මරණ දඩුවම හිමිව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අද (24) දින බොහෝ දුරට ජනාධිපති සමාවක් ලැබෙනු ඇති බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කොට තිබේ.
ඒ සදහා අවශ්‍ය නීති කටයුතු සම්පුර්ණ කර ඇති බව එම පුවත්පත අනාවරණය කොට තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මගින් ඒ මහතා ඇතුලු තවත් කීප දෙනකු වැරදිකරුවන් වීමෙන් පසු 2016 සැප්තැම්බර් මාසයේදී දුමින්ද සිල්වා සිරගත කෙරිණ.










