නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් පුද්ගල මළසිරුර හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ තාවකාලිකව කුලී නිවසක පදිංචිව සිටි කට්ටඩියෙකු ලෙස කටයුතු කළ 54 හැවිරිදි අයෙකුගේ බව හඳුනාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මෙම පුද්ගලයා කුලි නිවසේ වසරක පමණ කායලක් සිය අනියම් බිරිඳ සමඟ පදිංචිව සිට ඇති නමුත් ඔහු හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවද අනාවරණය වී තිබේ.
සොයාගත් සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබූ බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.










