ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින මූල්‍ය අර්බූදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතන්නේ නම් ඒ සදහා සහාය වීමට තම ආයතනය සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.
එම සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී මෂීරෝ නොසාකි මේ බව ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
නමුත් ආණ්ඩුව පැත්තෙන් මෙතෙක් ඒ පිළිබද කිසිදු ඉල්ලීමක් ඉදිරිපත්ව නැති බවද දැනගන්නට තිබේ.










