු ලෙසකින් චීන හමුදාවට සම්බන්ධ එකක් නොවන බවය. එමෙන්ම එවැනි ඇඳුම් අන්තර්ජාලය හරහා ඕනෑම කෙනකුට මිලදීගත හැකි බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

නමුත් ප්‍රශ්නය වන්නේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් බාහිර සමාජයේදී භාවිත කිරීම මෙරට නීතිය යටතේ තහනම් කර තිබීමය. මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සඳහන් කළේ එවැනි ආකාරයේ ඇඳුම් ඇඳීම මෙරට නීතිය යටතේ තහනම් වන බවය.

ලෝකයේ ඇතැම් රටවල පිරිමි පුද්ගලයන්ට හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය කර ඇත. එබැවින් එවැනි රටවල හමුදා ඇඳුමද සාමාන්‍යකරණය වී ඇත. සියලු දෙනාම හමුදා පුහුණුව ලබන බැවින් සාමාන්‍ය සමාජයේදී හමුදා ඇඳුම ඇඳීමද සාමාන්‍ය කාරණයකි. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය බොහෝ සෙයින් වෙනස් එකකි. මෙරට හමුදා නිලධාරියෙකුට පවා නිවාඩු කාල සීමාවේදී හමුදා ඇඳුම් ඇඳීම කළ නොහැක. හමුදා පුහුණු ඇඳුම් ඇඳ මහා මාර්ගයේ ගමන් කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත් වූ බොහෝ දෙනකු අපේ සමාජයෙන් සොයා ගත හැකිය. අඩුම තරමේ තම සොහොයුරාගේ පුහුණු ඇඳුම හෝ ඇඟලාගෙන මාර්ගයේ ගමන් කිරීම නීතිය ඉදිරියේ බරපතළ වරදකි.

කැලෑ හමුදා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටින පිරිසක් තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණයේ නිරතවී සිටීම දැඩි ආන්දෝලනයක තුඩු දී ඇත්තේ ඒ නිසාය. ඇතැම් විට එය කිසිසේත්ම හමුදාවකට සම්බන්ධ ඇඳුමක් නොවන්නට පුළුවන. නමුත් ප්‍රශ්නය වන්නේ ඒ හරහා මෙරට නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක් වීමය.

මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ ප්‍රචාරය වනතුරු කිසිවකු මේ සම්බන්ධයෙන් කතාබහ නොකිරීමද විශේෂත්වයකි. විපක්ෂයේ සිටියදී ඇමෙරිකානු හමුදා පිළිබඳ බිය පළකළ දේශපාලනඥයන් අද සිටින්නේ ආණ්ඩු පක්ෂය තුළය. තම රජයේ ඇමැතිවරුන් ඉදිරියේ පවා මෙම විදේශිකයන් හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටීම පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු නොවීමද පුදුමයට කරුණකි.

කෙසේ වෙතත් මාධ්‍ය ඔස්සේ කරුණු හෙළිදරව් වීමත් සමඟ මේ පිළිබඳ බුද්ධි අංශ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද දැන ගන්නට ඇත. ඒ හරහා සිදු වී ඇත්තේ කුමක්දැයි යන්න හෙළිකර ගත හැකි වනු ඇත. එමෙන්ම ඒ පිළිබඳ රටේ ජනතාව දැනුවත් කිරීමද බලධාරීන්ගේ වගකීම විය යුතුය. නීතිය එක හා සමානව ක්‍රියාත්මක නොවීමෙන් පිළිඹිබු වන්නේ රටේ පාලනයේ අසාර්ථකත්වය වන බවද මතක් කළ යුතුය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවේ විශාල අඩුවක් අගරදගුරු පදවියෙන් පෙන්වා දෙයි! (VIDEO)

Next Post

කොරෝනා රෝගීන් ගෙදර තියාගෙන ෆෝන් එකෙන් පරීක්ෂා කරන සිස්ටම් එකක් හදයි!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.