ජනාධිපතිවරයා සිය මිරිහාන නිවසේ සිට රූපවාහිනියෙන් තමන් කළ ජාතිය ඇමතීමේ කතාව නරඹන බවට වූ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ ජායාරූපය සංස්කරණය කළ එකක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මීට පෙර මෙහි සැබෑ ජායාරූපය 2020 ජුලි 02 වන දින ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවියේ ‘ගෝඨා ගෝඨාව තහනම් කරයි’ යන හිසින් යුතුව පළ වී තිබිණ.
2020 ජුලි මාසයේ අප මෙම ඡායාරුපය පළ කළේ 2020 මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබු බව දැක්වෙන පුවතකටය.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් පසු කිසිවකු විසින් මෙම ජායාරූපය සංස්කරණය කොට ඇති අතර එය අද සන්ඩේ ටයිමිස් පුවත්පතේ මුල් පිටුවේම පළ කිරීමට පියවර ගෙන තිබිණ.












